උණුසුම් පුවත්

ඉන්ධන හිඟයෙන් රට අවදානමේ තියෙද්දී චිචී බබාගේ හිත සනසන්නට හමුදාපති පෙබරවාරි 05 දින සාලියපුර හමුදා කඳවුරේ කාර් රේස් සංවිධානය කරයි.

Spread the love

රටේ මිනිස්සු ජීවත්වෙන්නේ අපි කන හැ⁣ටි ලිපා දනී විදියටය.දැන් ෂැපද අහන්න කවුරුත් නැත.හෙට අනිද්දා වෙන විට මේ ආර්ථිකය බිමටම පාත් වෙන බව සිකුරුය.එදා ජනතාවගෙන්

 දැන් ෂැපද ඇසූ දේශපාලන තක්කඩියන් නම් අළුත් අවුරුද්ද උදා ⁣වනවිට හිටියේ රට රටවල් වල  ගොස් සැප ගනිමිනි.
රට තුළ බරපතළ ඩොලර් හිඟයක් තිබුණාට ඒ තක්කඩියන්ට හා පවු⁣ලේ වුන්ට විනෝද සංචාර සඳහා ඩොලර් ඕනෑ තරම් තිබුණ බව පැහැදිලිය.මිල්ටෙරි නන්දසේන තනිකර පිස්සු වහංගතයකි. වගාව කාබනික කරනවා යැයි මෙරට බෝග වගාවට සිදුවූ විපත්තිය නිසා දැන් ගොවියන්ට කෝටි 4000 ක් ගෙවන බව මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා පුරසාරම් කියන්නේ කිසිම ලැජ්ජා බයක් නැතුවය.
මේ ගෙවන වන්දි මුදල් පිස්සු හුටං මිල්ටෙරි නන්දසේන ගේ මැදමුලන බූදලයෙන් නොවේ.මේ ගෙවීම අනුමත කරන්නට පෙර අමාත්‍ය මණ්ඩලයට මේ ගැන සොයා බලා වරද කළ වුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට තීන්දු කිරීමෙි වගකීමක් තිබුණි.එහෙත් දැන් සිද්ධ වෙන්නේ අමාත්‍යය මණ්ඩලය පොදු මහජන මුදල් යනු තමන්ගේ අම්මාගේ අප්පාගේ දේපොළක් ලෙස සිතා කටයුතු කිරීමය.කාබනික ගොවිතැන් ප්‍රශ්ණය හැදුවේද උන්ය.මෙරට සම්ප්‍රදායික ගොවිතැනට හානි පැමිනුවේද මේ වාහෙලාය.එය එසේ වන්නේනම් ගොවීන්ට වන්දි ගෙවීම කළ යුතු වන්නේද මේ වාහෙලාගේ මුදල් වලිනි.
ඒත් සිද්ධවෙමින් පවතින්නේ මහජනතාවගේ බදු මුදලින්ම ඒ වන්දි ගෙවීම සිදු කිරීමය.මේවා හෙන ගහන අපරාධය.ඒත් පුදුමය මේ ගැන විරෝධය දක්වන්නට ⁣හෝ මේ සිද්ධ වෙන නොසන්ඩාල වැඩේට එරෙහිව කවුරුවත් නීතිමය ක්‍රියා මාර්ගයක් නොගන්නා එකය.
අද වනවිට රටට විදුලිය සැපයෙන්නේ රී ලෝඩ් සිස්ටම් එකටය.ඇතැම් විට හෙට වන විට මුළු රටම අඳුරුවීමේ අවදානමක් පවතී.ඒ රී ලෝඩ් සඳහා ප්‍රතිපාදන ලැබීම විශ්වාස නැති නිසාය.
මේ කන්නයේ අස්වැන්න නැති කමින් ගොවි බිම් පුරා අඳෝනා පැතිරී යමින් තිබේ.රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් 
ගෑස් කිරිපි⁣ටි හා අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම් වල ලැග සිටිති.
මේ වටපිටාවෙි මිල්ටෙරි නන්දසේන කසාචකණ්ටකයන් පෝම් කරමින් ආගම ජාතිය සිල්ලරට බෙදා හරිමින් සිටී.හැම නාලිකාවකින්ම බෙදා හැරෙන්නේ රජගෙදර බණය.සංඝ පාතාලය තවමත් රාජපක්ෂ තක්කඩියන් ආරක්ෂා කරන්නට පවුරු බැඳ ගෙන සිටී.
ඒ අතරේ තක්කඩි හමුදාපතියා හමුදාව යොදවා ගනිමින් වෙහෙර විහාර ප්‍රතිමා ගොඩ නගමින් සිටී.මේ ආගම යොදා ගනිමින් මිනිසුන් සංවේදීව අවුස්සා  රාජපක්ෂලා ගේ පැවැත්ම හා ආරක්ෂාව  තහවුරු කිරීමේ මනෝ මූලික සංග්‍රාමයකි.ඒ මනෝ මූලික සංග්‍රාමයට  හමුදාපතියා හා ඒ තක්කඩියාගේ අඹුව පෙරමුණ ගෙන තිබේ.හමුදාපතියාගේ අඹුව කට්ට කයිරාටික බිස්නස් කාරියෙකි.මේ බිස්නස් කාරිය නිතරම බලන්නේ තමන්ගේ බැංකු ගිණුම විශාල කර ගන්නය.බුද්ධ චීවරය උකස් කර හෝ ⁣වැඩේ ගොඩ දාගන්නට මේ ජෝඩුව හපන්ය.⁣ඊ ළඟ ආණ්ඩුවක් බලයට ආවත් තමන්ට මයි⁣ලක හානියක් නොවන බවද මේ තක්කඩි ජෝඩුව දනී.බත්තරමුල්ල සංරක්ෂිත කලාපය අත්පත් කර ගනිමින් හමුදාපතියා නිවසක් හදා ගෙන ඇත්තේ කිසිම බයක් හැකක් නැතුවය.

