උණුසුම් පුවත්

ගෝඨා ගේ සෞභාග්‍යයේ තරම……අනුරාධපුරයේ ඓතිහාසික වැවක් ගොඩකර හෝටලයක් හදන ඇමති එස්. එම්. චන්ද්‍රසේන. ( ඡයාරූප සහිතයි)

Spread the love

රුවන්වැලිමහ සෑය ළඟ දිවුරා හතර අතේ බොරු කියන පාලකයෙකු ලොවේ හෝ ලොවි ගසෙත් නැත. ලෝක ඉතිහාසයට එක් වීමට වෙර දරන කාලකන්නිම පාලකයෙක් බවට කවදා හෝ ලියවෙනු ඇති බව අපිට කැට තබා කිව හැකිය. මේ වන විට ගෝඨාභය ගේ සෞභ්‍යය කොතෙක් දැයි යන්න රට පුරාම පෙනි යන කරුණකි. ඒ හා සමානවම රට පුරාම ජාතිවාදි ආකාරයේ ගම්මාන ඉදිකරමින් ,අලි සබ්බ්‍රිලා ගේ උවමනාවට කාති උසාවි හා මද්‍රාසා පාසැල් අළුතින් ලියාපදිංචි කරමින් රුවැන්වැලි සෑය අභියස දිවුරුම් දුන් ආකාරයටම රට කන අපේ විරුවා හෙන්චයියන් යොදවා ඓතිහාසික වැව් ගොඩකරමින් හෝටල් සෑදීම දැන් අරභා ඇත.
ඒ නිසාම ඡන්දය දුන් අහිංසක මහජනතාවට විරුවා ගේ කෙරුවාවෙන් දැන් ඒවා රැක ගැනීමට ජීවිත පුජාකර සටන් වැදීමට සිදුව ඇත. ඒ අනුව පහත ලිපිය මඟින් රටේ ගොවි ජනතාව ඉල්ලා ඇති ඉල්ලීම ඒ ආකාරයෙන්ම අපි පලකරන්නෙමු.
ජයවාපි පරිසර සංවිධානය .
ගජබා විහාරය .
ලෝලුගස්වැව අනුරාධපුර .
2021.මාර්තු මස 26.
අතිගරු ජනාධිපතිතුමා.
ජනාධිපති කාර්යාලය .
කොළඹ .
බණ්ඩාර බුලංකුලම වැවත් ,ගම්මානයත්  නිලධාරීන්  ගෙන් රැක දෙන ලෙස ඉල්ලා සිටීම .
වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති ගාමිණී වාපි හෙවත් බන්ඩාර බුලන්කුලම ,පණ්ඩුකාභය රජු විසින් ඉදිකළ වැව් තුනෙන් එකකි .එම වැවට ජලය දරන්නා වූ ප්‍රමාණය අක්කර එකසිය විස්සකට අධික වන අතර ,වැව් රක්ෂිතය අක්කර දෙසීයකට අදික වේ .
රාජ්‍ය නිලධාරීන් බොහොමයක් සෘජුව සහ වක්‍රව වැව හා වැව් රක්ෂිතය  අත්පත් කරගැනීමට දායක වී ඇත  .
පළාත් ඉඩම් කොමසාරිස් වරයාට වැව් රක්ෂිතය තුළ ඉඩම් ඇති බවට ද ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට වැව් රක්ෂිතය තුළ ඉඩම් ඇති බවට ද ,පළාත් ඉන්ජිනේරු වරයාට සහ තවත් අයට ඉඩම් ඇති බවට ද, නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් අයට ද ,ඇතැම් මිනින්දෝරුවන් ට ද මෙහි ඉඩම් ඇති බවට ද ,තොරතුරු ඇත .ගොවිජන සේවා නිලධාරීන් වැව ගොඩ කිරීම සඳහා ඇතැම් කෙනෙකුට  අනුමැතිය ලබා දී ඇත .නගර සභා නිලධාරීන් ද මේ වැව ඇල්ලීමේ ක්‍රියාවලියෙහි නිරත වී ඇත .
ඇමතිතුමාගේ සමීපතම පුද්ගලයන් වැවේ අක්කර හත අට අල්ලාගෙන ඇත. වැව තුළ හෝටල් හැදෙමින් ඇත .කාපට් පාරක් ඉදිකිරීමට අනුමත වී ඇත .තවත්  පාරවල් දමා ඇත.
