උණුසුම් පුවත් උණුසුම් පුවත්

ටිරාන් හා දේශබන්දුගේ හොරා පොලිස් සෙල්ලම නම් මාරයි

Spread the love

පසුගියදා වාර්තා වූ කරන්දෙණිය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය   රොෂාන් කුමාර විතානච්චි ගේ ඝාතනය ප්‍රබල දේශපාලඥයකු ගේ මැදිහත් වීමෙන් සිඳුකරන ලද්දක් බවට සැකයක් මතු වී තිබේ.එම ඝාතනය පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 18 ක් පත් කර ඇති බව පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණද මෙතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගෙන නොමැති බවද අනාවරණය වේ.

මේ අතර යුක්තියේ මෙහෙයුම ⁣නමින් නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ගෙන යන වැඩපිළිවෙල ඉතා කුමන්ත්‍රණකාරී වැඩ සටහනක් ලෙසට සැක සිතිය හැකි බොහෝ සිදුවීම් රට පුරා අසන්නට ලැබේ. එහිදී මාධ්‍ය උපයෝගී කරගනිමින් ⁣නීතිය හා සාමය බාර අමාත්‍යවරයා හා පොලිස්පතිවරයා   ජනතා ආකර්ශනය ලබා ගැනීම සඳහා මෙරට සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය  මර්ධනය කරන බවට ප්‍රකාශ කෙරුවද  මෙහිදී පොලීසිය හා විශේෂ කාර්ය බලකාය මගින් බොහෝ විට අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හා සුළු පරිමානයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව පෙනී යයි.මෙරට නාමධාරී සංවිධානාත්මක අපරාධ කරුවන් විශාල පිරිසක් මේ වන විට විදේශගතව සිටිමින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වල හා මනුෂ්‍ය ඝාතන වල නිරත වෙමින් සිටී.

 ඔවුන් කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කරන මනුෂ්‍ය ඝාතන වලට මෙරටදී සම්බන්ධ වන ඝාතකයන් අත් අඩංගුවට ගැනීම සිඳු නොකරන බවත් ඒ වෙනුවට එම මිනිස් ඝාතනයට සම්බන්ධයැයි හැඟවෙන ආකාරයට සුළු සුළු අපරාධ වලට සම්බන්ධ තැනැත්තන් අත් අඩංගුවට ගෙන මරා දැමීම විශේෂ කාර්ය බලකාය මගින් හෝ පොලීසිය මගින් සිඳු කරන බවත් හෙළිදරව් වී තිබේ.විදේශගතව සිටින බරපතල ඝනයේ චෝදනා ලැබූ අපරාධකරුවන් සමග මෙරට පොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග  ඉතා සම්ප සම්බන්ධතා පවත්වන බවත් ඔවුන් හට එම අපරාධ කරුවන් විසින් විවිධ ආකාරයෙන් මුදල් ප්‍රදානයන් කෙරේ.

 කොස්ගොඩ තාරක පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද්දේ කොස්ගොඩ සුජීව විසින් මෙරට පොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු හට ලබා දුන් මුදල් කොන්ත්‍රාතුවක් මත බව අප හට තොරතුරු ලැබී ඇත. මදූෂ් ඝාතනයද පොලීසිය මගින් සිඳු කළ  එවැනි සාහසික ඝාතනයකි.එහිදී මදූෂ් සතුව තිබූ කෝටි ගණනක මුදල් පවා මේ පොලිස් ඡ්‍යෙෂ්ඨයන් විසින් වංචනිකව ලබා ගෙන ඇති බවද හෙළි ⁣වී තිබේ.අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර ඝාතනය කිරීමට සම්බන්ධ  බවට සැක කර විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද සැකකරුද  බාලේන්ද්‍ර ඝාතනයට සම්බන්ධ අයෙකු නොවේ.අහුංගල්ල නගරයේදී විශේෂ කාර්ය බලකාය මගින්  මරා දමන ලද තැනැත්තකුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු නොවන බවට වාර්තා විය.කෙසේ වෙතත් මේ වන විට විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ බවට සැක මතුවෙමින් පවතී.ඒ සඳහා නීතිය හා සාමය බාර අමාත්‍යවරයාගේ හා පොලිස්පතිවරයාගේ යටිබිම්ගත සහයෝගය ලැ⁣බෙමින් තිබෙන බවටද තොරතුරු හා සාක්ෂි තිබේ. දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙලේ පාතාල අපරාධ කරුවන් පිරිසකට සිය ජාවාරම් කරගෙන යාම සඳහා මේ දෙදෙනාගේ රැකවරණය හා ආරක්ෂාව ලැබෙන බවද තහවුරු වේ.එහිදී කොස්ගොඩ සුජීව හෙවත් ජගමුණි සුජීව නැමැති සාහසික අපරාධකරුට හිමි වී ඇති  යටි බිම් ගත රාජ්‍ය මුක්තිය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

