උණුසුම් පුවත් උණුසුම් පුවත් වෙනත්

බල්ලන් නෑවීමට ගෙන යාම නොහොත් ආණ්ඩුවේ යාදෙක නොරත චැනල් 4 විමර්ශනය

Spread the love

පාස්කු ඛේදවාදචකය පිළිබඳව චැනල් 4 විකාශනය කරන ලද වැඩ සටහන ගැන මෙරට ආරක්ෂක අමාත්‍යංශය සිටියේ තිත්ත කසාය බිව් ගොළුවකු විදියටය.

ජනපති රනිල් හාමුද පාර්ලිමේන්තුවට පැමිණියද ඒ ගැන වචනයක් කතා නොකිරීමට ප්‍රවේශම් විය.බොහෝ මාධ්‍ය  වෙතින් ආණ්ඩුවේ මේ නිහඬ බව ගැන විවේචන එල්ල කරන්නට විය.මේ විවේචන  රනිල් හාමුටද ආරක්ෂක අමාත්‍යංශයටද දරාගන්නට බැරි වී ඇති බව පෙ⁣නෙන්නට තිබේ.

ඒ නිසාම හදිසියේ නින්දෙන් අවදිවුන රනිල් හාමු චැනල් 4 වැඩ සටහනින් ප්‍රචාරය වූ තොරතුරු ගැන සොයන්නට විශ්‍රාමික රාජ්‍ය නිළධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමත් එම කමිටුව සඳහා නියෝජිතයන් පත් කිරීම සාගල රත්නායකටත් හා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් වෙත පවරන ලදැයි වාර්තා වේ.එම කමිටු සඳහා පොලීසිය,නීතිපති දෙපාර්මේන්තුව ,හා සිවිල් සේවය නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනෙකු පත් කිරීමට නියමිතය. ඊට අමතරව මේ ගැන සෙවීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කීරීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංඟ පවරන ලද බවද වැඩිදුරත් වාර්තා වේ. 

⁣ජනපති රනිල් හාමු ගේ මේ මැදිහත් වීම අතර තුර ආරක්ෂක අමාත්‍යංශය චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර ඇත.මේ නිල  නිවේදනය නිකුත් කරන ලද්දේ නොකර බැරි කමට බව පැහැදිලිය.එහෙත් එම නිල නිවේදනය හා රනිල් හාමු ගේ ක්‍රියා මාර්ග අතර බරපතල පරස්පරයක් පවතී.

ආරක්ෂක අමාත්‍යංශයේ නිලනිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ චැනල් 4  විකාශනය කරන ලද එම වැඩසහන  සම්පූර්ණ අසත්‍යය හා එහි සඳහන් වූ තොරතුරු සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන බවය.මෙම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය ,නීතිය ක්‍රියාත්මක කරන ආයතන ,ආරක්ෂක අංශ හා ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කලද වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද පරීක්ෂණ  තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයන් සහරාන් හෂීම් ගේ නියකත්වයෙන් යුතු අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයන් බවය.⁣චැනල් 4 වැඩසටහන මගින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම මේජර් ජනරාල් සුරේෂ් සලේ හට  චෝදනා කිරීම හෙලා දැක තිබෙන අතරම ආරක්ෂක අමාත්‍යංශය මගින් කිසිදු ත්‍රස්තවාදියෙකුට වැටුප් ගෙවීම සිදු නොකරන ලද බවද එහි සඳහන්ව තිබේ.

ජනපති රනිල් හාමු චැනල් 4 වැඩසටහන ගැන දරණ ස්ථාවරයත් ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශයත් අතර බරපතල පරස්පරයක් පවතින බව පැහැදිලි වේ.රනිල් හාමු චැනල් 4 විසින් ප්‍රචාරය කරන ලද එම වැඩසටනේ සත්‍ය අසත්‍ය බව සෙවීමට කමිටු පත් කරද්දී ආරක්ෂක අමාත්‍යංශය එම වැඩසටහන සම්පූර්ණ අසත්‍ය හා ව්‍යාජ කරුණු මත පදනම්ව සකස් කරන ලද වැඩසටහනක් බවට නිල නිවේදනයක් නිකුත් කර තිබීම එයට හේතුවයි.

⁣පාස්කු ප්‍රහාරය ගැන පත් කළ ජනපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මේ දෙපාර්ශවය විසින්ම අමතක කර දමා ඇති බවද මෙහිදී පෙනී යයි.සැබැවින් එම ජනපති කොමිෂන් වාර්තාව නිසි ආකාරයෙන්  අධ්‍යයනය කෙරුවේ නම් ආණ්ඩුවට මෙවැනි මල විකාර කිරීමට අවශ්‍ය නැත.පාස්කු ප්‍රහාරය සිදු වීමට පෙර මෙරට  ආරක්ෂක නිළධාරීන් හැසිරුන ආකාරය ගැන බොහෝ තොරතුරු තහවුරු කෙරෙන සාක්ෂි සමග ඇතුළත් වේ.එම වාර්තාවේ ඊළඟට ගත යුතු නිර්දේශද සඳහන්ය.

