වෙනත්

යලි කරළියට ආ පීචං නාමල් කුමාර ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට එරෙහිව මඩ ප්‍රහාරයක් එල්ල කරයි

Spread the love

නාමල් කුමාර නම් මානසික ආබාධිතයානැවත සමාජ වේදිකාවට පැමිණ තිබේ.ඔහු නැවත සමාජ වේදිකාවට ප්‍රවේශ වන්නේ චමුදිත සමරවික්‍රම නම් වූ

වාචාලයාගේ යූ ටියුබයේ සාකච්ඡාවක් තුළිනි.
හදිසියේම ⁣නාමල් කුමාර සමාජ වේදිකාවට ගෙන ඒම කාගේ හෝ අවශ්‍යතාවකට සිදුවූවක් බව අපගේ නිරීක්ෂණයයි.නාමල් කුමාර තවමත් හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ලබන ඔත්තුකරුවෙක් බව අපට අනාවරණය වී තිබේ.  
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවැති බව බවට චෝදනා කළ නාමල් කුමාර සම්බන්ධයෙන් පවත්වන ලද පොලිස් පරීක්ෂණ වලදී මොහු 2009 වසරේදී ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලබන අතරතුර පලා ගියෙකු අයකු බවද අනතුරුව 2011 වසරේදී යුද හමුදාව⁣ට බැඳී පුහුණුව ලබන අතරතුරේදී පලා ගොස් ඇති බවද හෙළි විය.මොහු යුද හමුදාවට බැඳෙන අවස්ථාවේ ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික ව්‍යාජ ඒවා වූ බවද එම පොලිස් පරීක්ෂණයේදී හෙළි දරවී තිබුණි.⁣
2019 ජනවාරි 02 වන දා නාමල් කුමාර ගේ ඉහත පැටිකිරිය ගැන තොරතුරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංඟ දිසානායක වෙත අපරාධ පරීක්ෂණ 
දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද අතර එහිදී මහේස්ත්‍රාත් වරයා විමසා සිටියේ නාමල් කුමාර ගේ මෙම ක්‍රියාකළාපය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග නොගන්නේ මක් නිසාද යන්නය.එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මහේස්ත්‍රාත් වරයා වෙත ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි කාලයේදී  ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවය.
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි 02 වන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට පොරොන්දු වූ “ඉදිරි කාලය”තවමත් එළඹී නැත.
නාමල් කුමාර ගුවන් හමුදාවෙන් හා යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු ලෙස අධිකරණය ඉදිරියේ අනාවරණය වුවද ඒ ගැන ගුවන් හමුදාව හා යුද හමුදාව පවා මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවද සිහිපත් කළ යුතුය.
නාමල් කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා ගත් තැනැත්තෙකු බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් පවසා තිබේ.මෙහිදී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තිබූ මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකායේ නාමල් කුමාර දේශන පවත්වා ඇති බවත් ඔහු වවුචර් පත් මගින් මුදල් ගත් බවට එහි අධ්‍යක්ෂ දොස්තර සමන්ත කිතලගම පැවසු බවය.