වෙනත්

අප පැවසූ දෙයක් වැරදී නැත

Spread the love

ඡෙනිපො නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවන බව ලංකා දවස අනාවරණය කරන ලද්දේ පසුගිය දින කිහිපයකට ඉහතදීය.අපගේ ඒ වාර්තාව අද සත්‍යය බව තහවුරු වී තිබේ.නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවීමට ජනාධිපති රනිල් රාජපක්ෂගේ පෞද්ගලික මැදිහත්වීම තුළය.ඔහු ගේ පත්වීම නිසා ඉදිරියේදී පොලිස්පතිවරයා පත් කිරීමේ බලු පොරයට තවත් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු ගේ සම්බන්ධ වීම සිදුවෙනු ඇත.

කෙසේවෙතත් නාලක සිල්වා නැවත සේවයේ පිහි⁣ටුවීම පිළිබඳව තොරතුරු ලංකා දවසට ලැබුණේ ජනපති කාර්යාලයෙනි.සේවයේ පිහිටුවීමෙන් පසු නාලක සිල්වා මොනරාගල පොලිස් කොට්ඨාශයට අනුයුක්ත කරන බවද අපට දැන ගැන්මට ලැබී තිබේ.

පසු ගිය දා අපි පල කල පුවත ඔබට නැවත කියවීමට පහත දිගුවට යන්න

https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en&tab=jj

මේ වන විට පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකාරියක වන සාරා ජැස්මින් පිළබඳව තුන් වන වර නිකුත් කර ඇති ඩීඑන්ඒ වාර්තාව ගැලපී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කිරීම එම අපරාදමය සිදුවීම තුළ තවදුරටත් බරපතල සැක සංකා මතුවන පසුබිමක් නිර්මණය වෙමින් පවතී.මීට පෙර වාර දෙකකදී පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණේ සාරා ජැසමින් ගේ ඩීඑන්ඒ වාර්තා නොගැලපෙන බවය.මීට දින ගනනකට පෙර පාස්කු බෝම්බ ප්‍රහාරය වූ දින කාතන්කුඩි සිදුවූ පිපිරීමෙන් පසුව සාරා ජැස්මින් යතුරු පැදියකින් රැගෙන ගිය බවට සැක කර බන්ධනාගාර ගත කර තිබූ පොලිස් පරීක්ෂක වරයාට මඩකලපුව මහාධිකරණය මගින් මුදා හැරිණි.

මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳව රාජපක්ෂ වරුන්ට එරෙහිව පවතින චෝදනාවන් හා සැකය වෙනත් මගකට යොමු කිරීමේ සැලසුමක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඇතැයි අපට සැකයක් මතු වී ඇත්තේ ඉහත සිදුවීම් දාමය විමසන විටය.ඩීඅයිජී නාලක පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබා ගත් පොලිස් නිළධාරියාය.ඉන්පසුව ජනාධිපති ඝාතනය සදහා කුමන්ත්‍රණය කරන ලදැයි ඔහු පොලිස් අත් අඩංගුවට ගැනින.

එහෙත් එම චෝදනාව අසත්‍ය බව දැනටමත් තහවුරු වී තිබේ.එය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා සම්බන්ධ පිරිසක් විසින් යම් යටි බිම්ගත අරමුණක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් දියත් කළ සැකසුමක් බව හෙළි වී තිබේ.

එහෙත් නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවීම සාරා ජැස්මින් ගේ ඩීඑන්ඒ වාර්තා ගැලපීම හා පොලිස්පති බලු පොරය ආදී සියළු සිදුවීම් එකින් එක ගලපා ගත හොත් ජනපති රනිල් රාජපක්ෂ තමාටම සීමා වූ රහස් න්‍යාය පත්‍රයක් තුළ වැඩ කරන්⁣නේ යැයි අපට සැකයක්ද මතු වී තිබේ.

මේ න්‍යාය පත්‍රය රාජපක්ෂවාදී පොහොට්ටුවන් හට තර්ජනයක්ද නිදහස ලබා දීමක්ද යන්න ගැන වූ තීන්දුව කාලය විසඳුනු ඇත.

 


Spread the love

Leave a Comment

You may also like