උණුසුම් පුවත්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව තප්පුලන ⁣ගොබ්බ මී හරකුන්ගේ දැන ගැන ගැනීම පිණිසය

Spread the love

මෙරට සිදුවූ  සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ රටින් පලා ගොස් විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ⁣ආ නඳුන් චින්තක හා සළිඳු නැමැති සැකකරුවන් දෙදෙනා මේ වන විටත් පොලීසියේ අත් අඩංගුවේ පසුවේ.

අභියාචනාධිකරණයේ…….

මෙම සැකකරුවන්ගේ දෙමවුපියන් විසින් තම දරුවන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් සැකකරුවකු වන නඳුන් චින්තක වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටින්නේ නීතිඥ සංඟමයේ ජනාධිපති නීතිඥ සභාපති සාලිය පීරිස්ය.පසුගිය කාලයේ මෙරට පැවැති විරෝධතාවන් වලදී අත් අඩංගුවට ගත් තරුණයන් වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ සංඟමයේ නීතිඥවරුන් පෙනී සිටින ලදී.

නොසතුට හා අප්‍රසාදය…….
⁣විරෝධතාවලදී අත් අඩංගුවට පත්වූ තරුණයන් වෙනුවෙන් අධිකරණයේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ සංගමයේ පෙනී සිටීම පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන් ගේ හා පොලීසියේ ඇතැම් නිළධාරීන්ගේ නොසතුටට හේතු වී තිබුණි.එහෙත් නීතිඥ වරුන්ගේ මේ මැදිහත් වීම පිළිබඳව නොසතුටට පත්ව සිටි පාර්ශවයට ඒ ගැන සිය නොසතුට හා අප්‍රසාදය පල කිරීමට කිසිදු පදනමක් නොතිබුණි.එය එසේ කිරීම අධිකරණ ක්‍රියාවලියට සිදු කෙරෙන අපහාසයක් වෙතැයි යන්න ගැන ඔවුන් දැනුවත්ය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව මඩ…….
නඳුන් චින්තක වෙනුවෙන් අභියාචනාධිකරණයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ පෙනී සිටීමත් සමගම ඉහත පාර්ශවයන්ට ඔහුගේ මෙම අධිකරණමය මැදිහත්වීම ගැන විවේචනයක් එල්ල කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබේ.දැන් අන්තර්ජාලය පුරාම ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව මඩ ප්‍රචාරයක් ක්‍රියාත්මක වන බව දකින්නට ඇත.
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නායකයන් හා ඔහුන්ගේ අනුගාමිකයන් 
වැඩි දෙනෙකු නීතිය යනුවෙන් නිර්වචනය කරන්නේ තමන්ට වාසි ⁣විදියට පොලීසිය හා අධිකරණයේ යටත් පහත් හැසිරීමය.ඉන් ඔබ්බට නීතියට අනුව ගන්නා අධිකරණමය තීන්දු තීරණ පිළිබඳව ඔවුන්ට ඇත්තේ බරපතල විවේචනයකි.මෙරට පවතින නීති පද්ධතිය ගැන මොලෝ හසරක අවබෝධයක් මේ පිරිසට නැත.දේශපාලඥයන් ගේ ගැති වහළුන් බවට පත්ව සිටින පොලීසියේ ඇතැම් නිලධාරීන්ද සිතන්නේ පවතින නීතිය නමා තමන්ට ඕනෑ විදියට ඕනෑම දහදුරා වැඩක් කරන්නට පුළුවන් බවය.
පාර්ලිමේන්තුවේ දේශපාලනික  තක්කඩියන්………