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට පුරා ජාතිවාදී අරගලයක් ඇරඹීමේ සැලසුමක් පැවැති බවට ඒ දිනවල අනාවරණය විය.සහරාන් ගේ බිරිඳගේ ගම වූ හෙට්ටිපොළ ප්‍රදේශයෙන් එම ජාතිවාදී අරගලය ඇරඹීම සඳහා නාමල් කුමාර එම ස්ථානයට පැමිණ තිබුණේ සුඛෝපභෝගී ඩිපෙන්ඩර් රථයකිනි.එහෙත් නාමල් කුමාර  හෝ ඔහු මෙහෙයවන ලද අදෘශ්‍යමාන බලවෙිග වලට ඒ අවස්ථාව අහිමිවූයේ එහිදී ඔහු පොලීසියේ අත් අඩංගුවට ගත් නිසාය.   
නාමල් කුමාර විසින් පැමිණිලි කරන ලද ඝාතන කුමන්ත්‍රණයේ සැකකරු ලෙස බන්ධනාගාර ගත කරන ලද නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේ වන විට නැවත සේවයේ පිහිටුවා තිබේ.
නැවත සමාජ වේදිකාවට පැමිණ ගිණි ඇවිලීමකට සූදානම් වන්නේ මෙන්න මේ නාමල් කුමාරය.නාමල් කුමාර නැවත ආගමනයේ නිෂ්පාදකයා චමුදිත සමරවික්‍රමය.චමුදිත යනු අසූචි බාල්දියක වැටී ඇති රන් පවුමක් දිවෙන් ගන්නා ජාතියේ පජාත කයිවාරු කාරයෙකි.සිය ජනප්‍රියතාව වැඩි කර ගැනීම සදහා දේශබන්දු තෙන්නකෝන් ලවා තමාටම අසූචි ගස්සවා ගත් පොරකි.
ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ යුද හමුදා ඔත්තුකරු ලේඛනයෙන්ද වැටුප් ලබන චමුදිත හා නාමල් කුමාර ඩබල මේ වතාවේ  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගල කරුවන්ට බෝම්බ ගැසීමට සූදානමින් සිටියේයැයි පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරන ලද්දේ වෙන යම් අයෙකුගේ අමානුෂික අවශ්‍යතාවකට බව අපට ස්ථිරය.එම අවශ්‍යතාව ජනපති රනිල් රාජපක්ෂ පාර්ශවයේ අවශ්‍යතාවක් නම් නොවේ.
මෙවැනි අසත්‍ය පුවතක් මුදා හැරීම පිණිස වාචාල චමුදිත හා මානසික ආබාධිත නාමල්  කුමාර යොදාගත් පාර්ශවය මේ මෙහෙයුමෙන් අපේක්ෂා කරන ලද සමාජ කම්පනය සිදු නොවීම ඉතා යහපත් කාරණයකි.
සැබවින්ම මේ අනාවරණය සමාජය පඩේකට ගනන් ගෙන නැති බව ඉන් තහවුරු වේ.
කවුරුන් කෙසේ ඇගයිමකට ලක් කෙරුවද ෆීල්ඩි මාර්ෂල් සරත්
ෆොන්සේකා මව්බිමට අතිශයින් ආදරය කරන්නෙකි.ඔහු කිසි දිනක සිය ජනතාව ඝාතනය කිරීම වැනි මෙලේච්ඡ ක්‍රියාවකට සම්බන්ධ නොවන අයෙක් බව ඔහුගේ පැවැත්ම හා දීර්ඝකාලීන හමුදා රාජකාරි ස්වභාවය පිළිබඳව විමසන ඔිනෑම කෙනෙකුට වටහා ගත හැකිය.පටු දේශපාලන අභිමථාර්ථයන් ඉටු කර ගැනීම සඳහා මෙලේච්ඡ “ෂෝට් කට්” එකක් ඔහු කිසිදිනක අනුමත නොකරන බවටද අපට දැඩි විශ්වාසයක් ඇත.
එහෙත් නාමල් කුමාර වැනි මන්ද මානසිකයෙකුට හා වාචාල කයිවාරුකාරයෙකුට ඒ සහතික අවශ්‍ය නැත.මේ නොසන්ඩලයන්ට අවශ්‍ය රුපියල් සත පමණය.අප කණගාටු වන්නේ ටයි කෝ⁣ට් ඇඳගත් කයිවාරු වාචාල චමුදිතලා මෙරට මහා මාධ්‍යකාරයන් ලෙස සමාජය පිළි ගැනීම ගැනය.
හිරගෙදර ජම්පරය ඇඳ සිටිය යුතු හෝ මානසික රෝහළක ප්‍රතිකාර ලැබිය යුතු නාමල් කුමාර වැනි  අපතයන්ට විටින් විට සමාජය ගිණි ඇවිලවීමට ඉඩ දී තිබීම ගැනද අපට පොලීසිය ගැන ඇති වී ඇත්තේද බරපතල සැකයකි

Spread the love

Leave a Comment

You may also like