උණුසුම් පුවත්

හෙට සමස්ත රෝහල් පද්ධතියම ලෙඩ වෙයි.

Spread the love

හෙට උදේ හතට පරිපූරක වෛද්‍ය සේවාවත්, හෙද සේවාවත්, අතුරු වෛද්‍ය  සේවාවත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අඛණ්ඩ වර්ජනය වලක්වා ගැනීමට හැකිව තිබියදී වගකිවයුතු සෞඛ්‍ය බලධාරී ඊට අපොහොසත්වීම හේතුවෙන් ඇතිවූවක්. 
ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීමේදී රජය වගකීම් විරහිතව කටයුතු කර ඇති අතර, වැටුප් ව්‍යුහය පිළිබදව කිසිදු අවබෝධයකින් තොරව කටයුතු කර ඇත. ඒ හේතුවෙන් රට, වැටුප් ධුරවලිය පිළිබදව ප්‍රතිපත්තියක් නොමැති තත්වයට පත්ව ඇත.
මෙම වැඩ වර්ජනය සදහා පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර නොගන්නා අතර, හදිසි හා ජීවිතාරක්ෂණ සේවාවන් ස්වේච්ඡාවෙන් සපයණු ලැබේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ඖෂධ සංයෝජක නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියළු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී  වේ.

Spread the love

Leave a Comment

You may also like