උණුසුම් පුවත් දේශපාලන

අගමැතිගේ ඉල්ලා අස්වීම ගැන නාමල් ගෙන් ටුවිටර ඉඟියක්

Spread the love

අනුරාධපුරයේ වන්දනාවේ ගිය අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ

ලිපිය ජනපති මිල්ටෙරි නන්දසේන වෙත යවා ඇතැයි දැන ගැන්මට තිබේ.එහෙත් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ දිගින් දිගටම උත්සාහ කරන්නේ සිය පියා අගමැති තනතුරේ රඳවා ගන්නටය.යෝෂිත ගේ ක්‍රියා කළාපය පිළිබඳව මිල්ටෙරි නන්දසේන සිටින්නේ දැඩි සැකයෙනි අවිස්වාසයෙනි.
යෝෂිත රාජපක්ෂ මේ වන විට  පොදුජන පෙරමුණට සම්බන්ධ පලාත් පාලන නියෝජිතයන් කොළඹට කැඳවා අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති තනතුරේ සිටිය යුතු යැයි කියවෙන උද්ඝෝෂණයක් පැවැත්වීමට සංවිධානය කරමින් සිටින බවද දැන ගැන්මට තිබේ.   
ඒ කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද සවස සිය  ටුවිටරයේ තබා ඇති වීඩියෝවක් පිළිබඳව අපගේ
අවධානය යොමු විය.
“……මේ අගමැති කම මට මහ ලෙකෙු කජ්ජක් නොවෙයි.ජනපති වුනත් අගමැති වුනත් නිකම්ම නිකම් මන්ත්‍රී වුනත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි…”
මේ වීඩියෝව පසුගියදා අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවක ⁣කොටසකි.එම වීඩියෝව සිය ටුවිටරයේ දැමීමෙන් නාමල් රාජපක්ෂ නොකියා අඟවන්නේ සිය පියා අගමැති කමෙන් ඉල්ලා අස්වීමට නියමිත බව යැයි අපට සිතේ.එහෙත් හෙට දවස අවසන් වීමට පෙර එය සිඳුවෙනු ඇති යැයි අනාවැකි කියන්නට අපට නොහැකිය.ඒ රාජපක්ෂ වරු යනු ලේසියෙන් බලය අත් හරින්නන් නොවන නිසාය. 
අගමැති වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට හෝ නොවීම මෙරට ජනතා අරගලයට වැදගත් කමක් නැත.⁣ඇවි⁣ලී ඇති අරගලය අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ ⁣ගෝඨාභය ජනපති කමෙන් ඉල්ලා අස්විය යුතු බවය. මේ වන විටත් තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය ගෝඨාභය ඉල්ලා අස් නොවී අගමැතිවරයා පමණක්  ඉල්ලා අස්වීමට සැළසුම් කිරීම ගැන අප්‍රසාදය හා පිළිකුළ ප්‍රකාශ කොට නිවේදනයක් නිකුත් කර තිබේ.

Spread the love

Leave a Comment

You may also like