උණුසුම් පුවත් උණුසුම් පුවත්

මහින්ද රාජපක්ෂ අගමැති වන බව ස්ථිරයිලු යෝෂිත දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කරන බව ආරංචියි

Spread the love

පසුගිය දින කිහිපයම  මෙරට අගමැති තනතුර පිළිබඳව මාධ්‍ය වල පල වූයේ ඕං කොටියා ආවෝ ආවෝ ප්‍රවෘත්ති වේ.ඒ මහින්ද රාජපක්ෂ නැවත මෙරට අගමැති වශයෙන් දිවුරුම් දෙන බවය.

කොළඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිතව යුද හමුදාවද රට පුරා ආරක්ෂක  මුර පොළවල් පොලීසිය මගින් ස්ථාපිත කිරීමද පසු ගිය දින කිහිපය තුළ දී සිදුවූ නිසා මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍ය තාව පිළිබඳව යම් සැකයක් මාධ්‍යයටද ඇති වූ තිබුණි.පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ එවැනි පත් කිරීමක් ගැන අදහසක් නැති බවය

සාගර කාරියවසම් බැසිල් වාදියෙකි. මහින්ද රාජපක්ෂ යලි අගමැති තනතුරට පත් කිරීමට බැසිල් රාජපක්ෂ අකමැති බවද මැයි රැළියෙන් පසුව වාර්තා විය.මේ තත්වය කෙතරම් උත්සන්න වීද යන්න අගමැති තනතුර සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වූ බව අපට දැන ගැන්මට ලැබුණි.බැසිල්  හදිසියේ විදේශගත වූයේ මේ මතභේදකාරී වටපිටාව නිසා බව කියවේ.මහින්ද රාජපක්ෂ නැවත අගමැති තනතුර⁣ට පත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නේ යෝෂිත හා රෝහිත රාජපක්ෂ පුතුන් දෙදෙනාය.

කෙසේ වෙතත් හැටියේ රාජපක්ෂ පවුලට ඇතිවූ අගමැති මාන්දම ගැන ජනපති රනිල් රාජපක්ෂ පාර්ශවය සිටියේ බරපතල නොකැමැත්තෙනි.

රනිල් රාජපක්ෂ පාර්ශවය එය වලක්වා ගැනීමට සැළසුමක් දියත් කරන ලදී.ඒ මහින්ද රාජපක්ෂ පසුගියදා අහවල් නැකතට දිවුරුම් දීමට නියමිත බවට ජනපති කාර්යා⁣ලයෙන් නොනිල ප්‍රවෘත්තියක් මුදා හැරීමය.ඔවුන් එහිදී අපේක්ෂා කරන ලද්දේ මෙම ප්‍රවෘත්තිය අනාවරණය වීමත් සමගම රට පුරා මහින්ද රාජපක්ෂට එරෙහිව ජනතාව සංවිධානය වනු ඇති බවය.එහෙත් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පිළිකුළ ප්‍රකාශ වූවා හැරෙන්නට මහ පොළොව මත කිසිදු විරෝධතාවක් දකින්නට නොතිබුණි. නැවත මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කිරීම ගැන පැතිරුණ ආරංචියට මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් විරෝධතාව නොදැක්වූ බවද තවදුරටත් සඳහන් කළ යුතුමය. 

එහෙත් හෙට උදෑසන මහින්ද රාජපක්ෂ නැවත මෙරට අගමැති වරයා ලෙස දිවුරුම් දෙන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.හෙට දින වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කැඳවා තිබූ රැස්වීම් හතරක්ද මේ නිසා හදිසියේ අවලංගු කරන ලද බව වාර්තාවේ .මෙම දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල සංවිධානය කිරීමේ ප්‍රධානියා වී ඇත්තේ යෝෂිත රාජපක්ෂය .නව අගමැතිවරයාගේ ආරක්ෂක කටයුතු නාවුක හමුදාවට බාර දී ඇති බවද පැවසේ.

රාජපක්ෂ වරුන්ට බලය නැතිවීම  දරා ගන්නට බැරිය.එය මාළුවන් ජලය සමග සිටින්නා වාගේ නිශ්චිතයකි.බලය අහිමි වීම නිසා රාජපක්ෂ වරුන් සිටියේ දැඩි සාංකාවෙනි.කණගාටුවෙනි.දුකෙනි.

පීඩනයකිනි.මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් වීමෙන් පසුව ජනපති රනිල් රාජපක්ෂට ඕනෑ විදියට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හසුරවන්නට නම් බැරි වෙනු ඇත.මේ වන විටත් මහින්ද රාජපක්ෂ පාර්ශවය නීතිය හා සාමය ඇමති තනතුරෙන් ටිරාන් අලස් ඉවත් කළ යුතු බවට කොන්දේසි පනවා තිබේ.ටිරාන් අලස් යනු දිය යටින් ගින්දර ගෙන යන කේලාම් පප්පෙකු බව මහින්ද රාජපක්ෂ වාදියකු අප සමග පැවසීය.නව නීතිය හා සාමය ඇමති තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල පත් කිරීමට නියමිතය.

පොදුජන පෙරමුන තුළ බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ කල්ලිය අතර බෙදීමක් ඇති වී තිබෙන බව පැහැදිලිය.මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්වූ වහාම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ වරුන්ට එරෙහිව පවතින චෝදනා යටපත් කිරීමට කුමන්ත්‍රණකාරී සැළසුමක් දියත් කිරීමටද අපේක්ෂිතය.

මහින්ද රාජපක්ෂ නැවත අගමැතිවරයා ව⁣ශයෙන් දිවුරුම් දෙන්නේ නම් රට පුරා ජනතාව එයට අප්‍රසාදය හා පිළිකුල ප්‍රකාශ කොට කළු කොඩි එසවීම  වැනි විරෝධතාවකට යා යුතුමය.ඔහු අගමැති වරයා ලෙස පත් වීමෙන් පසුව නැවත රට පාලනය කරනු ඇ⁣ත්තේ ලුම්පන් ජාවාරම් කාරයන්ය.රනිල් රාජපක්ෂ කුලී කාරයෙකුගේ තත්වයට පත් වන බව නම් නිසැකය. 

කෙසේ වෙතත් මෙරට දේශපාලනයේ හොඳ හොඳ ජවනිකා දැකගත හැක්කේ එළිවන ජාමයටය. 


Spread the love

You may also like