උණුසුම් පුවත්

රාජපක්ෂ හාමුලාගේ වතුර උගුරක වටිනා කම රු:350 ක් , වතුර නැතිනම් ප්‍රංශ වතුර බීපියව්.

Spread the love

එදා වේල පිරිමසාගෙන සතියක් හමාරක්  ගෙදර ස්⁣ටොක් කරගෙන කෑමට  කිලෝ පහක හාල් මිටියක් එළෝළු ටිකක් පිටි පැකට්ටුවක් මාළු පිණි ටිකක් කරෝල කෑල්ලක් පොල්ගෙඩි තුන හතරක්  ගන්නට අතේ අඩුම ගානේ පන්දාහේ කොලයක් තිබිය යුතුමය.මාස් පඩි කාරයන් යන්තමින් දිවි ගැට ගහ ගනිද්දී කුලී කම්කරුවන් එක වේලකින් බඩේ පනුවන් පිනවමින් සිටී.හැබැයි ඔය මොන දේ සිද්ධ වුනත්  මේ රටේ සිටින්නේ විලිලැජ්ජාවක් නැති වුන්ය.ලැජ්ජාවට කියා මුන් පාට පාට මෝස්තර ඇඳුම් ඇන්දාට හිතන්නේ පතන්නේ අමු අසික්කිත හිඟන විදියටය.එහෙම වුන්ට මේ විඳවිල්ල මදිය බව අපට සිතේ.අප එහෙම කියන්නේ මේ රට කරුමක්කාර අපායට ඇද දැමීමේ පූර්ණ වගකීම ඇත්තේ මේ අයවළුන් නිසාය.රුපියල් දාහකට ටකරම් දෙකකට කක්කුස්සි කටකට පොල් පැලයකට ඡන්ද කතිරය ගහන මැටි මෝළුන්  මේ ගොබ්බ හැත්තය.පෝර  නෑ කිය කිය නාහෙන් අඬ අඬා විලාප දෙමින් පාරට බැස පිකට් කරන මේ කාලකණ්නියන් හෙට මැතිවරණයක් පැවැත්වුන⁣හොත් ඡන්දෙ දෙන්නේ රාජපක්ෂ හාමුලාටය.ඒ හාමුලාගේ කුලී කාරයන්ටය.ඡන්ද කතිර පෝලිමේදීී මේ ගොබ්බයන්ට පෝර නැතුව විඳවූ විඳවිල්ල අමතකය.ඩිපෙන්ඩරයෙන් බහින නාමල් බබා අත ගෑවාත් සැපය.මහින්ද උන්දෑ තමාගේ අතේ ඉන්නා දරුවා වඩා ගත්තා නම් සනුහරේම චන්දය රාජපක්ෂ හාමුලාටය.උන් නියෝජනය කරන පක්ෂයටය.මිල්ටෙරි නන්දසේන පියුන් කමීසයේ ආමි පදක්කම් තුනක් එල්ලාගෙන ඉන්න එක මේ කුම්මැහි ජාතියට මාරම සයිස් ආඩම්බරකාර වැඩක්ය.රාජපක්ෂ වලව්වේ බල්ලා බැල්ලියක සමග ලිංගිකව හැසිරෙන විටත්, සතුටට පවා හන්දි ගානේ කිරිබත් කන්නට රබන් ගහන්නට රතිඥ්ඥා පත්තු කරන්නට මේ රටේ බාගයක් විතර  එක පයින් ලෑස්තිය.එහෙව් කොන්ද පණ නැති ජාතියකට පොල් ගෙඩිය හාල් ටික කරෝල කෑල්ල මසුරන් ගානට ගන්න වුනාය කියා ප්‍රශ්නයක් වන්නට ඉඩක් නැත.  ඒ විතරක්යැ.රටේ අභිමානය රැකුණු රජයේ දේපොල රාජපක්ෂ හාමුලා උන්ගේ පරම්පරා දේපොළ ලෙස චීනයට විකුණන එක ගැන වගේ වගක් නැත.කහ චීත්ත චීවරධාරී නසරානී බණ කියන පාහරයන් රැළ රටම මීහරකුන්ට අන්දා රාජපක්ෂ හාමුලාගේ පස්ස හෝදන ඇට්ටිම්බන් වී සිටී. 

