උණුසුම් පුවත්

අනුරුද්ධ බණ්ඩාර අත් අඩංගුවට ගැනීම වැරදියි- දේශබන්දුට වැඩ වරදී

Spread the love

දින 170 ක් රැඳවුම් නියෝග ලබා ගනිමින් අනීතිකව රඳවා ගෙන සිටි වසන්ත මුදලිගේ අද (31)දින නිදහස් කරද්දී අළුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් වාර්තා වූයේ සමාජ ක්‍රියාකාරිකයකු වූ අනුරුද්ධ බණ්ඩාර අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් 11 දෙනෙකුට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් පුවතය.
ඒ අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමෙන් නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් අනුරුද්ධ බණ්ඩාර විසිනි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවට අදාලවය.
මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන්  නීතිඥ සාලිය පීරිස් ,නීතිඥ තනුක නන්දසිරි සහ නීතිඥ මනුජය ද සිල්වා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් කණිෂ්ක බාලපටබැඳි පෙනී සිටින ලදී.
2022 වසරේ අප්‍රේල් මස 2 වන දින රාත්‍රියේ මෝදර පොලීසියෙන් බව ප්‍රකාශ කළ සිවිල් ඇඳුමින් සැරසුන සන්නද්ධ කණ්ඩායමක් විසින් අනුරුද්ධ බණ්ඩාර පැහැර ගත් අතර ඔහුගේ ඥාතීන් විසින් සොයා බලන විට මෝදර පොලීසියෙන් පවසා තිබුණේ ඔහු අත් අඩංගුවට නොගත් බවය.කෙසේවෙතත් පසුව අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් මානව හිමිකම් කොමිෂම දැනුවත් කර තිබුණි.ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි.
පසුගිය වර්ෂයේ අප්‍රේල් 3 වනදා මෙරට පැවති විරෝධතාව සංවිධානය කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකු වන අනුරුද්ධ බණ්ඩාර Go Home Gota 2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්ම්න්වරයෙකු ලෙසද ක්‍රියා කළ තරුණයෙකි.

Spread the love

Leave a Comment

You may also like