උණුසුම් පුවත් උණුසුම් පුවත්

අළුත්ම නාට්‍යය මිහින්තලයේදී වේදිකා ගත වේ

Spread the love

අළුත්ම නාට්‍යය වන “මිහින්තලේ ජංජාලේ” දැන් මිහින්තලයේදීී වේදිකා ගත කර  තිබේ.මේ නාට්‍යයේ මිහින්තලයේ විහාරාධිපති හිමියන් චොප්පෙට ඇඳ සිටී.රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පිටියට බැස ඇත්තේ මේ සාදු චොප්පේට එරෙහිවය.දැන් සටන ඇරඹී ඇත්තේ දතට දත ඇහැට ඇහැ ලෙයට ලෙය සීන් එකෙන්ය.

රාජ්‍ය ආරක්ෂක ඇමැත්තා සිතා  සිටින්නේ ආරක්ෂක හමුදාව උගේ අම්මාගේ අප්පාගේ බූදලයක් විදියටය. මිහින්තලේ හාමුදුරු උන්නැහේ හිතන්නේ තමන් මාරම සයිස් එකේ කෙරුමෙක් බවය.දෙන්නාම වරද්දාගෙන තියෙන්නේ ඔන්න ඔය හීනි ආතල් එක නිසාය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්න කෝන්ගේ පුත්‍රයාය.ඒ දවස්වල මෛත්‍රීපාල සිරිසේනගේ අඹ යාළුවාය.ඒත් සිරිසේන ජනපතිවරණයට තරග කරන්නට එලියට ආ දවසේම අඹ යාළු කම කුණු බක්කියට දැමූ ජනක බණ්ඩාර රාජපක්ෂ සාටකයට වසන් විය.දැන් කරපු කියපු දෑ වල විපාක විඳිමින් සිටින ජනක බණ්ඩාරට උගුරේ පිලිකාවකි.

යුද්ධය පැවැති දිනවල නාවුක හමුදා බස් රථවලට දඹුල්ලේ දිගන්පතන හන්දියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය.ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණයේදීී අනාවරණය වී තිබුණේ එම මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි එල්ටීටී ත්‍රස්තවාදීන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් අතර සම්බන්ධයක් පැවැති බවය.එහෙත් ඒ හෙළදරව් වීමත් සමගම ජනපතිනි චන්ද්‍රිකා⁣ බණ්ඩාරනායකගේ නියෝගයෙන් ඒ තොරතුරු යටපත් කෙරිණි.අද රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වී ඇත්තේ එහෙව් අප්පාගේ පුතාය.මේ වන විට  රාජ්‍ය ආරක්ෂක ඇමැතියාට ආරක්ෂාව සපයනු ඇත්තේ හමුදාව විසින් විය හැකිය.එහෙත් ඒ හමුදාවේ අයවළුන් තමන් ආරක්ෂාව සපයන්නේ රණවිරුවන් විශාල පිරිසක් අමු අමුවේ ඝාතනය සඳහා අත් උදව් සැපයූ   ජාතිද්‍රෝහියෙකුගේ පුත්‍රයකුට බව තවමත් නොදන්නා බව නිසැකය.

පොලීසියේ සේවයට බැඳෙන විට අප්පා සීයා මී මුත්තා කිරකිත්තා කිරි කෑ මුත්තාගේ පැටිකිරිය ගැන පසු විපරම් කෙරේ.එහෙත් මේ වන විට වැඩ බලන පොලිස්පතිකම දී ඇත්තේ නඩු පෝලිමක් ඇති චුදිතයකුටය.රාජ්‍ය ආරක්ෂක ඇමතිකම දී ඇත්තේද ජාතිද්‍රෝහී පැටිකිරියක් ඇති එකෙකුටය.

මෙවැනි අපරාධකරුවන් ඒ ඒ තනතුරු වලට පත් කිරීමෙන්  තමාට මැරෙනතුරු ජනපති වී සිටින්නට හැකි වෙනු ඇතැයි රනිල් ව්ක්‍රමසිංහ මහල්ලා සිතා ගෙන සිටිනවා වෙන්නට බැරි නැත. 

මිහින්තලයේ හාමුදුරු උන්නැහේට තමන් ඝාතනය කරන්නට සැලසුමක් ඇතැයි කියන සැකයක් මතුවීම සාමාන්‍ය දෙයකි.එය තමන්ගේ කෙරුවාව මහ විශාල යැයි සිතා⁣ගෙන සිටින ආතල් හීනය නිසාය.හාමුදුරු උන්නැහේ වැඩකරන්නේද හිතන්නේද කයිවාරු ගහන්නේද  චීවර ලෝගුවේ බල පුළුවන්කාර කම ඇතුලේය.ඒ බල පුළුවන්කාර කම අස්සේ දේශපාලනයද තිබේ.

