උණුසුම් පුවත්

රනිල් හාමු ගේ මහචාර්ය උපදේශකයා ආණ්ඩුවේ රෙදි ගලවයි

Spread the love

ජනපති රනිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ඡ්‍යෙෂ්ඨ ජනපති උපදේශක ලෙස කටයුතු කළ මහචාර්ය අශු මාරසිංහ පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි අද සවස වාර්තා විය.මෙම ඉල්ලා අස්වීමත්  සමගම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහචාර්ය අශු මාරසිංහ නිරුවත්ව සුනඛයකු සමග කළ  අස්වාභාවික ලිංගික චර්යාවන් දැක්වෙන ඡායාරූප ගනනාවක් සමාජගත කරන ලදී.හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වූ එම ඡායාරූප මෙරට බෞද්ධ සමාජය දැඩි කම්පනයට ලක් කරන බව අවිවාදිතය.

එහෙත් සතුන් සමග මේ ආකාරයෙන් ලිංගික සම්බන්ධතා පවත්වන මිනිසුන් විවිධ ජන සමාජවල වෙසෙන ⁣බව මෙරට සමාජයේ බොහෝ දෙනා නොදැන සිටින කාරණයකි.මෙය මානසික රෝගයක් ලෙස නොසැලකුවද අසාමාන්‍ය මනෝ ලිංගික අවවර්තනයක් ලෙස දැක්විය හැකිය.මෙය සිංහල භාෂාවෙන් සත්ව කාමුකත්වය හෙවත් පශු මෛථුන්‍යය ලෙස හැඳින්විය හැකිය.
කෙසේ වෙතත් මෙය මෙරට …….“දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.එහිදී යම් පුරුෂයකු ස්ත්‍රීයක හෝ සතෙකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10 දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ හැකි ….” බව  එම වගන්තියේ සඳහන් වේ.
තවදුරටත් එම වගන්තියේ පැහැදිලි කිරීම තුළ ඉහත වරදට අවශ්‍ය වූ කාමුක සංසර්ගය ඇති කිරීමට ප්‍රවේශ කිරීමක් ප්‍රමාණවත් බව දක්වා තිබේ.දණ්ඩ නීති සංග්‍රහයේ අස්වාභාවික වැරදි යටතේ මෙම සත්ව කාමුකත්වය සඳහන් කර ඇත.

මීට අවුරුදු ගණනකට පෙර එළදෙනක හා සංසර්ඟයේ යෙදුන පුද්ගලයෙකුට කුරුනෑගල මහාධිකරණයේදී දඬුවම් පමුනවා ඇති බවටද වාර්තා වේ.