වැවට සිදුකරන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදු නොකොට ,වැව සඳහා අපරාධ කළ නිලධාරීන් පිළිබඳව සොයා බැලීමක් නොකොට , චන්ද්‍රසේන ඇමතිතුමා හා බන්ඩාර බුලංකුලම වැව මනින්නට නියම කළේය .
බණ්ඩාර  බුලංකුලම වැව හා රක්ෂිතය  මැනීම වෙනුවට වැවට අයත් නොවන  අහිංසක මිනිසුන්ගේ ඉඩම් ගෙවල්  කුඹුරු සහිත  පාරම්පරික උරුමයන්  වැව ලෙස පෙන්වමින් මනිමින් ඇත .
වැවට අයත් වැව් රක්ෂිතය සහ වැව  වැව එලෙස සිතියම් ගත නොකොට අත්හරී .එහි ජීවත්වන්නේ  ඔප්පු බලපත් සකසා තිබෙන්නේ  රාජ්‍ය නිලධාරින් සහ දේශපාලක බලවතුන් ය .
වැවට අයත් කොටස  වැව් සිතියමින් මකමින් ඇත .
වැවට අයත් නොවන කොටස  වැව ලෙස මැන සිතියම් කොට නව වැවක සිතියමක් අඳිමින් ඇත .සාමාන්‍ය  මනුස්සයන්ගෙ  ඉඩම් ගෙවල් නව වැව් සිතියම සිතියමට ඇතුළත් කරමින් ඇත .
ඒ අනුව තව ටික දිනකින්  සිතියමෙන් ඉවත් කරන වැවේ ඉතිරි කොටස ද මිනිසුන් අත්පත් කර ගන්නවා ඇත .
වැවට අයත් නොවන කොටසක් වැව ලෙස  (ජී පී එස්) ගතකොට ගැසට් කර අදමිටු ,අසාධාරණ ක්‍රියාමාර්ගයක්  ගන්නට සැලසුම් කොට ඇත .
වැව අල්ලාගෙන සිටින පුද්ගලයන් තාප්ප බැඳ කටුකම්බි ගසා  වැවට අයිතිවාසිකම් කියද්දී  ,වැවට අයත් එම ඉඩම් මනින්නට ට ක්‍රියා ක්‍රියා කළේ නැත . නමුත් වසර 70 /80 ජීවත්වන මිනිසුන්ගේ පාරම්පරික ඉඩම් ,කුම්බුරු වැව ලෙස        ඒත්තු ගැන්වීමට ක්‍රියා කරයි .
මේ දිනවල බන්ඩාර බුලංකුලම වැව  මැනුම් කටයුතු කරන නිලධාරියා සැබෑ බව වැව් සිතියමෙන් ඉවත ඇති උස් බිම් වල පිහිටි ඉඩම්  වැවට අයත් ලෙස ද  ජලය පිරි ඇති  වැවෙහි ඉඩම්  වැවට අයත් නොවන ලෙස ද සලකා මැනුම් කටයුතු කරයි .මේ අයුරින් මැනීමට  උපදෙස් අනුබල දී ඇත්තේ  පළාත් ඉඩම් කොමසාරිස් වරයාය .
බුලංකුලම වැව් රක්ෂිතයේ සඳහා කාපට් පාරක් දැමීමට රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා ප්‍රතිපාදන වෙන් වී ඇත.
වැව් රක්ෂිත සඳහා කාපට් පාරවල් දාන්නෙ නැති අතර වැව් රක්ෂිතය තුළ තිබිය යුත්තේ වැව් පෝෂණය කරන තුරු ලතා වේ .
වැව හා වැව් රක්ෂිතයට සිදුකළ හානි අකටයුතුකම් පිළිබඳව මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු කොට නැත .
අනුරාධපුර රාජ්‍ය නිලධාරීන්ගෙන් වැව් රක්ෂිතය ,හා වැව සදහා කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවේ.
 මේ සිදුකරන මැනුම් කටයුතු නවතා  ,අනුරාධපුර ප්‍රදේශයේ මිනින්දෝරුවන් සහ රාජ්‍ය නිලධාරීන් යොදා නොගෙන  නැවත  විශ්වාසී නිලධාරීන් ලවා මැනුම් සිදු කරන මෙන්  ඉල්ලා සිටිමු.