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව මඩ ප්‍රචාරයන් ක්‍රියාත්මක වන්නේ එම තක්කඩි න්‍යාය පත්‍රයේ කොටසක් ලෙසය.අද අපට වාර්තා වූයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුන බවය.මෙම විරෝධතාවට සම්බන්ධවී සිටියේ නදුන් චින්තක විසින් මරා දමන ලදැයි පැවසෙන තරුණයෙකුගේ දෙමවුපියන්ය.මෙම විරෝධතාවය පිටුපස සිටින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් අරඹා ඇති දේශපාලන තක්කඩියන් බව ඉතාම පැහැදිලිය. මෙය ඉතා සැහැල්ලු වෙන් නොසළකා හැරිය යුතු කාරණයක් නොවේ.අධිකරණ ක්‍රියාවලියක විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රජාවට එරෙහිව  මෙවැනි විරෝධතා පැවැත්වීමට වින්දිත පාර්ශවයන් යොමු වුව හොත් එය ඉතා බරපතල කාරණයක් විය හැකිය.
දේශපාලන තක්කඩියන්ගේ මෙහෙයවීම මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට අද සිදු කළ මෙම විරෝධතාවට සම්බන්ධ වූවන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අප යෝජනා කරමු.එසේ නැති වූයේ නම් එය ඉතා නරක පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇති බැවිනි.මේ සිදුවීම ගැන සමස්ත නීතිඥ ප්‍රජාවගේම අවධානය යොමු විය යුතුය.
⁣වර්තමානයේ නීතිඥ ප්‍රජාව විරෝධතාවන් පවත්මින් සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූයේ යැයි චෝදනා කොට විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම පිළිබඳ සොයා බැලීමේ කමිටුවට කැඳවීමේ ක්‍රියා මාර්ගයට එරෙහිවය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නිවස  ඉදිරිපිට අද  යම් කණ්ඩායමක් විසින් පවත්වන ලද විරෝධතාවද පාර්ලිමේන්තුවේ දේශපාලනික මෙහෙයවීම මත සිදු කළ බිය වැද්දීමකි.විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම පිළිබඳ⁣ සොයා බැලීමේ කමිටුවට කැඳවීමත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවත් මෙරට ස්වාධීන අධිකරණය බියවැද්දීම සඳහා ගත් මදාවිකාර ක්‍රියා මාර්ගයන්ය.
මෙය නිවැරිදිව වටහා ගැනීමට ජනතාව අසමත් වුව හොත් එහි දුර් විපාක විඳීමට සිඳුවන්නේ සමස්ත සමාජයටමය.
අළුත්කඩේ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන ඇතැම් විනිසුරු විනිසුරියන්ගේ පැටිකිරිය දූෂිත බවද අපි දනිමු.ඔවුන් හා තක්කඩි දේශපාලඥයන් පවතින පාදඩ ගනුදෙනු ගැනද අපට අමුතු වෙන් කියා දිය යුතුද නැත.
සාක්ෂි සමග ඒ සියල්ල අප සතුය.උදාහරණයක් කියන්නේනම් මැතිවරණය නොපවත්වන ලෙසට රාජපක්ෂ වහලෙකු වූ කර්නල් වරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය කල් දැමීම ගැන සඳහන් කළ හැකිය.මේ තීන්දුව දුන්  නඩුකාර පප්පලා ගේ රෙද්ද ගැලවී යන තොරතුරු අප ලග පවතින බව කිව යුතුය.එම නඩුකාර පප්පලාට අපට කියන්නට තියෙන්නේ ඔය දහදුරා වේස වැඩ නවත්වා විනිශ්චය ආසනයේ ගෞරවණීය බව ආරක්ෂා කරන ලෙසය.
එසේ නැතුව විනිසුරු ලෝගුව උස්සා තක්කඩි දේශපාලඥයන්ට පස්ස උස්සා⁣ දීම තමන්ට පමණක් නොව ජාතක කළ දරු මල්ලන්ට පවා හොඳ නැත.අප්පලා ඇඹුල් කෑවොත් දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ බව මේ නඩුකාර පප්පලා සිතිය  යුතුය. 
තමා ඉදිරිපිටට පැමිණෙන කිසිදු සේවා දායකයකු…….