මේ වන විට හමුදා බුද්ධි අංශ පාලනය කෙරෙන්නේ රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ මෙරට අනීතික ඝාතනයන් පිළිබඳ චෝදනා ලද හා සම්බන්ධ වූ බුද්ධි අංශ නිළධාරින්ගෙන් බව අපට තොරතුරු ලැබී තිබේ.මොවුන් සියළුම දෙනා දැන් සිටින්නේ දැඩි තිගැස්මෙනි.ඉදිරිිිියේදී මෙරට සිදු විය හැකි දේශපාලන වෙනස්කම් තුළ 

රාජපක්ෂවරුන්ගේ අනීතික නියෝග ඔස්සේ සිඳුකරන ලද අපරාධ වලට තමන්ට දඬුවම් විඳීමට සිඳුවිය හැකි බවට මොවුන් දනී.මෙම ඇතැම් නිළධාරීන්ට විදේශගත වීමටද නොහැකි වී ඇත්තේ ජාත්‍යන්තර යුද අපරාධ කරුවන් ලෙස හංවඩු වැදී ඇති හෙයිනි.

එහෙත් ඇතැම් යුදහමුදා බුද්ධි නිළධාරීන් තවමත් සිතා ගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සදාකල් පවතිනු ඇත යන්නය.රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කෙල වෙන්නට ඇත්තේ තව ඉරිදාවන් තිහක් පමණක් බව මේ බුද්ධි මහත්වරුන් සිතා ගත්තේ නම් හොඳය.ඇඟට පතට ගුණය.දරු මල්ලන්ට වැලිකඩ ගේට්ටුව ගාව තපින්නට සිඳු නොවනු ඇත.ඒ නිසා රනිල් රාජපක්ෂ මිල්ටරි එහෙයියන් කරන කියන අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට සැලසුම් හැදීම හා ඒ තුළ බිහිසුණු අපරාධ සිදු කිරීමට යම් අදහසක් පවතී නම් ඒ ගැන දෙවරක් කල්පනා කරන එක හොදය.   

අප එසේ ලිව්වේ මිහින්තලේ හාමුදුරු උන්දෑ තමන් ඝාතනයට හමුදා භටයන් යොදා ඇතැයි කියන චෝදනාව පදනම් කර ගනිමිනි.එසේ චෝදනාවට ලක් වූ හමුදා භටයන් දෙදෙනෙකු එහි රැඳී සිටිය බවටද මේ වන විට හෙළි වී තිබේ.දැන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඒ ගැන පවසන්නේ එම හමුදා භටයන් දෙදෙනා යොදවන ලද්දේ මිහින්තලා සිද්ධස්ථානයට යන එන වන්දනාකරුවන් කන බොන පඩින  රෙන හැටි හොයන්නට බවය.මේ සෙවිල්ල අමුතුම හැඩයේ සෙවිල්ලකි.

එවැනි සෙවිල්ලක් අස්සේ මිහින්තලේ හාමුදුරු උන්දෑට සැකයක් ඇතිවීම සාධාරණය.රටේ තොටේ මේ තාක් කල් දේශපාලනිකව සිද්ධ වී ඇති ඝාතන වැල ගැන කල්පනා කළ විට එම සාධාරණ කම තවත් තහවුරු වේ.

කෙසේවෙතත් හාමුදුරු උන්දෑගේ චෝදනාවත් සමගම රාජ්‍ය ආරක්ෂක ඇමතියා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වා ඇත්තේ මිහින්තලයේ රඳවා සිටි දෙසීය පනහකට ආසන්න භට කණ්ඩායම හකුලවමිනි.අපට මතක් වන්නේ ජනාධිපති ජේආර් උන්දෑ සිටි කාලයේ ගැටඹේ විහාරාධිපති සමග ඇතිවූ ආරවුලකය පන්සල වට කර කටු කම්බි ගැසීමේ සිද්ධියයි.ජේආර් ගේ බෑණාගේ ආණ්ඩුව දැන් කර ඇත්තේද ඒ සමාන කෙරුවාවකි.

මේ සිදුවීම රටේ ජනතාව අධෝවාතයක් තරම් වත් ගණන් ගෙන නැත.සටන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහල්ලාගේ ආණ්ඩුව හා මිහින්තලේ උන්නාන්සේ අතර පමණය.⁣දැන් මෙරට ජනතාවගේ බෞද්ධ උණ හොඳටම සනීප වී තිබේ.සැබැවින්ම එහි ස්තූතිය හිමි විය යුත්තේ රාජපක්ෂවරුන්ටය.

බෞද්ධ භික්ෂුත්වය බල්ලා මාක් එකට ඇද දැම්මේ මේ තක්කඩියන්ය.

හොඳ ⁣හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බවට කියමනක් තිබේ.ඉතින් අප ඉවසිල්ලෙන් බලා සිටිමු.


Spread the love

You may also like