උණුසුම් පුවත්

බිඳ වැටී ඇති පොලිස් දෙපාර්තමේන්තුවට ආලෝකයක්

Spread the love

පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිතයන් පිළිබඳව නිතර අනාවරණය කරන ලංකා දවසට සතුටු විය හැකි පුවතක් වාර්තා වී තිබේ.
ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී ඇති පුවතයි.උප සේවා ⁣ගොබ්බයන් නිසා බිඳ වැටී පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට මෙවැනි විශිෂ්ටයන් නිසා ආලෝකයක් ලැබෙන බව කිව යුතුමය.
අද පොලිස් දෙපාර්තමේන්තුවේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා හරිහමන් අධ්‍යාපනයක් නොලද කණ්ඩායමක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධව සිටි උප සේවාවට අයත් වූවන් ස්ථිර පොලිස් සේවාවට අනුයුක්ත කිරීමයි.කොන්දේසි විරහිතව සිදු කළ මෙම අනුයුක්ත කිරීම නිසා පොලිස් සේවාව කෙතරම් බිඳ වැටුනේද යන්න වර්තමානයේ මෙරට සමාජය තුළ පොලිසිය පිළිබඳව පවතින හිරිකිත ඇගයීම  හා ඒ හා බද්ධව පවතින පාදඩ දූෂිත පොලිස් කෙරුවාව ගැන විමසන විට ගනනය කර ගත හැකිය.

අපි එවැනි එක සිදුවීමක් සිහිපත් කරමුපසුගියදා රඹුක්කන ජනතා විරෝධයකට වෙඩි තැබූ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න නැමැත්තා අට සමතෙක් වූ අතර ඔහු පොලිස් උප සේවාවට සම්බන්ධවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පිහිට් පාසැලකින් ව්‍යාජ අපොස සාමාන්‍යපෙල සහතිකයක් ලබා ගනිමිනි.එහි ඇති විශේෂතම සිදු වීම වන්නේ මේ කීර්තිරත්න වැස්සකටවත් ඉඳුරුව පාසැලට ගොඩ වූ අයකු නොවීමය.ලංකා දවස මේ පිළිබඳව අනාවරණය කර නමුත් මෙතෙක් පොලිස් දෙපාර්තමේන්තුව ⁣කිසිදු විමර්ශණයක් කර නැති වීම කණගාටුවට කාරණයකි.ඇතැම්විට ⁣මේ සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි ⁣පොලිසියේ ලොක්කන්ට හුරතල් වන්නට පුළුවන.එහෙත් සත්‍ය කාරණය නම් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ගේ ජඩ දේශපාලන පෞරෂය ඉදිරියේ පොලිසියේ ලොක්කන් කොඳු නාරටි බිඳ ගත් නිවටයන් වීමය.  