අනුරාධපුර යුගයට අයත් මේ වැවට , අවුරුදු 80 අසූවකට වඩා ඉතිහාසයක් ඇති  මිනුමක් ඇත .
වැවට අයත් නැති  වටවන්දනා පාර එපිට ඇති කුඹුරු අක්කර  දාහතරක් සහ සාමාන්‍ය මනුෂ්‍යයන් ගේ නිවාස හා ,අනගාරිකා අසපුව ද වැවට  අයත් ලෙස  බොරු, ඉතාම  පහත් ගණයේ  මැනීමක් කලේය.
සහ නිලදාරීන්  ඉතාම පහත්  ක්‍රියාමාර්ගයක් ගනිමින් ඇත.
එසේ සිදු කරන්නේ  නිලධාරීන් සහ  බලවන්ත කන්ඩායම් අල්ලාගෙන සිටින  කොටස් නිදහස් කොට ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීම පිණිස ය.
එහි මුල් මිනිසුන්ට තම  ඉඩම්  නැති වන අතර අහිංසක මිනිස්සුන්ට ගෙවල් ද  අහිමි වේ .
01 ලෝලුගස්වැව  ගම්වාසීන්ට සිදුකරන වැරැදි මැනුම මගින්  කරන අකටයුත්ත පිළිබඳව පරීක්ෂණයක්  සිදු කරන මෙන් ඉල්ලා සිටිමු .
02  බන්ඩාර බුලන්කුලම වැව් රක්ෂිතයේ තුළ සිටින නිලධාරීන් සතු ඉඩම් බලපත්‍ර පිළිබඳ විමර්ශනයක් සිදු කරන මෙන්ද ඉල්ලා සිටිමු.
02 රාජ්‍ය නිලධාරින් විසින්  ඔවුන්ගේ ගැලවීම පිණිස වැව කුඩා කිරීමට වැවේ වාන අඩි දෙකක් පහත් කිරීමේ ක්‍රියාවලියට ද අපි එරෙහි වන්නෙමු .
එමගින් රාජ රාජ්‍ය නිලධාරීන් අල්ලාගෙන ඉඩම් ටිකට ජලය එක්රැස් නොවේ.එවිට වැව ඉතාම කුඩාවෙයි.
03.අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් වරයා ප්‍රාදේශීය ලේකම්වරයා පළාත්  වාරිමාර්ග අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් මගින් කරන්නට යන වැවෙහි මැනුම් හා සාදාරනයක් ලබාදීම  නවතා  ඒ සඳහා  අගතිගාමී නොවන පුද්ගලයන් පිරිසක් කොළඹ ප්‍රදේශය යෙන් යොමු  කරගන්නා මෙන්ද අයැද සිටිමු .
04.
පක්ෂග්‍රාහීව ක්‍රියාකරන  වර්තමාන මිනින්දෝරු වාගේ කැණීම් කටයුතු අවලංගු කරන මෙන් ද අයැද සිටිමු.
බුලන්කුලම වැව හා වැව් රක්ෂිතය වෙන වෙනම මිනුම් කරන ලෙසද  ඊට ගල් දා සලකුනු කරන මෙන්ද දැන්වීම් පුවරු ලොකු  4 ක් යොදන ලෙසද අයදිමු.
තෙරුන් සරණය.
.පිටපත්.
1 මානව හිමිකම් කොමිෂන් සභාව .
2 අල්ලස් හෝ දුෂණ චෝදනා  විමර්ශන  කොමිසන් සභාව .
03.රාජ්‍ය සේවා කොමිෂන් සභාව .
4.පොලිස්පති තුමා .
.5,සිංහලේ අපි සංවිධානය .
6.සිරස මාධ්‍ය .
7හිරු මාධ්‍ය .
8දෙරණ මාධ්‍ය .
9.ස්වර්නවාහිනි මාධ්‍ය .
10.දිවයින පුවත්පත .
11.ලංකාදීප .
12.අරුණ පුවත්පත.
13.මව්බිම.
14the island.
15.සුරකිමු  ශ්‍රී ලංකා .
16.සින්හල රාවය.
17.බොදු බල සේනා .
.

Spread the love

Leave a Comment

You may also like