දැන් අපට නැවත කතා කරන්නට ඇත්තේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අපරාධකරුවෙකුගේ  අයිතිවාසිකම් පෙනී සිටීම ගැනය.ඒ ගැන විරෝධය දක්වා නලියන පඟර නැට්ටන්ගේ අවධානය පිණිස නීතිඥ වරුන් ගේ විනය පාලනය  වෘත්තීය පැවැත්ම හා ආචාර ධර්ම පිළිබඳව ශ්‍රේෂඨාධිකරණය විසින් 1988 ප්‍රකාශයට පත් කර ඇති රීති පද්ධතිය මෙහි පල කරමු.එම රීති පනවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 136(1) (උ) ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බලය පදනම් කර ගනිමිනි.
එම වෘත්තීය ආචාර ධර්ම පද්ධතියේ 5 වන රීතිය (Cab Rank Rule)තුළ සඳහන්ව ඇත්තේ තමා ඉදිරිපිටට පැමිණෙන කිසිදු සේවා දායකයකු විසින් ප්‍රතික්ශේප නොකළ යුතු බවය.එම සේවාදායකයා අපරාධකාරයකු වුවද එසේමය.
අපරාධකාරයකු වෙනුවෙන් ⁣පෙනී සිටීම තහනම් කරන රීතියක් මෙතෙක් පනවා නැත.
එහෙත් පෙනී නොසිටිය හැකි විශේෂ අවස්ථා එම රීති සංග්‍රහයේ රීති අංක 6 
සිට 13 දක්වා සඳහන් කර ඇත.
එහි 6 වන රීතියට අනුව නීතිඥවරයාට අදාල නඩු කටයුත්තට පෞද්ගලික සම්බන්ධතාවක් ඇත්නම් ⁣එම නඩුකරයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමකට නීතිඥයෙකුට හැකිය.
රීති අංක 7 හි දැක්වෙන්නේ තමන් පෙනී සිටින වෙනත් නඩුවක සේවාදායකයකුගේ සම්බන්ධතාවක් සමග දැනට ඉදිරිපත්ව ඇති නඩුවේ සේවාදායකයාගේ සම්බන්ධතාවය හා ගැටෙයි නම් එම නඩුවට පෙනී සිටීම නීතිඥයකුට ප්‍රතික්ශේප කළ හැකිය.
රීති අංක 8 හි සඳහන් වන්නේ චුදිතයන් 
කිහිප දෙනෙකු වෙනුවෙන් කටයුතු කරන නීතිඥවරයෙකුට ඔවුන් එකිනෙකාගේ සම්බන්ධතා ගැටුමක් ඇති වේ නම් එම නඩුවට ප්‍රතික්ශේප කළ හැකිය.
රීති අංක 10 අනුව තමා යම් ධුරයක් දරණ අවස්ථාවක එම ධුරය දැරීම නිසා නඩුවේදී දුෂ්කරතාවකට ⁣පත්වේ යැයි පෙනී යන්නේ නම් එවැනි නඩුවක් ප්‍රතික්ශේප කළ හැකිය.උදාහරණයක් ලෙස සමාගමක ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන නීතිඥවරයකු එම නඩුවකදී පෙනී නොසිටිය යුතුය
රීති අංක 11 අනුව තමාට නිසි පරිදි උද්යෝගයෙන් කටයුතු කිරීමට නොහැකි නඩුවක් ප්‍රතික්ශේප කිරීමට නීතිඥවරයෙකුට හැකිය.විනිසුරු අඹේපිටිය ඝාතන නඩුවේදී නීතිඥවරුන් පෙනී සිටීම ප්‍රතික්ශේප කරන ලද්දේ මෙකී පදනම මතය.එහෙත් එම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ටිරන්ත වරලියද්ද පෙනී සිටිය බව සිහිපත් කළ යුතුය.
මෙම රීති සංග්‍ර⁣හයේ රීති අංක 12 යටතේ සඳහන්ව ඇත්තේ යම් නඩුවක සාක්ෂිකරුවෙකු ලෙස තමා අවශ්‍ය වේ යැයි පෙනී යන්නේ නම් එවැනි නඩුවක් ප්‍රතික්ශේප කළ හැකි බවය.
උදාහරණයක් ලෙස නොතාරිස් ධුරයේ කටයුතු කරන නීතිඥවරයෙකු ලියා ඇති ඔප්පුවක් සම්බන්ධ නඩුවකදී එම නීතිඥවරයා ඒ නඩුවේ නීතිඥවරයා ලෙස පෙනී නොසිටිය යුතුය.
රීති අංක 13 අනුව තමා යම් ව්‍යාපාරයක
කටයුතු කරන නීතිඥවරයකු එම ව්‍යාපාරයේ හවුල්කරුවන් සමග ගැටුමක් ඇතිවන ආකාරයේ නඩුවකට පෙනී නොසිටිය යුතුය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව කඩි කුලප්පුව හැදී දඟලන මරි මෝල් ගොබ්බ දේශපාලඥයන්ට මොළය පාදා ගැනීමට මේ ටික හොඳටම ඇති යැයි අපි සිතමු.
එහෙත් මී ගොන් වස්සන්ට හරියන්නේ පූනක්කු බාල්දියක් තණකොල හා පිදුරු මිටියක් මිස වෙන කෙහුරක් නොවන බවද අපි හොඳට දනිමු.

Spread the love

Leave a Comment

You may also like