උණුසුම් පුවත්

වසන්තට එරෙහිව ඇති චෝදනා ත්‍රස්ත චෝදනා නොවෙයි- මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරයි

Spread the love

වසන්ත මුදලිගේට එරෙහිව තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගොනු කළ හැකි චෝදනා නොවන බව කී අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා එලෙස වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා ගොනු කිරීම වැරදි බවද පවසන ලදී.
අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු වරයා එසේ පැවසුවේ වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්ත චෝදනා ඇතුළත් නඩුව කැඳවූ අද (31) අවස්ථාවේදීය.එහිදී විනිසුරුවරයා විසින් ඔහුට එරෙහිව  ත්‍රස්ත චෝදනා ගොනු කර තිබූ නඩුවෙන් ඔහු නිදහස් කෙරිණි.
වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන ඒකකය ඔහු සිර කර තබා ගැනීමේ අපේක්ෂාවෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කර ඇති බව පෙනී යන්නේ යැයිද වැඩිදුරටත් සඳහන් කෙරුවේය.
  
දිවුරුම් පෙත්සම් 12000 ක් අත්සන් කරමින් වසන්ත මුදලිගේ නිදහස් කර ගැනීම සඳහා ජනතාව පසුගියදා තීන්දු කළ අතර එම තීන්දුවට අමතරව මහේස්ත්‍රාත් අධිකරණය අද (31)දින ලබා දුන් තීන්දුව නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මුඛ පූට්ටු වන බව නිසැකය.
මේ අනුව වසන්ත මුදලිගේ දින 170 කට ආසන්න කාලයක් ත්‍රස්ත චෝදනා යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් සිඳු කළ බරපතල සාපරාධී අපරාධයක් බව තහවුරු වේ.
ත්‍රස්ත චෝදනා වලින් වසන්ත මුදලිගේ නිදහස් කෙරුනද ඔහුට එරෙහිව වෙනත් නඩු ගනනාවක් පොලීසිය මගින් පවරා තිබේ.එම නඩු සදහා ඇප ලබා ගන්නා තුරු ඔහුට බන්ධනාගාර ගතව සිටින්නට සිදු වෙනු ඇති බවද එම චෝදනා සියල්ල ඇප ලබා ගත හැකි චෝදනාවන් බවද  වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පවසා සිටියහ.

Spread the love

Leave a Comment

You may also like