වෙනත්

මරණ ඉතා විශාල ප්‍රමානයකින් ඉහලට – වහාම රට ලොක්ඩවුන් කරන්න වෛද්‍ය විශේෂඥයන් එක හඩින් කියයි  –  බෑ  රට වහන්න අවශ්‍ය නෑ – ජනාධිපති සමඟ හමුදාපති.

Spread the love

මේ වනවිට රටේ අස්සක් මුල්ලක් නෑරම අතිවිශාල ප්‍රමානයක් රෝගින් වාර්තාවී ඇත. ඒ ප්‍රමානය අප සතුව ඇතත් ඒවා හෙලි නොකරන්නේ සදාචාරය, මිස පාහර රාජපක්ෂලාට ඇති භයක් නිසා නොවේ. වහාම අද සිට හෝ වසාදැමීමට තමන් ඉල්ලා සිටින බවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කල සියළු වෛද්‍යවරුන් ඉන් නොනවති සෞඛ්‍ය ඇමතිවරියට මේ පිලිබදව දැනුම් දී ඇත . එවිට ඇය කියා ඇත්තේ  තමාද ඊට එකඟ බවත් ඒත් ජනාධිපති හා කාර්‍ය්‍ය සාධක බලකා ප්‍රධානි යුධ හමුදාපති ඊට එකඟ නොවන බවයි.

රටක් වැසීම ලෙහෙසි කටයුත්තක් නොවන බව අපි දනිමු. ඒත් දැන් අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වසා දමනවා සේ දැන්වත් අඩුම කලයුතුය. මේ වනවිට චීනයෙන් රට නොවසන ලෙසට දැඩි බලකිරීමක් ඇත. ඒ පිලිබදව අපි සොයා බැලීමේදි චීන කොන්ත්‍රාත් සමාඟම වලට දෛයිනිකව සිදුවන පාඩුව පිලිබදව ඔවුන් ගනන් බලා ඇත. කෙසේවෙතත් මේ වන විට ඉතාම දරුණු තත්වයක් ශ්‍රි ලංකාව තුල ඇති බවට වරෙන්තුවනැමති විකල්ප පුවත් පතක්ද පෙන්නා දෙයි.. එසේම ” ශ්‍රි ලංකාවේ කෝවිඩ් තත්වය ගැන වොෂින්ටනයෙන් බිය ජනක අනාවැකියක් ! ” යන්න ශිර්ෂය යටතේ ” ද ලීඩර් ” වෙබ් පුවත්පත ද  ලිපියක් ඉදිරිපත්  කර ඇත.

ඉන් රටේ දැනට උත්ගතව ඇති තත්වය පිලිබදව අවධාරණය කරයි. ඒත් රටේ සෞඛ්‍ය බලධාරින්ව පයිසෙකටවත් මායිම් නොකරන ජනාධිපති හා ඊටම හමුදාපතිත් කිසි සේත් රට වැසිය යුතු නැති බවත්  කියයි. රාජපක්ෂලා ඉතා ඉතා සුක්ෂමව මිනිසුන් මරා ඇති නිසාම දැන් ඉතුරු ටිකත් ඉතා හොදින් සිදු කරනු ඇත.

කොරෝනා වගාව නිසා පොට් සිටිය ,කැලැ කැපිල්ල ,ඉඩම් ඇල්ලීම , රාජපක්ෂ පවුලේ දුෂණයක් එකි  ,නොකී , මෙකි , සියල්ලටම තිත තබා ගැනීමට කොරෝනාව ආශිර්වාදයක් වී ඇත.


Spread the love

Leave a Comment

You may also like