උණුසුම් පුවත්

ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට රට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න යැයි සමන්තා පවර් කියයි

Spread the love

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වී ඇති බරපතලම ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ මාර්ගයක් ලෙස රටේ ආර්ථිකය නගා සිටුවීමේ සැලැස්ම සමග

දූෂණය වලක්වා ගනිමින් නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙස USAID ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධරයන් ගෙන් ඉල්ලා සිටී
රජය ගන්නා එවැනි පියවර මත ජාත්‍යන්තර හා දේශීය විශ්වාසය ගොඩ නැගෙනු ඇති බවද ඇය සඳහන් කෙරුවාය.
ඇය මෙසේද කීවාය
“අප සහාය දීමෙන් පමනක් මේ රටේ දක්ඛිත තත්වය අවසන් නොවනු ඇත.දේශපාලන ප්‍රතිසංස්කරණ සහ දේශපාලන වගවීම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වගවීම සමග අත්වැල් බැඳ ගත යුතුයි.රජය දූෂණයට එරෙහිව කටයුතු කරන අතර දිගු කාලීනව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යන විට ජාත්‍යන්තර විශ්වාසය වැඩි වනු ඇති.”
මේ  සමගම විපක්ෂය හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් විසින් වත්මන් ජනපතිවරයාට හා ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහා මැතිවරණයක් පැවැත්වීමට බල කරන ලෙස සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලා සිටින ලදී.  
සැප්තැම්බර් 01 දින ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධනයේ සඳහන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ජනවරමක් ඇති රජයක් රටට අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත මණ්ඩලයද මීට පෙර ප්‍රකාශ කර තිබුණි.ඒ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ  ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ ඡ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාය.

Spread the love

Leave a Comment

You may also like