මෙරට සමෘද්ධියන් මේ විඳවන විඳවිල්ල මදිි යැයි අප ලියන්නේ මේ නිසාය.එහෙත් මේ විඳවිල්ල සිද්ධ වෙන්නේ  කාගේ වරදින්දැයි තේරුම් ගෙන සිටින හෘද සාක්ෂියට එකගව ජීවත්වන අති උත්තම ගනයේ මිනිසුන් පිරිසක්ද මේ දූපතේ සිටින බව අපි අමතක ⁣නොකරමු.රටේ හෙට දවසේ ඉපදෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහ පාරට බැස පොලීසියෙන් ගුටි කන්නේ ඒ වීරවරයන්ය.ඔවුන් අතරේ වයසක් තරාතිරමක්  ගැන අදහසක් නැත.ඔවුන්ගේ උත්තුංග අරමුණ වී ඇත්තේ මේ රට රාජපක්ෂ හැතිකරයෙන්  බේරාගතයුතුය යන්නය.
රාජපක්ෂ සාපය රට පුරා විශබීජයක් සේ පැතිර යමින් ඇති හෝරාවක නිහඬව බලා සිටීම යනු සිය පුරවැසි වගකීම අත් හැරීමයි.
යහපාලනය දිනවල මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් චීවරයා ප්‍රකාශ කෙරුවේ රජු අධාර්මික වන විට ස්වභාව ධර්මයා පවා සමාජයෙන් පලි ගන්නා බවය.එම චීවරයා ප්‍රකාශ කළ ඒ කියවිල්ල අනාවැකියක් ලෙස ගලපා ගත හොත්  වර්තමානයට අපූරුවට ගැලපේ.ඉවක් බවක් නැතුව මිනිසුන් එදා වේල හොයාගන්නේ කොහොමදැයි යන්තමකටවත් සළකන්නේ නැතුව බිස්නස්කාර ගජ මිතුරු රංචුවක් සමග ආණ්ඩුව පෞද්ගලික වෙළඳ සමාගමක් බවට පත් කරගෙන සිටින රාජපක්ෂ හැතිකරය සිතා සිටින්නේ චන්දයක් කි⁣ට්ටුකර එක චන්දදාස කෙනෙකුට රුපියල් පන්දහසක් විසි කිරීමෙන් තවදුරටත් බලය තහවුරු කර ගත හැකි බවය.ඒ සඳහා වියදම් කරන්නට මේජර් සේනාධිපති සිටී .දෙරණ දිලිත් ජයවීර සිටී.ෂැන්ග්‍රිල්ලා  මජීඩ් මුදලාලි සිටී.උන්ගේ වියදමින් රාජපක්ෂලා නාවා සෙන්ට් පවුඩර් ඉස පාවඩ දමා පිළිගන්නට රනිල් හාමු සිටී.වජිර අබේවර්ධන සිටී.සාගල රත්නා යක සිටී .ඕමල්පේ සෝභිත සීටී.මල්වතු අස්ගිරි පාර්ශව සිටී.මුරුත්තෙට්⁣ටුවේ සිටී.ඇල්ලේ ගුණවංශ සිටී.ගලබොඩ අත්තේ සිටී.උඩුවේ පිරිමි ගණිකාව සිටී.මේ රොත්තම තමුන්ට අතට ලැබෙන කුට්ටියට යටත්ව රාජපක්ෂ  හොර දෙටුවන් වෙනුවෙන්ම අත කට ඇස කණ ලිංගය අධෝමුඛය හසුරවන්නෝය.මේ නම් ලැයිස්තුවේ නම් සදහන් ඇතැම් කයිවාරුකාරයන් සමාජයේ දැන් දැන් පෙනී සිටින්නේ මිල්ටෙරි නන්දසේනට විරුද්ධ විදියටය.ඇමරිකානු පුරවැසි බැසිල්ට විරුද්ධ විදියටය .එහෙත් මේ විරෝධය රාජපක්ෂ නඩයේම න්‍යාය පත්‍රයේ කොටසක් පමණි.ඒ බව තහවුරු කරන්නට අපට ඕනෑ තරම් සාක්ෂි තිබේ.මේ ඉන් එකකි.ඒ සඳහා ඇල්ලේ ගුණවංශ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නියෝජනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ගැන වාහිනීවල කළ කයිවාරු මතක් කර ගැනීම හොඳය.