වෙනත්

චීන ගැති පාකිස්තානයේ ගුවන්යාන ගොඩ බැස්සවීම යුරෝපය තහනම් , ඉදිරියේදී ශ්‍රි ලංකාවටත් සිදුවෙන ලකුණු…….!!

Spread the love

මේ වන විට ලෝකයම චීනය ආරථිකමය හා දේශපාලනික වශයෙන් කොන්කිරීමේ ප්‍රතිපත්තියක් ගෙනයමින් ඇත. ඒ චීනය වනාහි ලොවම බිලි ගැනීමට හදන බාදුරා මලක් වැනිය

අපට චීනය හා යුරෝපයේ වැදගත් කම.;-

චීනය මේ වන විටම ලෝකයේ දුප්පත් රටවලට අනවශ්‍ය ආකාරයට ණය ලබාදී අති මහත් විනාශයක් කර ඇත .ශ්‍රි ලංකාවටද එය එසේමය. ඇංගෝලාව , සුඩානය,  බොස්නියාව උගන්ඩාව , පාකිස්තානය ,  වැනි රටවල් මේ වෙන කොට චීන ණය උගුලක සිරකොට අවසන්ය.

 එදා මෙදා කිසිදු නිෂ්පාදන භාණ්ඩයක් අපෙන් චීනය මිලට ගන්නේ නැත.  රටේ ආදායමින් අපි චීනයේ   සියලු භාණ්ඩ මිලට ගනි.ඒත් යුරෝපයේ රටවල් චීනය මෙන් අධික ගිනි පොලියට ණය නොදෙන අතරම රටකට ණය දීම පිලිබදව සුවිශේෂි කොන්දේසි ප්‍රමානයක් සපුරාලිය යුතුය . ඒ සදහා බොහෝ පාලකයන් කැමති නැත.

ඒ නිසාම රාජපක්ෂලා දි උනෙන් දිනම චීනයටම  ලන් වී ඇත. ඊට ප්‍රධානම හේතු වී ඇත්තේ චීනය රටේ පාලකයන්ට අතදිග හැර කොමිස් දීමත් කිසිදු යුරෝපිය රටක් එවැන්නක් නොකරන නිසාය. රටේ ඇඟළුම් වලින් 75% කොටසක් ලබාගන්නේ යුරෝපයයි එසේම ඇමරිකා එක්සත් ජනපදයද විශාල ලෙස ශ්‍රි ලාංකික නිශ්පාදන ලබාගන්නා රටකි.

ඒත් ශ්‍රි ලංකාවෙන් චීනය කිසිදු නිෂ්පාදනයක් ලබා නොගන්නා නමුත් චීනය ගිනි පොලි  මත ණය දී ඉඩම් කොල්ලයකට ඇස කවමින් 99 අවුරුද්දට ඉඩම් අතපත් කර ගනිමින් සිටී. චීනයේ මෙවනි ඉතාම භායානක ආර්ථික ප්‍රතිපත්ති නිසාම චීනය හා ඊට සම්බන්ද රටවල් යුරෝපා  සංගමයෙන්කොන්කිරීම දැන් ආරම්භ කොට ඇත.

ඊට ඊට සමගාමිව චීන කොලණියක් වෙමින් පවත්නා පාකිස්තානයේ ගුවන් සේවයේ  (PIA) ගුවන් යානා මීට පසු යුරෝපයට ඇතුළු වීමට හෝ ගොඩ බෑමට ඉඩ නොලබෙනු ඇත. මේ නිසාම පාකිස්තානු ආරථිකයට එය දැඩි අහිතකර ප්‍රතිඵලයක් වනවා ඇත. ශ්‍රි ලංකාවද මින් බොහෝ පාඩම් ඉගෙන ගතයුතුය.

ඉදියේදී ශ්‍රි ලංකාව තව තවත් බොහෝ සෙයින් චීන ගැති භාවය වැඩි වීම ශ්‍රි ලංකන් එයාර් ලයින් සදහාත් යුරෝපයේ දොර වැසෙනු ඇත.මෙය ශ්‍රි ලාංකීක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව සහතිකය.


Spread the love

Leave a Comment

You may also like