උණුසුම් පුවත්

කඩුවෙල නඩුකාරතුමියගේ පොලිස් ආරක්ෂාව හදිසියේ ඉවත් කරලා

Spread the love

මෙරට හදිසි නීතිය පැනවීමත් සමගම මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන ක්‍රියාකාරිකයන් හා රාජ්‍ය නිළධාරීන් දඩයමි කරනු ඇතැයි අප මීට පැය ගනනකට ඉහතදී ලිව්වෙමු ඒ තහවුරු කෙරෙ තොරතුරක් මේ දැන් අපට ලැබී තිබේ.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය වූ චානිමා විජේබණ්ඩාරගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම පිළිබදවය.ඇයගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇත්තේ ඇයට කිසිදු දැනුම් දීමකින් තොරවය.පසුගියදා (5දා)පොලීසිය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය අසල අද දින පැවැත්වූ විරෝධතාවන් තහනම් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් ⁣නියෝගයක් ඉල්ලා තිබුණි.
එහෙත් මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ මහජන සාමකාමී විරෝධයක් තහනම් කිරීමට තරමේ සාධාරන කරුණු දැක්වීමක්  පොලීසිය මගින් නොකළ බව සඳහන් කරමිනි.
මේ වන විට හදිසියේම මහේස්ත්‍රාත් වරියගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම  ඉහත සිදුවීම පදනම් කර ගනිමින් බව අපට සිතා ගත හැකිය..
කාලකණ්නි රාජපක්ෂ වරු නැවතත් මේ නටන්නට හදන්නේ ඔවුන්ගේ මදාවි මැර නාඩගම බව අපට සිතේ. මේ වතා⁣වේ නම් ඒ සෙල්ලම් හරිියන්නේ නැති බව අපි රාජපක්ෂලාට කියා සිටිමු

Spread the love

Leave a Comment

You may also like