උණුසුම් පුවත් උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විමර්ෂකයන් වු රවි හා ශානි ඝාතනයකට රාජ්‍ය බුද්ධි අංශය සුදානම් වෙන බවට තොරතුරක්

Spread the love

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම විමර්ෂකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අපවෙතට විදෙස් ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී ඇත. පාස්කු ප්‍රහාරයේ විමර්ෂකයන්මෙහෙය වු කීර්තිමත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි අධ්‍යක්ෂක ශානි අබේසේකරව ස්වාභාවික මරණයක් සිදුවන ආකාරයේ ඝාතනයකට සුදානම් වෙන බවත්, එම ඝාතනයන් වෙඩි තැබීමක් නොවන කුමණ හෝ ආකාරයේ ස්වාභාවික මරණයක් සිදුවන් ලෙසට රාජ්‍ය බුද්ධි සේවාවේ යුධ හමුදා නිලධාරින් සුදානම් වෙන බවට අප වෙතට තොරතුරු ලැබී තිබේ.

පසු ගිය දා විශ්‍රාම් යාමට නියමිතව සිටි පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණ කරුවෙකු වු රාජපක්ෂ සට්ටැබියකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේට තවත් වසරක සේවා දිගුවක් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලබාදීම මෙම ඝාතනයට විශාල පිටුවහලක් වී ඇති බවත් වාර්තාවේ. රවි සෙනවිරත්න හා ශානි මෙලෙසට ඝාතනය කිරීමට රාජ්‍ය බුද්ධි අංශය සුදානම් වන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මහ මොලකරුවන් කවරෙක් දැයි මේ වන විටත් හදුනාගෙන ඇති වට පිටාවකය.

එවක ශානි අබේ සේකරව හා රවි සෙනවිරත්නව ඝාතනයට් දැඩි උත්සහායක් ගෙන තිබුනේ ගෝඨාභය රාජපක්ෂය. ඒත් ජනතා අරගලය නිසාම එම උත්සහා සියල්ලම විය කී ගිය නමුත්, ශානි අබේ සේකරව සිර ගෙදරට ගාල් කොට එහිදි මරාදැමීමට සුදානම් බවත් අපි මේ ආකාරයට හෙලි කලේය.

අද වනවිට රනිල් රාජපක්ෂ කුමන දේශපාලන තින්දුවක් ගනි දෝ කියා කිසිවෙකු නොදන්න වට පිටාවක මෙම ඝාතනය සිදු කිරීමට මාන බවන බව අපට වාර්තාවේ. අපරාධ විමර්ෂණයන් භාරව සිටි ශ්‍රි ලංකා පොලිස් ඉතිහසයේ නුතනයේ සුවිශේෂිත කාර්යක් කල ජේ.නි.පො.ප රවි සෙනවිරත්න හා ජේ. පොලිස් අධිකාරි ශානි අබේසේකරව මෙලස ඝාතනය කොට පාස්කු ප්‍රහාරයේ ඉතාම සන්වේදි සාක්ෂි සියලලම වසා දමිය හැකිය.

ඒ ශානි හා රවි සෙනවිරත්නලා පාස්කු කොමිසමට දි ඇති ඉතාම රහසිගත සාක්ෂි මේ වනවිටත් රාජ්‍ය බුද්ධි අංශය ගෙන ලබා ඇති නිසාය. ඒ නිසාම මෙම දෙදෙන පිලිබදව් වහාම රජය මැදිහත්ව පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදි ඔවුන්ව ආරක්ෂා කලයුතුය. මිට පෙර පාස්කු ප්‍රහාරය පිලිබදව් විමර්ෂණය කල තවත් නිලධාරින් හා නිලධාරිනියන් 20 කට ආසන්න ගනනක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ඔවුන් ගේ ජීවිතත් අනතුරේ හෙලා ඇත. මෙම විමර්ෂකයන් සියල්ලම වසර 20 කට වඩා පලපුරුදු නිලධාරින්ය.

අද වන විට පාස්කු ප්‍රහාරකයන් ගේ ඊලඟ ඝාතන ඉලකයන් වී ඇත්තේ පාස්කු ඝාතනයන් විමර්ෂකයන් වීම ඉතම අවාසනාවන්ත තත්වයකි. මේ පිලිබදව් සමස්ථ ජනතාව ගේම දැඩි අවධානය යොමු වි රජයට් මේ නිලධාරින් ආරක්ෂා කිරීමට බල කල යුතුය.


Spread the love

You may also like