උණුසුම් පුවත්

රටටම “ගැස් ” ඇවන්ගාඩ් නිශ්ශංක ගෙන්..

Spread the love

ගෝඨාභාය රාජපක්ෂ ගේ පුතා ගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්  අත දිගහැර වියදම් කල ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති හට මෙරටට ගෑස් ගෙන ඒමට අවශ්‍ය සියල්ලම දැන් සකස් කොට ඇත.

ඒ නිසාම මෙතෙක් ලාෆ් ගැස් විකිණීම සිදුකල වැගපිටිය බිමටම දමා ඇත. කලක් වෑග පිටිය මහින්ද රාජපක්ෂලා ගේ සුවච කීකරුව සිටි නමුත් මෛත්‍රි පැමිණි පසු 2015 දි වෑගපිටිය මෛත්‍රි සමඟ මිත්‍රව ලාෆ් ගැස් ව්‍යාපාරයට ලංකා බැංකුව හා මහජන බැංකුව වෙතින් පමනක් රුපියල් මිලියන 800 ක් පමණ ණය ලබාගෙන ඇත. එවන් පසු බිම්ක ලාෆ් ගැස් අද අන්තයටම ඇද දමා ඇත්තේ ගෝඨාභය ගේ හිතමිතුරු සංග්‍රහය නිසාය.

ඇවනගාඩ් නිශ්ශංක සේනාධිපති රටේ ධනය වංචනිකව හුරාකන්නේ රාජපක්ෂලාට 15% කොමිස් මුදලක් ගෙවමින්ය . නිශ්ශංක සතු සියලු ව්‍යාපාරවලින් ගෝඨාභයට අද 15% ගෙවන බව අප හට දැන ගැනීමට ඇත.පසු ගියදා ලාෆ් ගැස්  ආයතනයේ CO ලෙසට රුපියල් ලක්ෂ 3 ක පඩියක් දෙමින් රාජපක්ෂලා ගේ නියොගයෙන් කුඩා බාලගේ නැමති අයව පත්කලෝය.

පසු ගියදා ඇවන්ගාඩ් සමාගමට නාවික හමුදාවේ සමසථ වෙලද නැව් ආරක්ෂණයම ඇවනගාඩ් වෙතට භාර දීමටසිදුව   ඇත. ඒ අනුව තවත් නොබෝදිනකින් ගැස් ලංකාවට ලැබෙන අතරම තවත් රුපියල් 785 කි ඉහලයන බවත් අපවෙතට වාර්තාවේ.


Spread the love

Leave a Comment

You may also like