කොස්ගොඩ සුජීව නම් මේ සාහසික අපරාධකරු විසින් අම්බලන්ගොඩ හා බලපිටිය කේන්ද්‍රීය කරගනිමින් අත්පත් කරගෙන ඇති නිශ්චල දේපොල  පිළිබඳව නීතිය හා සාමය බාර ඇමති හා පොලිස්පතිවරයා කිසිදු අවධානයක් නොදක්වන බව පැහැදිලිය.එය වඩාත් තහවුරු වන්නේ මේ වන විටත් ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවට පත් වී සිටින කොස්ගොඩ සුජීව මෙරටට ගෙන්වීමට පොලිස්පතිවරයා කිසිදු උනන්දුවක් නොදැක්වීමය.කොස්ගොඩ සුජීව ගේ සමීපතමයකු වන පොන්සි දසුන් නැමැත්තාගේ සොහොයුරු බව පැවසෙන කට්ටඩි ශාන් නැමැත්තා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හ⁣ට ගුරුකම් කරන්නා වේ. එලෙසම කොස්ගොඩ සුජීව මෙරටට ගෙන්වීම වැලැක්වීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පොදු ජන පෙරමුණ නියෝජනය කළ ගයාන් සිරිමාන්න දැඩි වෙහෙසක් ගනිමින් සිටී.ගයාන් සිරිමාන්න ඉන්දියාවේ  චෙන්නායි  සිටින පාතාල නායකයකු වන සුරේෂ් නැමැත්තා හා මෙරටට ළුෑණු හා මිරිස් ආනයනය කරමින් සිටී.මෙම සුරේෂ් නම් අපරාධකරු දැනට තමිල්නා⁣ඩුවේ බන්ධනාගාරගතව සිටින පූගඩිකන්නා හෙවත් කෙනඩිගේ සහෝදරයා වේ.  

 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සුරේෂ් නැමැත්තා ගයාන් සිරිමාන්න හට සම්බන්ධ කරන්න ලද්දේ කොස්ගොඩ සුජීව බවට තොරතුරු තිබේ.පසුගිය කාලයේ අතේ සතේ නොමැතිව ⁣නන්නපෝල් වී සිටි ගයාන් සිරිමාන්න පසුගිය කාලයේදී ඉතා කෙටි දිනකින් යාන වාහන ගණනාවක හිමිකරුවකු වීම හා ඔහු විසින් ජාවාරම්කාර සුරේෂ් සමග සම්බන්ධ වෙමින් සිඳුකරන ළුෑණු මිරිස් ආනයනය පිළිබඳව බරපතල සැකයක් මතුවේ.කෙසේ වෙතත් ගයාන්  සිරිමාන්න එලෙස යටි බිම්ගතව මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයන මුදල් ජනාධිපති කාර්යාලයේ බලවතෙකුට පවා බැර වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබේ.

