උණුසුම් පුවත්

ජාතික ජන බලවේගය රැස්වීම අස්සේ ඇවන්ගාඩ් බිත්තර අසුවේ.

Spread the love

අද දින පැවැත්වූ ජාතික ජන බලවේගයේ සමුළුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණ සිටි පොදුජන පෙරමුණේ පාදඩයන් දෙදෙනෙකු අල්ලා ගැනීම⁣ට එම සමුළුවට සහභාගි වූවන්ට හැකි වී තිබේ.

මෙම පාදඩයන් දෙදෙනා පොලීසියට බාර දී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා පාපොච්චරණය කරමින් පවසා ඇත්තේ තමන් ඒ සඳහා යෙදවූයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග බවය.මෙම දෙදෙනාම ඇවන්ගාඩ් සේනාධිපති ගේ සමාගමට සම්බන්ධව ආරක්ෂක සේවයේ නිරත විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු බවද වැඩි දුරටත් අනාවරණය වී තිබේ.

බිත්තර ප්‍රහාරය සඳහා එක  අයෙකුට රුපියල් පන්දාහක් ලැබුණ බවද පසුගියදා කොළඹ පැවැති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාර එල්ල කරන ලද්දේද  තමන් බව මොවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇත.
සමාජය රණවිරුවන් ලෙස සළකන හා ගෞරව කරන විශ්‍රාමික සෙබළුන් සිය නොසන්ඩාල කුපාඩි වැඩ සඳහා යොදවා ගැනීම අතිශයින්  කණගාටු දායකය.ඇවන්ගාඩ් සේනාධිපති විසින් විරුද්ධ පක්ෂ දේශපාලනයට එරෙහිව අන්තර්ජාලය යොදා ගනිමින් සිදු කරන අසික්කිත මඩ ප්‍රහාර ගැනද අපට බොහෝ තොරතුරු ලැබී තිබේ.
වත්මන රට තුළ මතුවෙමින් තිබෙන බරපතල දේශපාලන කලබගෑනිය තුළ ඇවන්ගාඩ් සේනාධිපතිගේ කේන්දරය බලා ගැනීම හොඳ බව අප ලියා තබන අතරම ඒ කේන්දරයේ මාරක ස්ථාන වල නීච ග්‍රහයන් ඉන්නට ඉඩ ඇතැයිද  අපි අනතුරු අඟවා සිටිමු.
අප එසේ කියන්නේ කට්ටඬි ඥානා මෙන් දේව වරමින් නොව අප හදාරන දේශපාලන කියවීමෙන් බවද ඇවන්ගාඩ් සේනාධිපතිට දන්වමු. 

Spread the love

Leave a Comment

You may also like