පොලිස් උප සේවාවට සම්බන්ධව සිට ස්ථිර පොලිස් සේවාවට අනුයුක්ත කරන ලද නිළධාරීන් අතර සුවිශේෂී දක්ෂයන්ද සිටින බව මෙහිදී අමතක කරන්නට නොහැකිය.එහෙත් අතලොස්සක් බවද බවද සිහිපත් කළ යුතුමය.ස්ථිර පොලිස් සේවාවට අනුයුක්ත උප සේවා නිළධාරීන් බොහෝ දෙනෙකු සිය පෞද්ගලික ඕනෑ එපා කම් වලට දේශපාලනික වහළුන් වී කටයුතු කරමින් පොලිස් දෙපාර්තමේන්තුව පාවා දෙමින් සිටී.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කරගනිමින් එහි දැවැන්ත රාජකාරිමය පෞරෂය මුදාහරින පොලිස් නිළධාරීන් තවමත් රාජකාරියේ නිරතව සිටින බැවින් යම්තරමකට හෝ මහජනතාවට සිත හදා ගත හැක.ඒ අතරේ ශානි අබේසේකර, අජිත් රෝහණ වැන්නන් ගැන සංකේතාත්මකව සතුටු සටහන් තැබිය හැකිය.මෙවැනි විශිෂ්ට ගනයේ තව බොහෝ දෙනෙකු පොලිස් දෙපාර්ත මේන්තුව තුළ රාජකාරියේ නිරතව සිටින බවද ලිවිය යුතුමය.
⁣කෙසේවෙතත් පසුගියදා නීතිඥයන් ලෙස දිවුරුම් දුන් පොලිස් නිළධාරීන් අතර සහකාර පොලිස් අධිකාරීවරයකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු පොලිස් පරීක්ෂක වරුන් තිදෙනෙකු උප පොලිස් පරීක්ෂක වරයකු සහ උප පොලිස් පරීක්ෂක වරියකද  සිටී.
සහකාර පොලිස් අධිකාරී එම්.පී.සී චානක ද සිල්වා (අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව) ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර සංජය පෙරේරා (කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය)පොලිස් පරීක්ෂක පී.කේ.ආර්.එම් වසන්ත කුමාර (නීති කොට්ඨාශය)පොලිස් පරීක්ෂක එස්.ඩබ්.ඒ.පී.ආර්.සමරවික්‍රම (නීති කොට්ඨාශය)පොලිස් පරීක්ෂක ඩබ්.ජී.කුමාරසිංහ (මධ්‍යම පලාත් බද නීති කොට්ඨාශය) පොලිස් පරීක්ෂක පී.එම්.සී.සඳරුවන් (නීති කොට්ඨාශය)උප පොලිස් පරීක්ෂිකා එම්.ඩී.සී.ජයමිණි (වයඹ පලාත් නීති කොට්ඨාශය )යන පොලිස් නිළධාරීන් මෙලෙස නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන් අයවළුන් වේ.
මෙම නිළධාරීන් හට ලංකා දවසේ හෘදයාංගම ආචාරය මෙසේ සටහන් කරන අතරේම ඔවුන්ගේ අවධානය පිණිස කියුබානු නිදහස් සටනේ පීතෲ ජොසේ මාර්ට් ගේ මේ ප්‍රකාශයද මෙහි ලියා තබමු. 
“…සැබෑ මිනිසා ආර්ථික වාසිය රැඳී ඇති මාවත නොසයයි.ඒ වෙනුවට ඔහු සොයන්නේ යුක්තිය හා සාධාරණත්වය රැඳි මාවතයි.ඒ නිසා මෙලොව වසන එකම ප්‍රායෝගික මිනිසාද ඔහු වේ.අද දින ඔහුගේ සිහිනය හෙට දවසේ රටේ නීතිය වනු ඇත්තේය…” 
ගුනාත්මක පොලිස් සේවාවක් ගැන අපේක්ෂා කරන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වරයා මේ නිළධාරීන් සුවිශේෂී ඇගයීම කට ලක් කළ යුතුය යන්න අපගේ අදහසයි.වැඩිදුරටත් අප එසේ කරන ලෙසද අමාත්‍ය වරයා වෙත සද් භාවයෙන් යෝජනා කරන්නටද කැමැතිය. එසේ කරන්නේනම් එය පොලිස් දෙපාර්තමේන්තු⁣වේ අනෙකුත් නිළධාරීන්ට පූර්වාදර්ශයක් වන බව නිසැකය.
අප ඒ ඉල්ලීම ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතරේම ඛලීල් ජිබ්රාන් ගේ ගේ කෘතියකින් ගත් උපුටනයක්ද මෙසේ ⁣සඳහන් කරමු.
ඒ නීතිය හා පොලිස් අමාත්‍යවරයාගේ අවධානය පිනිසය
“……ඔබට අධර්මිෂ්ටයන් ගෙන් ධර්මිෂ්ටයන් වෙන් කළ නොහැකිය.දුෂ්ටයන්ගෙන් යහපත් තැනැත්තන් වෙන් කළ නොහැකිය.
මක් නිසාද කිව හොත් කළු සහ සුදු නූල් එක්කොට වියූවාක් මෙන් ඔවුන් ඉර අබිමුවහෙහි එකට එක්ව නැගී සිටින බැවිනි.
කළු නූල කැඩීයන විට රෙද්ද වියන්නා මුළු රෙද්ද ගැනම අවධානය යොමු කළ යුතු වෙයි.ඔහු වියන යන්ත්‍රයද පරීක්ෂා කළ යුතු වෙයි
(ඛලීල් ජිබ්රාන්)  

Spread the love

Leave a Comment

You may also like