දැන් රනිල් හාමු කමිටු පත් කරන්නේ මොන කෙං ගෙඩියකටදැයි  අපට නම් වැටහීමක් නැත.සමහර විට සාගල ගේ එහෙයියන් දෙතුන් දෙනෙකුට ආතල් ගන්නටද බැරි නැත.පාර්ලිමේන්තු කාරක සභාව නම් කිරීමට පවරා ඇත්තේ නියම අයිආර්සී පෝරිසාදයෙකුටය.

ආරක්ෂක අමාත්‍යංශයේ රාජ්‍ය ආරක්ෂක  රාජ්‍ය ඇමති පොර ගේ අප්පා ගේ කෙරුවාව ගැන දැන් කාට කාටත් අමතක වුනාට අපට හොඳට මතකය.එල්ටීටී යුද සමයේදී දඹුල්ලේදී නාවුක හමුදා බස් රථ වලට බෝම්බ තැබීම සදහා ඒ ත්‍රස්තවාදීන්ට උදවි උපකාර කළ වුන් කවුදැයි යන්නත් ඒ උදව් උපකාර කළ වුන්ගේ වැදමහ සම්බන්ධ වී තිබුණේ මොන අයියලාටද යන්න ගැනත් ⁣ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හෝ ශානි අබේසේකරට අමතක වෙන්නට විදියක් නැත.ආරක්ෂක අමාත්‍යංශයේ පියන් කමකට රස්සාවට යනවා නම් ඒ යන අයගේ ඇට දෙක ලබු බැහැලාද අම්මා අප්පගේ ජාතකේ හරිද නැද්ද යන්න ගැනත් නිෂ්කාශන වාර්තා ගනී.එහෙත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැත්තා ගේ පවුලේ වුන් ආරක්ෂක හමුදා භටයන් රොත්තක් ඝාතනය කර තවත් පිරිසක් සදාකාලිකව අංඟ විකල කිරීමට අත් උදව් සැපයීම  ගැන ඇති පොලිස් සීඅයිඩී වාර්තා නොසලකා හැරීම මේ රටේ ආරක්ෂාවට ලොක්කන්ගේ ඇති අලස උනන්දුව  තහවුරු කරන්නකි.පොලිස් ඇමතියාද ත්‍රස්තවාදීන්ට අත් උදව් සැපයීම ගැන චෝදනා ලැබූවෙක් බව මෙහිදී අප අමතක කළ යුතු නැත. 

එබැවින් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ශේප කළ යුතුය.නැතිනම් එහි නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය.ඒ අතර තුර ස්වාධීන පොලිස් විමර්ශන කණ්ඩායමක් ලවා චැනල් 4 වැඩසටහනින් මතුවන සාක්ෂි  විමර්ශනයක් කළ යුතුය.එසේ නැතුව කමිටු ලබුවක් පත් කිරීමෙන් ප්‍රශ්ණය විසඳෙන්නේ නැත.ආරක්ෂක අමාත්‍යංශය නිල විදියට චැනල් 4 වැඩසටහන අසත්‍ය හා ව්‍යාජ බව තහවුරු කරද්දී රනිල් හාමු ගේ කමිටුවට තව සොයන්නට දෙයක් ඉතිරි වී නැත.ඒ මන්ද යත් එම වැඩසටහන අසත්‍ය  බව ප්‍රකාශ කර ඇත්තේ රනිල් හාමු ආරක්ෂක ඇමති තනතුරේ සිටින ආරක්ෂක අමාත්‍යංශය නිසාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිෂම් වාර්තාවේ සාක්ෂි සහිතව සඳහන් කරුණු ගැන ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි හඬ නඟන කාදිනල් තුමා ඇතුළු සියළු පාර්ශවයන්ට පිස්සුය.එසේ නැතිනම් රනිල් හාමු ඇතුළු ආණ්ඩුවට පස්සා පැත්තේ ඉඳන් පිස්සුය.දැන් රනිල් හාමු එක පැත්තක් තෝරා ගත යුතුය.ඒ මිල්ටෙරි නන්දසේන ඇතුළු මෙලේච්ඡයන් තව දුරටත් ආරක්ෂා කර පීචං වෙනවාද නැතිනම් ඇත්ත හෙළි කිරීමට මග පාදා වීරයෙක් වෙනවාද යන්නය.නමුත් මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශය රනිල් හාමු ගේ කකුල් දෙකෙන් අල්ලා පොලොවේ ගසා ඇති බව කිව යුතුය.ඒ කිසිදු පදනමක් නැති අබ්බ ගොබ්බ මෝඩ තකතිරු ප්‍රකාශයක් නිල ⁣නිවේදනයක් ලෙස ප්‍රකාශ කර ඇති හෙයිනි.මේ නිල නිවේදනය කර ඇත්තේ කමල් ගුණරත්නගේ උපදේශයෙන් බව සිතන්නට පුළුවන.ඒ මන්ද යත් මේ ගොන් කවඩියා කරන කියන හැමදෙයක්ම කිති කවාගෙන හිනා වෙන්නට පුළුවන් තරමේ විහිළු නිසාය.


Spread the love

You may also like