පාස්කු ඛේදවාචකය අමතක කරමින් ඉදිරියටත් වීරයන් ලෙස කටයුතු කිරීමට කවරකු හෝ සිතන්නේ නම් එය වැරදි වැටහීමක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරන ලදී.උන්වහන්සේ මේ බවප්‍රකාශ කරන ලද්දේ පාස්කු ප්‍රහාරයට ගොදුරුව වින්දිතයන් පිරිසකට නිවාස ලබා දීම සඳහා මීගමුව පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.පාස්කු දින ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සාරංශයේ මෙන්ම ජනාධිපති කොමිෂම් වාර්තාවේත් සඳහන්ව ඇති බව ප්‍රකාශ කළ කාදිනල් උන්වහන්සේ එසේ තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව ඇස් කන් හා නාසය නැති ආකාරයෙන් කටයුතු කරන බවද සඳහන් කරන ලදී.මෙහිදී අදහස් දැක්වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මෙසේ පැවසීය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මට පෞද්ගලිකව පොරොන්දු වුනා මේ ඛේදවාචකය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන බවට.ජනපති කොමිෂන් සභා වාර්තාව ඔහු අතට පත් වූ දින මට දුරකතන ඇමතුමක් දීල ඇසුවා මා කොහොමද මේ සියල්ල නිර්දේශ කරන්නේ කියලා.ඒ කියන්නේ එතුමාට කරන්න නොහැකි නිර්දේශයක් එහි තිබුණා.මම එහිදී පැවසුවා ඔබතුමා නොවෙයි එම නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕන ඒ ගැන කටයුතු කරන්න පොලීසියට අධිකරණයට බාර දෙන්න කියල.ඒකට එතුමා කිසිම දෙයක් පැවසුවේ නැහැ.සිරිසේන ජනපතිවරයා තමයි ආරක්ෂාව භාරව හිටපු පළමුවැන්නා.ඇයි එයා ජනපති මුක්තිය ඉල්ල ඉල්ල හැංගෙන්න හදන්නෙ.මේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියනවා කියන එක පාර්ලිමේන්තු කාරක සභා වාර්තා සාරංශයේ තියෙනවා.ඒ වගේම ඒ ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේත්,ජනපති කොමිෂන් සභා වාර්තාවේත් තියෙනවා.මේවායේ අපහැදිලි තැන් ගොඩක් තියෙනවා.නමුත් ඒවා විග්‍රහ කරන අය ඒ ගැන කිසිම අවධානයක් ගන්නේ නැහැ.නීතිපති දෙපාර්තමේන්තුවට කනුත් නැහැ ,ඇසුත් නැහැ,නාසයකුත් නැහැ.මොකුත් කෙරෙන්නෙ නැහැ වගෙි ඉන්නවා.සද්ද නොකර.බීරි අලි ටිකක් දැන් අන්තිමට ඇවිත් ඉන්නේ.මහ අලියෙකුයි.එයාගෙ අලි රැළයි.බුද්ධාගමේ තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා.ඔබ හිතනවානම් නීතියක් ඔබට ඕන විදියට හරවගෙන මෙයින් අත හෝදගන්න පුළුවන් වගේම ඉදිරියටත් වීරයන් වගේ පෙනී ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නව නම් ඔබ වැරදියි.ඔබ පස්සෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය එනවා.