උණුසුම් පුවත්

17% කින් විදුලි බිලත් ඉහල දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමතිය.

Spread the love

මේ වනවිට ශ්‍රි ලංකාව දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතිඅතරම විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමානවත් ඉන්දන විදුලි බල මංඩලයට ලබාදීමට නොහැකි බව තෙල් සංස්ථාව මේ වනවිටත් දැනුම් දී ඇත.

ඒ සමගම ඉදිරි නියං කාලයේ දි ප්‍රමානවත් විදුලි උත්පාදනයක් සිදු කිරීමට නොහැකිවන නිසා තම ආයතනයට වැයවෙන පිරිවැය ලබා ගැනීමට ජනතාවගේ විදුලි බිල 17% කින් ඉහල දැමීමට සිදුවන බවත් ඊට මහජන උපයෝගිතා අමාත්‍යංශයේ අවසරය ඊයේ ඉල්ලා ඇත.

ඒ අනුව ලබන සදුදා විදුලි බල මංඩලයට  අවසර ලබාදිමට නියමිතය. ඒ අනුව ස්ථිරවම විදුලි බිල ඉහල යනවා ඇත. රටේ ජනතාව දැන් ඉතාම දැඩි ආර්ථික පීඩනයකින් දිවි ගෙවන අතර විදුලි බිලත් ඉහල යාම කිසි සේත් දරා ගැනීමට නොහැකි වනු ඇත.ඉදිරි සති දෙක තුළ දී විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බව රජයට සම්බන්ධ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

විදුලි බිල ඉහල යාමත් සමඟම නිෂ්පාදන් වල මිල ඉහලයාමද ඒ අනුව සිදුවනු ඇත.මෙයින් සිදු වන්නේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමකි.


Spread the love

Leave a Comment

You may also like