උණුසුම් පුවත්

පානදුරේ පොලිස් නිලධාරින්ගේ මාරුවීම් සියල්ල සිදුකරන්නේ දේශ බන්දු ලවා කුඩු සලිදුයි – අද DIG දේශ බන්දු පාතාලේ ගෝඩ් ෆාදර්වෙලා.

Spread the love

පසු ගියදා(  27 ) දින දහවල් පානදුර දකුණ පොලිස් ස්ථානය ඉදිරිපිටදී  තුවක්කු අතති පුද්ගලයන් 04 දෙනෙකු පැමිණ ගැබිනි මාතවක් රැගෙන රෝහල තුළට පැමිණි ගිලන් රථයට වෙඩි පිට වෙඩි තැබීය.

ගිලන් රථ රියදුරු හා තුවක්කුකරු අතර දුර මීටරයක්වත් නොවු නමුත් රියදුරුගේ වාසනාවට එම තුවක්කුව පත්තු නොවීය. ඒ අසලම තවත් තුවක්කුකරුවෙකු වෙඩි තැබීමට සුදානම්ව සිටියේය. ඒ සියල්ලම ක්‍රියා විරහිත වී ඇත්තේ ගිලන් රථයේ සිටි සියල්ල ගේම වාසනාවකට මෙනි.

තුවක්කු කරුවන්ගේ පිස්තෝල  පත්තු වුවානම් අද රියදුරු මෙන්ම ඉතාම ජනාකීරන ස්ථානයක් වු පානදුර  රෝහල අසලදි කීදෙනෙක් මියයනවාදැයි කීම අපහසුය.

පානදුර ඒ සියල්ල සිදුවන්නේ  සලිදු නැමති ප්‍රදාන කුඩු ජාවාරම් කරු ගේ මෙහෙය වීමෙන්ය. මේ පිලිබදව නම හෙලිකිරීමට නොහැකි පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මේ ඝාතන හා මීට පෙර කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අසල ත්‍රිවිල් රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම ඒ ඝාතන සියල්ලම සිදු කර ඇත්තේ සලිදු නැමැති පානදුරේ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකුගේ මෙහෙයවීමකින් බවයි.

එම  ඝාතනයන් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකළ විමර්ශන නිලධාරීන් තමන්ට  වාර්තා  කළ නමුත් සලිදු නැමති පාතාල ප්‍රභලයා හෝ ඔහු ගේ ගෝලයන් අත් අඩංගුවට ගැනීමට නොහැකි බවයි.

ඒ සලිදු ගේ අති ජාත මිත්‍රයා වන්නේ තම දිසාව භාරව සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන වරාය පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සලිදු ගේ ඉතාමත්ම හිතෛෂී ගජ මිතුරෙකි එනිසා පළාතේ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි මැලිකමක් දක්වන බව පෙනී යන කරුණකි.

ඔවුන්ගේ පුර්ණ රැකවරණය මේ පාතල සලිදු නැමැත්තාට හා ඔහු ගේ ගෝලයන්ට ලබාදි තිබෙන අතරම එම නිසාම පොලිසිය දැඩි සේ අසරණවී ඇති බවත් ඔහු අප හා ප්‍රකාශ කලේය.

දැන් පාතාලයේ හා කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදර්දේශබන්දු තෙන්නකෝන් බව සමස්ථ රටම දැන සිටියත් ගෝඨාභය විරුවා එය නොද නී. හෝ ඔහුද මේ කුඩු මාෆියාවේ හා පාතාලය වෙනුවෙන් පෙනි සිටිනවාදැයි අපට ඇසීමට සිදුව ඇත.

https://www.youtube.com/watch?v=5c35rMQkI7c

පානදුර පොලිස් ස්ථානයේ  බොහෝ පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට මාරුවීම් ලබා ඇත්තේ සලිදු හරහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද ඉල්ලීම වල ප්‍රතිඵලයක් නිසාය, මෙම ප්‍රදේශය අපරාධ ඉහළ යාමට එක්තරා හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දුනි.

පානදුර ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම සලිදු හා ඔහු ගේ ගෝලයන් සිදුකල බවට සාක්ෂි ඇති නමුත් ඒ වහාම දේශබන්දු විසින්  වෙනත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අපට දැන ගැනීමට ඇත.

පෙර පිනකට තම ජීවිතය ගලවා ගැනීමට හැකි වූ ගිලන් රථ රියදුරාට අද සිදුවී ඇත්තේ “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා “ සේ පානදුර පොලිසියේ  නිලධාරීන් දැඩි පීඩනයක් එල්ල කරන බව අප වෙත වාර්තා වේඑම නිලධාරීන් ජීවිතය බේරාගත් පුද්ගලයා ගෙන් ප්‍රශ්න කරනවා හැර සලිදු හෝ ඔහුගේ සගයින් අත්අඩංගුවට ගැනීමට කිසිදු උවමනාවක් නැති බවද  දැන ගැනීමට ඇත.

දේශ බන්දු තෙන්නකෝන් රටට හා රටේ පොලිසියට සිදුකරන විනාශය පිලිබදව පොලිස්පති නැමති නිදි ගොව්වා කතා නොකරන්නේ කුමන හේතුවක් මත දැයි අපි වික්‍රමරත්නගෙන් අසන්නෙමු.

මේ වනවිට පොලිසියේ මෙවනි සිදුවීම් හෙලිකරන මාධ්‍ය මාධ්‍යවේදීන් නිහඩ කිරීමට තවත් කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක්වේ. පොලිසිය සහ පාතාලය අතර ඇති සමීප සම්බන්ධතාව පිළිබඳව හිරු මාධ්‍ය තුළින් හෙළි කරන ලද චමුදිත ගේ ජීවිතය ද මේ වන විට දැඩි අනතුරකට පත්ව ඇති බව අප හට දැන ගැනීමට ඇත.

ඒ අනුව එහි තවත් පළිගැනීමක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරන බවත් පෙනී යයි.

විශේෂ ස්තූතිය දෙරණ මාධ්‍යයට


Spread the love

Leave a Comment

You may also like