උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොලිස්පති දේශබන්දු ජනපති නියෝගත් කුණු කූඩයට දමලා

Spread the love

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිල ශරීර ආරක්ෂකයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පසුගියදා සේවයෙන් විශ්‍රාම ගියේය.ඔහු විශ්‍රාම යාමට පෙර  සේවා දිගුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනපති ලේකම් සමන් රත්නායක හරහා පොලිස්පති දේශබන්දු  වෙත ඒ සඳහා ඉල්ලීමක් යොමු කරන ලදී.එහෙත් පොලිස්පති දේශබන්දු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවේය.ජනපතිවරයා පොලිස්පතිගෙන් ඒ පිළිබඳව විමසීය.

“..සර් එයා නැතුවට කමක් නැහැ මම වෙනත් පොලිස් නිළධාරියෙක් ඒ සඳහා යොදවන්නම්…” පොලිස්පති දේශබන්දු පැවසුවේ ජනපතිවරයා තඹ දොයිතුවටකට ගණන් නොගනිමිනි.

ජනපතිවරයා කේන්තියෙන් පුපුරමින් එතැනින් නැගිට ගියේය.නියෝජ්‍ය   පොලිස්පති ජයසිංහ විශ්‍රාම යන දිනයේ ජනපතිවරයා හමුවී සමුගන්නට ගිය අවස්ථාවේ ජනපතිවරයා පැවසුවේ අපූරු කතාවකි.

“ජයසිංහ තමන්ට විරුද්ධව ටිරාන් එක්ක දේශබන්දු ගේම ගැහැව්වා…”  ජනපති පැවසුවේ ඒ කතාවය.

රටේ ආරක්ෂක ඇමති ජනපතිවරයාය.

එහෙත් ටිරන් දේශබන්දු ඩබල මේ වන විට ජනපතිවරයා ගේ බල ආධිපත්‍යයෙන් මිදී අමුතුම මාදිලයේ බලපුළුවන්කාර කමක් ගොඩ නගා ගෙන ඇතැයි සැකයක් මෙි සිද්ධිය තුළින් මතු වේ.ජනපතිවරයා මේ මදාවිකාරයන් දෙදෙනාට බය වී ඇත්තේ මක් නිසාද යන්න ඊළඟ ප්‍රශ්ණයයි.මේ වන විටත් ජනපතිවරයා හා රාජපක්ෂ පවුල අතර ආරවුලක් මතු වී ඇතැයි යන්න දේශපාලන ලෝකයේ අහු මුළු වලින් අසන්නට ලැබේ.ටිරාන් දේශබන්දු ඩබල ජනපතිවරයා මායිම් නොකරන්නේ එම ආරවුලේ දිගුවක් නිසා වන්නට පුළුවන.

පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස්පති දේශබන්දු ප්‍රකාශයක් කරමින් පැවසුවේ මෙරට ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවය.පොලිස්පතිවරයා රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇතැයි ප්‍රකාශ කරන විට යුද හමුදාපති වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලැජ්ජාවක් ඇති නොවන්නේ නම් එය බරපතල කාරණයකි.එපමණක්ද නොවේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකමි කමල් ගුණරත්න පොලිස් පතිවරයා ගේ මේ ප්‍රකාශය ගැන වග උත්තර බැඳිය යුතුය.

ටිරාන් අලස් ඉදිරි ජනපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටින බවට දැන ගැන්මට තිබේ. යුක්තියේ මෙහෙයුම නම් සංදර්ශනය එහි අඩිතාලමක් වන්ටත් බැරි නැත.

නුමුත් අපට වැ⁣ටහෙන ආකාරයට ටිරාන් හා දේශබන්දු ඩබල දැන් ඉන්නේ බල උන්මාදයෙනි.ඉතා සරලව පවසනවා නම් මුන් ⁣දෙන්නාටම අධෝ මුඛයේ සිටම පිස්සුය. මේ පිස්සුවට බෙහෙත් නැත.

බලය නිසා මෙරට  දේශපාලන ලෝකයේ මේ ආකාරයටම පිස්සු වැටුන වුන් අනන්තවත් සිටි බව දන්නෝ දනිති. එහෙත් ඒ මානසික ආබාධිතයන්ගේ අවසානය ලියවුනේ ඛේදජනක ආකාරයෙන් බව සිහිපත් කළ යුතුය. 


Spread the love

You may also like