දුන්නම කන්නම්  කාල දුවන්නම්……..

ගජබා රෙජිමෙන්තුවම යොදා ගෙන ඇත්තේ හමුදාපතියාගේ අඹුවගේ පක්කිලි  වැඩ සඳහාය.ඇය යන එන විට පාවඩ දාන්නේත් ⁣ඇයගේ රෙදි හොදන්නේත් හමුදාවේ මේජර් ජනරාල්ලාය.අද වන විට හමුදාවේ තරු ඔටුනු  පීචං වී ඇති තරම කියන්නට බැරි තරමේ කණගාටු දායකය.එදා ජනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ අභිමානවත් පෞරෂයක් ගොඩ නඟා ගෙන තිබූ හමුදාව අද වැටී ඇත්තේ හිඟමනටය.මේ හමුදාපතියා හමුදාව  දුන්නම කන්නම්  කාල දුවන්නම් තාලයට හැඩ ගස්වා අවසන්ය.
කොටින්ම කියතොත් අද හමුදාවේ හැම ඉහළ තනතුරක්ම පෙර රජ දවස අන්තක්පුරය මුර කිරීමට යොදා ගත්  “නපුංසකයන්” ⁣බවට පත් කොට හමාරය. හමුදාපතියාගේ අඹුව නියෝග කළ විට කිසිම ලැජ්ජාවක් බයක් හැකක් නැතුවම වැසිකිලි පවා  හෝදන්නට තරඟයට පෝලිම් වෙන මේජර් ජනරාල්ලාය බ්‍රිගේඩියර්ලාය. කර්නල්ලාය.මේ ඉහළ මිල්ටෙරි ජ්‍යෙෂ්ඨයන්ට මෙසේ නම් මේජර් ,කපිතාන් වැනි තනතුරු ගැන කවර කතාද…..?  
හමුදාපතියා හමුදාව නපුංසක කර ඇත්තේ මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවටය.ඒ අවශ්‍යතාව ඕනෑවටත් වඩා ඉටු කර දෙමින් සිය අඹුවට ජාවාරම් කර ගන්නටද ඉඩ දී තිබේ.හමුදාපතියගේ අඹුව සිදු කරන ජාවාරම් ගැන මිල්ටෙරි නන්දසේන නොදන්නවා නොවේ. රාජපක්ෂ තක්කඩියන් තමන්ට  වාල් කම් කරන වහළුන් නිර්මාණය කරගන්නා තියරිය ඒකය.ඒ තමන් සමීපයේ ඉන්නා එකෙකුට හා ඒකාගේ පවුලේ එකෙකුට ඕනෑම කූඨ ජාවාරමක් රිසි සේ කර ගන්නට ඉඩ දීමෙනි.තමන් සිදු කරන ජාවාරමි ගැන රාජපක්ෂ ස්වාමියා නොදන්නවා යැයි සිතා වහලාද සිය ජාවාරමි කටයුතු කරයි.නමුත් රාජපක්ෂ වරු නොදන්නා ගානට ඒ වහලාගේ සියලු ක්‍රියාකාරම් ගොනු රැස් කර ගෙන ලඟ තබා ගෙන සිටී.ඒ එම  වහලා වැරදිලාවත් තමන්ට එරෙහිව ගිය දවසට පිටියට දමන්නට තියෙන තුරුම්බු විදියටය.

පෙබරවාරි 05 දා සාලියපුර ගජබා රෙජිමෙන්තු භූමියේ කාර් රේස්….

හමුදාපතියා රාජපක්ෂ වරුන් නටවන රූකඩයක් බවට පත් වී ඇත්තේ ඔන්න ඔය කෙරුවාව නිසාය. චිචී බබා ගේ හිත සනසන්නට පෙබරවාරි 05 දා සාලියපුර ගජබා රෙජිමෙන්තු භූමියේ කාර් රේස් එකක් පැවැත්වීමට හමුදාපතියා හා අඹුව සැළසුම් කර තිබේ.මේ තරඟය සඳහා කාර් රථ 500 ක් සහභාගි වන බව වාර්තා වී තිබේ.රාජපක්ෂ පුත්‍රයන්ගේ ආස්වාදය සඳහා පැවැත්වෙන මෙම කාර් රේස් තරගයේ සියළු ආහාර සැපයීම් හමුදාපතියාගේ ජාවාරම්කාර අඹුව ගෙනි.
ඉන්ධන හිඟයෙන් මුළු රටම අවදානමකට ලක් වී සිටිද්දී   රාජපක්ෂ නොසන්ඩාලයන් හා හමුදාපති පාදඩයා ගේ මේ සැනකෙළි සංවිධානය ගැන ගැන අපට නම් ඇතිවෙන්නේ හිරිකිතයකි. මේ සැනකෙළිවලට අත්පුඩි ගසා හෝයියා කියන විපක්ෂය ගැන අපට ඇතිවන්නේ ඊටත් වඩා අපුලකි.
සැබවින්ම හමුදාපතියා හා ඒකාගේ අඹුව හා විපක්ෂය තියෙන ගජ මිතුරු සම්බන්ධතාව නිසාම මේ ජාවාරමිකාර තක්කඩියන් කරන කියන ඒවාට එරෙහිවන්ටත් බැරි බව අපි දනිමු.ඒ කාට කොලේ වසා ගේම් ගැසුවත් අප  ඒ හැම සෙල්ලමක් ගැනම තොරතුරු A -Z  දන්නා බැවිනි. 

Spread the love

Leave a Comment

You may also like