මේ උන්දෑ කිව්වේ ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි නියෝජනය ඇතුළත් කරාට කිසිවෙකුට පාර්ලිමේන්තුවට ඇතුල් වීමට නමි කිසි සේත් ඉඩ නොදෙන බවය.දැන් ඇමරිකානු ජාතික බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇතුල් වී මුදල් ඇමතිකමද ලබා ගෙන සිටී.ඇල්ලේ ගුණවංශ කළ කයිවාරුවේ හැටියට බැසිල් මුදල් ඇමති කම බාරගත් දා උන්දෑ ඇඳ සිටින චීවරයට පැට්ට්‍රෝල් වත් කරගෙන දැවී යායුතුය.සමහරවිට පැට්‍ට්‍රෝල් ගනන් නිසා ඇල්ලේ තවමත් වල්ල කස කසා ඊළඟ ස්ටෙප් එක ගැන කල්පනා කරනවා වෙන්නට ඇත.මේ වාගේ තවත් පැහැදිලි සාක්ෂි ඕනෑ නම් යහපාලන කාලයේ සිට මේ දක්වා මුන්දැලා වාහිනී වල කියු කතා සිහිපත් කර ගන්නා ලෙස ඉල්ලමු .ඒ කෙසේ වෙතත් මේ සැට් එක කරන්නේ රාජපක්ෂ හොර නඩය සිදු කරන රට කාබාසිනියා ව්‍යාපෘතිවලට මහජන විරෝධයක් මතු වුන හොත් ඒ විරෝධය පිරිත් පැන් ඉස සමනය කිරීමය.රාජපක්ෂලා උදැල්ලෙන් බැරි නම් අතින් හරි වැඩේ ගොඩ දාන්නෝ වෙති.මහින්ද රාජපක්ෂ ගේ කුණුහරුප දේශනා මේ රොත්තම අසා තිබේ.රාජපක්ෂ නඩයට එරෙහිව කතා කෙරුවොත් සිද්ධ වෙන දේ ගැන අත්දුටු මූලාශ්‍ර වලින්ම මේ රැළ දනී .ඉඳහිට කටින් ජපක්ෂලාට එරෙහිව වචනයක් දෙකක් පිට කෙරුවාට අවසානය සටහන් කරන්නේ රාජපක්ෂ වලව්වේ බල්ලාටද පිරිත් නූලක් බැඳ සෙත් පිරිත් කියමිනි.
ඊයේ පෙරේදා තිස්සමහාරාමයේ වැව චීනයට කුලියට දුන් පුවත රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරවන සිදුවීමක් විය.එහිදී පුරාවිද්‍යා කොමසාරිස් මැදිහත් වී එහි සිදු කළ චීන කුලී කාර මගෝඩිය නවතා දමන ලදී.ඒ නවතා දැමීම තාවකාලිකය.නවතා දැමීම තාවකාලික වුවද පරිසර සංවිධාන වලට ඒ පුවත සෙනික ආතල් එකක් වෙන්නට ඇත.එහෙත් මේ වන විට පුරාවිද්‍යා  කොමසාරිස්ගේ අවසරය මත ඒ චීන කෙරුවාව අරඹන්නට සූදානම්ය.රාජපක්ෂ හොර නඩය සැළසුම් කරන මගෝඩි බිස්නස් එකක් නැවතීමට සමතෙක් තවමත් මේ දූපතේ ඉපදී නැත.සමහර විට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා අගමැති මහින්ද රාජපක්ෂ උන්දෑ ගෙන් දුරකතන සුරතාන්තයක් ලබන්නට ඇති බව සහතිකය.ඒ මන්ද යත් රාජපක්ෂ නඩයට එරෙහි වන රජයේ  ලොක්කන්   මහින්ද රාජපක්ෂගේ කුණුහබ්බ සූත්‍රය අසන්නට සිද්ධවෙන බව අප දන්නා  නිසාය.ආත්ම ගරුත්වයක් හා හොඳ ජාතකයක් ඇති ලොක්කෝ රජපක්ෂගේ මේ සූත්‍රය ඇසුවාට පසුව රජයේ සේවයෙන් ඉල්ලා අස්වී නම්බුකාර විදියට ගෙදර යති.ඊයේ පෙරේදා කෘෂිකර්මයේ ලේකම් වරු දෙන්නෙක් පුටුවෙන් බැස ගියේ ඒ හේතුවෙනි.
