උණුසුම් පුවත්

කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගන්නා ජාතිවාදී මෙලේච්ඡයෝ

Spread the love

සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය ඊයේ (23) කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්විනි. අගමැති දිනේෂ් ගුණවර්දන,කතානායක
මහින්ද යාපා ,ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් එම අවස්ථාවට සහභාගි විය.මෙම උත්සවයට සහභාගි වූ ආරාධිතයන් අතර ගලගොඩ අත්තේ ඥානසාර හා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී ඩිලන්ත විතානගේ සිටීම සුවිශේෂී සිදුවීමකි.

2015 වර්ෂයේදී ජනපති මහින්ද රාජපක්ෂ ගේ පරාජයට පත් වීම මුසල්මානුවන්ගේ ඡන්ද නිසා සිදු වූවක් බවට රාජපක්ෂ වරුන් තුළ තක්සේරුවක් තිබුණි.මුස්ලිම් සාධකය තමන්ට නැවත බලයට පත් වීමට බාධාවක් වනු ඇති බවට අදහසක්ද රාජපක්ෂවරුන් අතර පැලපදියම් වී තිබුණි.එය එසේවීම වැලැක්වීමට ඉදිරි සැලසුම් ක්‍රියාත්මක විය යුතුව තිබුණි.
නිදහස් මුසල්මානු ඡන්දයක් යටපත් කිරීමට බොහෝ මුසල්මානුවන් ඉදිරි මැතිවරණවලදී ඡන්දය නොදෙන තත්වයක් නිර්මාණය කර ගත යුතුව පැවතුණි.එය 2005 වසරේදී උතුරේ ජනතාව ඡන්ද නොදැමීම හා සමාන විය යුතුය.

එය තර්ජනාත්මකව ඉටු කිරීමේ වටපිටාවක් තුල සාර්ථක වේද යන්න රාජපක්ෂ වරුන් අත් හදා බැලීය.ඒ සඳහා 2014 වර්ෂයේදී ගලබොඩඅත්තේ ඥානසාර ,මදු මාධව අරවින්ද , සරත් වීරසේකර විමල් වීරවංශ ආදී උග්‍ර ජාතිවාදී කණ්ඩායමක් යොදවා සැලසුම ක්‍රියාත්මක කෙරිණි.සිංහල බෞදධ ජනතාව වඳ සැත්කම් වඳ කොත්තු ආදී ව්‍යාජ තොරතුරු සමාජගත කොට බියවැද්දීම් කරන්නටද පටන් ගැණිනි.මෙහිදී ගලගොඩ අත්තේ ඥානසාර විසින් මුසල්මානු රොහින්ගියා ගැටුම් ඇති කර ඔවුන් පලවා හැරීමට නායකත්වය දුන් බුරුමයේ චිරතු සමග අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කරන ලදී.බෞද්ධ සිරිත් විරිත් සහ අවකාශය කෙරේ සෘජු බලපෑමක් වන ආගමික නොවන බහු සංස්කෘතික සහ වෙනත් ලිබරල් අදහස් මුවාවෙන් සිදුවන මුසල්මානු සියුම් කුමන්ත්‍රණ අප්‍රමාදව විසඳීමට දෙපාර්ශවය අතර අවබෝධයකින් කටයුතු කිරීම එම ගිවිසුමේ අපේක්ෂාව විය.සමස්ත සමාජය තුළම මුසල්මානුවන් මෙලේච්ඡ අපරාදකාරයන් බවට බියජනක හැඟීමක් මෙම අපරාද කාර කණ්ඩායම ⁣මගින් ජනිත කෙරිණි.

මිල්ටෙරි නන්දසේන ගේ අනු දැනුම මත ජාතික බුද්ධි සේවය මුසල්මානුවන් බළල් අතක් සේ යොදා ගනිමින් සිදු කළ පාස්කු ප්‍රහාරය එහි අවසන් ඉලක්කය විය.මේ වටපිටාව තුළ ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු ජාතිවාදී කණ්ඩායම සමාජයට අවධාරණය කරන ලද්දේ මුසල්මානුවන් යනු සාහසික මෙලේච්ඡ ජාතියක් බවය.සිංහල බෞදධ ඡන්ද එක ගොඩකට එකතු කරගනිමින් මිල්ටෙරි නන්දසේන බලයට පත් වන්නේ
එම උපාය උපක්‍රම මගිනි.

එහෙත් ගලගොඩ අත්තේ ඥානසාර ගේ එම ජාතිවාදී හැසිරීම හුදෙක් කට්ට කයිරාටික රංඟනයක්ම පමණක් බව දැන් පැහැදිලි වේ.එය තහවුරු වන්නේ සෞදි අරාබිය සමග සම අසුන් වල සිට සවුදිය පුරන ගලගොඩ අත්තේ ඥානාසාර හා බොදු බල සේනා සංවිධානයේ විධායක නිළධාරී ඩිලන්ත විතානගේ දකින විටය. ඩිලන්ත විතානගේ සමග ඇති කරගෙන ඇති සෞදි අරාබි මුස්ලිම් සහෝදරත්වය කොතෙක්ද යන්න ගැන අදහසක් ගත හැක්කේ එම උත්සවයට ඔහුගේ බිරිඳගේ ගේ සහභාගිවීම තක්සේරු කර ගැනීමෙනි.

මෙවැනි තක්කඩියන් ගේ කියුම් කෙරුම් අසා අප සිංහල බෞද්ධ යැයි සටන්පාඨ කියමින් අන් ජාතීන් හෙලා දකිමින් උන් හා කල්ලි ගැසෙන ජාතිවාදී කණ්ඩායම් දැන්වත් සත්‍යය ⁣වටහාගත යුතුය.ඒ සත්‍යය ඇත්තේ බුදුන් වහන්සේ දේශනා කළ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා යැයි ප්‍රකාශ කෙරෙන අවිහිංසාවාදී දර්ශනය තුළ මිස මේ තක්කඩියන්ගේ කන්න ඕනෑ විට කබරගොයාත් තලගොයා කරගන්නා සාහසික සටන් පාඨ තුළ නම් නොවේ.

න ඡච්ඡා වසලෝ හෝතී
න ඡච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති
කම්මනා හෝති බ්‍රාහ්මණෝ

රැකියාව මත උගත්කම මත මිනිසුන් වර්ග නොකළ යුතුය. සිදු කරනු ලබන ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් බවට පත්වන්නේය.(බුදුන් වහන්සේ)

 


Spread the love

Leave a Comment

You may also like