උණුසුම් පුවත්

නිතිඥයෝ නිතිපතිය වටලයි – ඔබතුමාලා රාජපක්ෂලාට දාපු නඩු ඉල්ලා අස්කරගත්තේ ඇයි….? – නිතිඥයෝ අසයි

Spread the love


සමස්ථ ජාතියක පැවැත්මක් ඇත්තේ එරට ක්‍රියාතමක්වන නිතිය හා පාලනය මතය. මේවනවිට දුෂිත රාජපක්ෂලාගේ වරදාන තනතුරු වලට පයින් ගැසු නිතිඥයන් එකමුතුව එකා සේ එක්ව රාජපක්ෂ පාලනය පලවා හැරීමට ජනතාව දරණ වීදි සටනේ ශක්තියක් වී ඇත්තේ මේ නිති ප්‍රජාවයි.

ජනතාවගේ බදු මුදලින් ඉගනගත් උගත් නිතිඥයන් අද රටේ ජනතාවට ඒ ණය ගෙවීමට සේ නොමිලේම එකා මෙන් පෙනි සිටීම සමස්ථ ජාතියේම ගෞරවය හා ආදරයට පාත්‍රවු සත් ක්‍රියාවකි. මෙහිදි අද නිතිඥයන් ඒක පෙලට නිතිපතියට ගොස් ඇසුවේ …..

” රාජපක්ෂලාට නඩු පැවරුවේ පැවරුවේ අපිද …? හිටපු නිතිපති ඇයි එහෙනම් දැන් අයින් කරගන්නේ ඇයි කවුද බලකරන්නේ ? …”යනුවෙන්

ඒ පිලිබදව නිතිපති ගෙන් ප්‍රශ්ණ කලයුතු බවට පැමිණි නිතිඥයන් ප්‍රශ්න කලේය. එවිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු කියා සිටියේය ඒ පිලිබදව තමාට ලිඛිතව විස්තර ලබාදෙන ලෙසයි.

ඊට පසුව තමා මේ පිලිබදව නිතිපති දැනුවත් කරන බවත් ඔහු කියා සිටියේය. මේ වෙන කොට රාජපක්ෂ ආණ්ඩුවේ සිටින ඇමතිවරු ඇතුළු බොහෝ දෙනෙකුට ඇති නඩු නිදහස් කොට හෝ ඉල්ලා අස්කරගෙන 37 ක අබවටද හෙලිවිය.

මේ පිලිබ්දව රටේ ජනතාවට ඇත්තේ සාධාරණ වෛරයකි. ඒ රටේ පාලක ප්‍රභූ පැලන්තියකට එක් නිතියකුත් සාමාන්‍ය මහජනයාට තවත් නිතියකුත් ඇති රටක් බවයි .

ස්තුතිය ඡායාරූප ලබා ගැනීම


Spread the love

Leave a Comment

You may also like