මානසික ලෙඩක් ඇතිබව පවසා මොඩිකල් කන්ඩම් කරගෙන  ඇමරිකාවට පැන්න මිල්ටෙරි නන්දසේනයා පරිගණක ක්‍රියාකරුවකු ලෙස එදා වේල සොයාගනිමින් ජීවත්වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වීමෙන් පසුව මෙරට ආරක්ෂක ලේකම් කමට පත්විය.එලෙස ⁣ආරක්ෂක ලේකම් කමට පත්වූ මේකා මාස කිහිපයකින් කැලිෆෝනියාවේ ඉඩමක් හා නිවසක් ගැනීමට තරමි පොහොසත් වූයේ කෙසේදැයි තර්කානු කූලව සිතන්නට තරමේ මොළ ඇබින්දක්වත් මේ රටේ වුන්ට ඉතිරිව තිබුණේ නැත.දැන් මේ රාජපක්ෂ හොර නඩය ලෝකයේ බිලියන පතියන් බවට පත්වී හමාරය.මේ හැතිකරය රට බේරාගත් ⁣දුටුගැමුණු පරපුර ලෙස තවමත් උඩදාන කාලකණ්නියන් ගැන අපට ඇත්තේ කෝපයකි.කළකිරීමකි.
වතුර ඉල්ලා පාරට බැස්ස විට පාසැල් සිසු දරුවන් වෙඩි තබා මරා දැම්මේ මේ රාජපක්ෂ තිරිසනුන්ය.වතුර නිසා වකුගඩු රෝගයෙන් මිය යන වායැයි මෙරට තවත් ප්‍රදේශයකින් ඇසේ.වතුර
 කළ ගෙඩි හා බාල්දි එල්ලාගෙන බොන්නට වතුර බිංදුවක් හොයාගෙන යන මිනිසුන් සිටින ගම් දනව් බොහොමයකි.
එහෙම දුක් විඳින වුන්ගේ චන්ද කතිරය  පවා වදින්නේ රාජපක්ෂ හැතිකරයටය.අපූරුය.හාස්‍යජනකය
උන්ගේ කතිරයෙන් රජ සැප විඳින රාජපක්ෂ හැතිකරය බොන්නට වතුර සපයා ගන්නේ ප්‍රංශයෙනි. රාජපක්ෂලා හාමුලාගේ වතුර උගුරකට මහජන බදු මුදලින් රුපියල් පන්සියයක් පමණ වැය කෙරේ ඒ ප්‍රංශයෙන් ගෙන්වන මිලිලීටර් තුන්සිය පනහක වතුර බෝතලයක් රුපියල් තුන්සිය පනහක් පමන වන නිසාය.සාමාන්‍යයෙන් එක මිනිසෙකු දිනකට වතුර ලීටර් තුනකට ආසන්න ප්‍රමානයක් පානය කළ යුතුය.එය එසේ ගනන් බැලුවහොත් එක් රාජපක්ෂ පංචස්කන්දයක් දිනකට පානය කරන වතුර සදහා රුපියල් පන්දාහක්  පමණ වැය⁣ කෙරේ.ඒ අනුව නාමල් බබාලා හා අනිත් බබාලා එකතු වූ විට දිනකට බීමට ප්‍රංශ පිරිසිදු වතුර සඳහා වැය කරන මුදල ගනන් හදා ගන්නා ලෙස ඉල්ලමු. මහජන බදු මුදලින් ප්‍රංශ නිශ්පාදන පිරිසිදු වතුර පානය කරන මෙි තක්කඩි පංචස්කන්දයන්  ගැන මුළු රටම ලැජ්ජා විය යුතුය.රාජපක්ෂ ⁣හැතිකරය හිතා හිටි⁣න්නේ අපට බලය තියෙනවා ඒ නිසා අපට ඕනෑදේ අපි කරනවා  කියාය.ර⁣ට පුරා තිබෙන ආහාර අහේනිය මේ කාලකණ්නි නඩයට වගේ වගක් නැත.
රාජපක්ෂ හැතිකරය බීමට ගන්නා ප්‍රංශ පිරිසිදු ජල බෝතල් ගැන හරි විදියට දැන් විපක්ෂය රට පුරා පෝස්ටර් ඇලවිය යුතුය .ඒ මක්නිසාද යත් රාජපක්ෂ  හැතිකරය උස්සාගෙන යන එවුන්ට පාවඩ දමන කාලකණ්නියටන්ටද ඒ  වතුර පානය පුරුදු කිරීමටය.එය ජාති ජාතිත් මහත් ඵළ මහානිශංස ඇති කරවන පින්කමක් වන්නේය.

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like