පසුගියදා කරන්දෙණිය පිහිටි හමුදා කෘෂිකර්ම බලකායේ සෙබලකු ටී පනස් හය ආයුධයක් සොරා ගත් බවට වාර්තා විය.මෙම සෙබළා පිළිබඳව සැඟවුන කතන්දරයක් තිබේ. වීරරත්න නම් වූ එම සෙබළා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායට අනුයුක්තව සිටි බලලත් නිළධාරියෙකි.බුද්ධි බලකායේ රෙජිමෙන්තු මූලස්ථානය පිහි⁣ටා ඇත්තේ හමුදා කෘෂිකර්ම බලකායට යාබදවය.

එය එසේ තිබියදී වීරරත්න නම් බුද්ධි බලකා සෙබළා කෘෂිකර්ම බලකායට සම්බන්ධ කර සිටියේ කවර කාරණයක් නිසාද යන්න ප්‍රශ්ණ සහගතය.

මෙම වීරරත්න නම් සෙබලා එක්නැලිගොඩ ඝාතනයේද සැකකරුවෙක් ලෙස අධිකරණයේ චෝදනා ලැබූ අයෙකි.මොහු තව වසර දෙකකින් හමුදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණි.අවුරුදු විස්සකට ආසන්න කාලයක් හමුදාවේ සේවය කර විශ්‍රාම යාමට ආසන්නයේ මෙලෙස ටී පනස් හයක් සොරකම් කිරීමට සෙබලකු මැදිහත් වීමද සැක සහිතය.

කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ ඝාතනය ගැන මත බේදකාරී තත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙවැනි සමාජ වටපිටාවකය.

එහිදී හෙට අනිද්දා වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි ප්‍රකාශ කරමින් ඒ ඝාතනය ගැන හයක් හතරක් නොදන්නා තැනැත්තකු අත් අඩංගුවට ⁣ගෙන පොලීසියේ තිර පිටපතට අනුව අත්

 අඩංගුවේදී පලා යාම⁣ට තැත් කිරීමේදී මරා දමන ලද බවට වාර්තා වෙන්නටත් ඉඩ තිබේ.ඉන්පසුව මහජන සෞංඛ්‍ය පරීක්ෂක වරයාගේ ඝාතන සිඳුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ අවසන් විය හැකිය.වර්තමානයේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදු කරන හොරා පොලිස් සෙල්ලම සිද්ධ වන්නේ එහෙමය.

අපි දුන් පොලිස්පති දේශබන්දුට අභියෝගයක් කරමු.පසුගියදා අහුංගල්ලේ කුඩු නෝනිගේ දේපොල රාජසන්තක කළ බව⁣ට ඔබ රූප තිරයේ නැටූ නාඩගම අපගේ අවධානයට ලක් විය.කුඩු නෝනිගේ දැන් වයස අවුරුදු හැත්තෑවකි.නෝනිගේ දුව බන්ධනාගාරයේය.කුඩු නෝනි කො⁣ස්ගොඩ සුජීවගේ ⁣මත්ද්‍රව්‍ය මෙරටදී අලෙවි කළ සිල්ලර ජාවාරම්කාරියකි.

දේශබන්දු පොලිස්පතිවරයාට හැකි නම් අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති කොස්ගොඩ සුජීවට අයත් කෝකියා අවන්හලට බදු දී ඇති දෙමහල් ⁣ගොඩනැගිල්ල ,බලපිටිය මාදු ගං මෝයේ ඇති හෝටලය හා කෝටි ගණනක් වටිනා  බහුදින යාත්‍රා තුන රාජසන්තක කරන ලෙස අපි ඉල්ලමු.

එහෙත් ටිරාන් හෝ දේශබන්දු ඩබල කොස්ගොඩ සුජීව⁣ නම් රත්තරන් බිත්තර දමන පාත්තයාගේ ශරීරයේ මයිලකට හානියක් නොකරන බව අපට විශ්වාසය.

අපට ටිරාන් දේශබන්දු ඩබලට කියන්නට ඇත්තේ ඔහොම යං ඔහොම යං කියාය.


Spread the love

You may also like