වෙනත්

ලංකාව පුරාම රෝහල් වලින් හා නිරෝධායන් මධ්‍යස්ථාන වලින් දිගටම කොරෝනා (Positive )රෝගින් හමුවේ, ඒ අතර 01 මරණයක්

Spread the love

රජයට අපි පැහැදිලිවම දැනුම් දී කියා සිටින්නේ රටේ ජනතාවට සාමාන්‍ය ලෙසට හැසිරීමට  ඉඩ  නොදිය යුතු බවයි. රජය හිතාමතාම කොරෝනා වැපිරීමක් සිදුකරමින් ඇත. මේ වන්විට බදුල්ල ,මහනුවර වව්නියාව, යාපනය ,මාතර, ගම්පහ ,වතුපිටිවල ,යන රෝහල්වල කොරෝනා රෝගින් ප්‍රතිකාර ලබන බව අපි ජනතාවට දැනුම් දෙන්නේ දැඩි අවධානය යොමුකරන ලෙසයි.

සමාජයෙන් කොරෝනා රෝගින් හමු නොවු බව කීම පල් බොරුවකි. කොළඹ බණ්ඩාරනායක මාවතින් සමාජීය රෝගින් ( Community spread )  11 දෙනා හමු විය. දැඩි සත්කාර ඒකක වල 06දෙනෙකි.

ඊට අමතරව නාවික හමුදාවේ අද දිනට පරික්ෂණයේදී ආසාධිතයන්(Positive ) 19 දෙනෙකු වාර්තාවිය. මේ අතර කුවේට් සිට පැමිණි අයගෙන් 01 කාන්තාවක් ත්‍රිකුණාමලයේදී ඊයේ රාත්‍රි 9.40 ට මියගොස් ඇත.

අද දවසට සමස්ථ වාර්තා වු රෝගින් ගන්න 68 කි. අපි රජයට අභියෝග කර කියා සිටින්නේ ජනතාවට සත්‍ය දැනගැනීමට හා සමාජයෙන් ආරක්ෂාවීමට අයිතියක් ඇති බවයි.

 ජනතාව බිල්ලට දී හෝ ගෝඨාභයට අවශ්‍ය 2/3 ලබා ගෙන අධිකරණ   ,පොලිස්, රාජ්‍ය සේවා ස්වාධීන කොමිෂණ් සභාවන් වසා දමා ඒකාධිපතියකු වීමයි.මේ පිලිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාණය යොමු කොට රටේ ජනතාව  ගේ ජීවත්වීමේ අයිතිය පලමුව රැක දිය යුතුය.

ලසිනි..029


Spread the love

Leave a Comment

You may also like