උණුසුම් පුවත්

රාජපක්ෂ සනුහරය නිෂ්පාදනය කළ කපටි ඇමති නාඩගම රඟ දැක්වේ

Spread the love

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය වරු සිය ඉල්ලා අස්වීමේ ලිපි අගමැති වරයාට බාරදුන් බව අද දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කෙරිණි.

එහෙත් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතූ වන්නේ ජනාධිපති වරයාට සිය අස්වීමේ ලිපිය බාර දීමෙන් පසුව බවත් අගමැති වරයාට ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් අමාත්‍යවරුන් කර ඇත්තේ අනීතික ක්‍රියාවක් බව නීතිඥ සංගමයේ
සභාපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

රට පවතින ආර්ථික අර්බුදය හා අවිනිශ්චිත බව සම්බන්ධයෙන් ජනධිපතිවරයා හා අගමැතිවරයා ජනතාවට කරුණු දැක්විය යුතු බවටද වැඩිදුරටත් නීතිඥ සාලිය පීරිස් මහතා පවසා ඇත.

මේ අතර තුරේදී මිල්ටෙරි නන්දසේන නැවත අමාත්‍ය මණ්ඩල කූට්ටම අනිමින් සිටින බවට අපට දැනගැන්මට ලැබුණි.එහිදී නව මුදල් අමාත්‍ය වරයා ලෙස අලි සබ්‍රි පත් කර ඇති අතර මහමාර්ග ඇමති ලෙස ජොන්ස්ටන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුනවර්දනද පත් කර ඇතැයි වාර්තාවේ.මේ අනුව මේ වන විට නව අමත්‍ය වරුන් හතර දෙනෙකු පත් කර තිබේ.

නිතිඥ සාලිය පීරිස් පවසන ආකාරයට ඇමති වරුන් නෛතිකව ඉල්ලා අස් වී නැති නම් ජනපති මිල්ටෙරි නන්දසේන නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරමින් සිදු කරන විකාරය තව තවත් රට අගාධයට පත් වෙමින් තිබියදී පවා ඒ ගැන නොසැළකිල්ලෙන් හා අනවධානයෙන් ක⁣ටයුතු කරමින් සිටින බවය.

මෙම ඉල්ලා අස්වීම නීතිවිරෝධී බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාරද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී.

 


Spread the love

Leave a Comment

You may also like