උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඇත්තටම රනිල් හාමුට පිස්සුද ඕයි

Spread the love

අද දින පැවැති ජාත්‍යන්තර රේගු සැමරුම් උත්සවයට අද (26) සහභාගි වූ ජනපතා රනිල් වික්‍රමසිංහ අපූරු කතාවක් පවසා තියෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමට පෙර රට ගොඩ නගන විදිය ගැන සැලැස්මක් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර යුතු බවය.⁣රනිල් උන්දෑ මෙහිදී එම සැලැස්ම ඉදිරිපත් කළ යුත්තේ කාටද යන්න පවසා නැතත් එය ඉදිරිපත් කළ යුතු වන්නේ ඔහුට බව අපට සිතා ගත හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝම්බර් මාසය වන විට මෙරට ජනපතිවරණය පවත්වා අවසන් විය යුතුය.ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය ජනපතිවරයා සතුය.

එහෙත් අප දැන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය ගැනය.එය ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ඕනෑ එපා කම් වලට හිලව් කර ගත හැකි ව්‍යාවස්ථා ප්‍රතිපාදනයක් නොවේ.

නමුත් ජනපතිවරයා අද කර ඇති ප්‍රකාශය කර ඇත්තේ රෝයල් විද්‍යාලයේ ප්‍රින්සිපල් හිතන විදියටය.ඒ කියන්නේ ජනපතිවරණයක් පැවැත්වීමට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් විසින් තමන් බලයට පත් වුව හොත් රට ගොඩ නගන ආකාරය ගැන  ජනපතිවරයාට පෙන්වා දිය යුතුය.

ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට අපට කියන්නට තියෙන්නේ අම්මට උඩු කියාය.දැන් විපක්ෂය රට ගොඩ නගන හැටි ජනපතිවරයාට පෙන්වා දීම නොකළහොත් මෙරට ඡන්දයක් පවත්වන්නේ නැති බව ජනපති වික්‍රමසිංහ අදහස් කරගෙන සිටින බවක් වැඩිමනත්ව මේ ප්‍රකාශයෙන් හැඟවෙි.

විධායක ජනපති ධුරයෙන් උන්මාදය වැළඳී සිටින මේ මහළු උන්දෑට පිස්සු බෙහෙත් නොදුනහොත් මේ රට මහා විනාශයකට ගොදුරු වන බව නම් නිසැකය.  


Spread the love

You may also like