උණුසුම් පුවත්

පාස්කු ඉරිදා සමූල ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයක් වහාම ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි,- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 49සැසිවාරය අමතමින් කොළඹ අගරදගුරු කාදිනල් හිමිපාණන් පවසයි.

Spread the love

ගරු සභාපතිතුමිය , හිතවත් නෝනාවරුනි මහත්වරුනි,

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දරු දැරියන් අසූ දෙදෙනෙකු  (82) සහ රටවල් දාහතරකට අයත් විදේශිකයින් හතළිස් හත් දෙනෙකු ඇතුළුව මිනිසුන් 260  දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර පන්සියයකට වඩා වැඩි පිරිසකට තුවාල සිදු වූහ.

මෙම සමූල ඝාතනය පිළිබඳ මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදී පිරිසගේ ක්‍රියාවක් බවය.කෙසේ වුව ද ඉන් අනතුර සිදු වූ  අපරාධ විමර්ශනවලින් හෙළි වූයේ  මෙම සමූලඝාතනය දේශපාලන මහා කුමන්ත්‍රනය කොටසක් බවයි.

අප ද ,සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලාඉල්ලා සිටියද වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළි කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නට හිරිහැර කිරීමෙන් සහ බිය ගැනීමේ උත්සහයක් දක්නට ලැබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ බිහිසුණු අපරාධය සිදුවී දැනට වසර තුනක කාලයක් ගෙවී ඇතත් පාස්කු ඉරුදින සිදු වූයේ කුමක්ද යන්න  පිළිබඳ අපි තවමත් අඳුරේ සිටිමු.

මෙම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයෙන් සහ සාමාජික රටවල් වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන ඉදිරියටම කරගෙන යාමටත්,පාස්කු ඉරිදා සමූල ඝාතන පසුපස ඇති සත්‍යය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරිම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සහයෝගය දක්වන ලෙසයි.

ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන් සිරස මාධ්‍යයට අපගේ ස්තුතිය.


Spread the love

Leave a Comment

You may also like