කෙසේ වෙතත් සත්ව කාමුකත්වය ඇති මිනිසුන් ලෝකය පුරාම සිටින බවට වාර්තා වී තිබේ. ඉන්දියාවේ කුජ්රාවෝ ගල් කැටයම් අතර තිරිසන් සතුන් ගැහැණුන් සහ පිරිමින් සමග විවිධ ලිංගික චර්යාවන් යෙදෙන ආකාරයේ ගල් කැටයමි වේ.
එසේම බුදුන් දවස කොසොල් මහ රජුගේඅග මෙහෙසිය  වූ මල්ලිකා දේවිය බල්ලෙකු සමග කාම සම්භෝගයේ යෙදුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.බුදුන් වහන්සේ භික්ෂූන් අරභයා සතුන් සමග ලිංගික සංවාසයේ යෙදීම පාරාජිකා ඇවැතක් බවට විනය ශික්ෂා පදයක් පනවා තිබේ.බුදුන් වහන්සේ විසින් භික්ෂූන් අරභයා මෙවැනි විනය නීතියක් පනවන්නට ඇත්තේ එකල සමාජය තුළ සත්වයින් සමග ලිංගික චර්යාවන් වල නිරතවූවන් සිටි නිසා විය හැකිය.
මෙවැනි සත්වකාමී ලිංගික චර්යාවන් වලට නැඹුරු වූ තැනැත්තන්ගේ අසාමාන්‍ය ලිංගික තත්වය වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශනයන් මගින් බොහෝ දුරට වලක්වා ගත හැකිය. 
හිරුනිකා ප්‍රේමචන්න්ද්‍ර ගේ මාධ්‍ය සාකච්ඡාව තුලින් අනාවරණය වන හා ඇය විසින් එහිදී පෙන්වූ ඡායාරූප වල දැක්වෙන  ආකාරයට සුනඛයෙකු සමග ලිංගිකව හැසිරී ඇත්තේ එසේ මෙසේ සිල්ලර මිනිසෙකු නොවෙි. ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ඡ්‍යෙෂ්ඨ උපදේශක වරයාය.ප්‍රශ්ණය හා වරදේ බරපතලකම ඇත්තේ එතැනය.
ජනපති රනිල් රාජපක්ෂ ගේ සමරිසි ලිංගිකත්වය ගැන බොහෝ ප්‍රවාද  සමාජය තුළ සාකච්ඡා වේ.එවන් වටපිටාවක ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ඡ්‍යෙෂ්ඨ උපදේශකයා ගේ අස්වාභාවික ලිංගික වැරැද්ද සමාජයේ තක්සේරුව පැති ගනනාවක් කරා විහිදිය හැකිය.එහිදී
ඇතමුන් ජනපති රනිල් රාජපක්ෂ ගේ සමීපතමයන් සියළුම දෙනා මෙවැනි චර්යාවන් ඇත්තන් බවට නිගමනය කරන්නට ඉඩ තිබේ.
වැඩිදුරටත් රනිල් රාජපක්ෂ ගේ සමකාමී ලිංගික චර්යාව හා මෙම සිදුවීම ගලපා ගන්ටද ඉඩ ඇත.එහිදී සාගල රත්නායක , අකිල විරාජ්, වජිර අබේවර්දන, සමන් රත්නප්‍රිය රජිත්, කීර්ති තෙන්නකෝන් ,ආදීන්ටද විත්ති කූඩුවට නගින්නට සිදු විය හැක. විරුද්ධ පක්ෂ දේශපාලඥයන් අතර මෙය ඉතා රසවත් මාතෘකාවක් වෙන බව නිසැකය.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ සිද්ධිය සම්බන්ධයෙන් මහචාර්ය අශු මාරසිංහ⁣ට ⁣එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටද ඉල්ලා සිටී.මෙරට නීතිය අනුව ඔහු වරදක් කළ බව ඇය තර්ක කරයි.⁣කෙසේ වෙතත් ජනපති රනිල් රාජපක්ෂගේ ඡ්‍යෙෂ්‍ඨ උපදේශකයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූවද මේ සිද්ධිය  නිසා ආණ්ඩුව  තුළත් මෙරට බෞද්ධ සංස්කෘතික  සමාජය පුරාත් යෝද කම්පන රැල්ලක් මතු විය හැකි බව අපට කැට තියා කියන්නට පුළුවන.
ලෝකයේ වෙනත් රටක මෙවැන්නක් සිදු වුවානම් ජනාධිපති සිය දුරයෙන් ඉල්ලා අස්වී හමාරය. ඒත් කිසි කලකත් ලංකාවේ එවැන්නක් සිදු නොවිම සාමාන්‍ය දෙයකි.

සිද්ධියට සම්බන්ධ වූ තමන්ගේ ගෝලයා ඉල්ලා අස්වී ඇතත් ඔහු ඉල්ලා අස්වී ඇත්තේ තමන් ගේ යට අමුඩය පවා ගලවා බව ජනපති රනිල් රාජපක්ෂට ඉදිරියේදී වැටහෙනු ඇත. 

 



Spread the love

Leave a Comment

You may also like