උණුසුම් පුවත්

මේ ගෑනිගෙන් මේ අන්තිම කාලේ මාව බේර දියන් කියලා………..!!.

Spread the love

සමහර දේශපාලකයන්ට නිල පවුල වගේම හොර ගැනුත් හතර අතේ ඉන්නවා..
ඒ ගෑනුන්ගේ ඕනෑ එපා කම් බලන්නෙ ගොඩක් වෙලාවට පුද්ගලික ලේකම් ල තමයි..
තමන්ට ලැබෙන සමහර ආදායම් ස්ටෑන්ඩින් ඕඩර් වලින්ම අර හොර වයිෆ්ලගේ නඩත්තුවට යවනව වගේම ඒ ආදයම් මාර්ග නිත්‍යානුකූල පවුලෙන් වසන් කරගෙන බැලැන්ස් කරන එකේ වගකීම තියෙන්නෙත් අර ලේකමාට..
ඔය වගේ ඩබල් ගේම ගහපු දේශපාලකයෙන් ඊයෙ පෙරෙදා මැරෙන්න ඔන්න මෙන්න අසනීප වුනා.. පව්ලෙ උන් කලේ මෑන් මැරෙන්න කලින් අන්තිම කැමති පත්‍රය ලියා ගන්න ට්‍රයි කරපු එක.. ඒක ලියා ගන්න ආදයම් ගැන බලන කොට තමයි මෑන් අර හොර ගෑනූ  නඩත්තු කරන්න පවත්වාගෙන ගිය ගිනුමේ තොරතුරු එලි වුනේ..
දැන් කසාද ගෑනී අර මනුස්සය මරණ මංචකයේ කියා නොබලා මේ ගැන හාර අවුස්සනව ඉවරයක් නෑලූ..
බැරිම තැන දේශපාලකයා ලේකමාට කිවලු… 
“උඹයි ඕකෙන් මටත් හොරා සල්ලි ඇද්දේ කියලා පිලිගනින් මන් පොලීසි නොගිහින් උඹව බේරා ගන්න තැනට වැඩේ ශේප් කරන්නම්.
  • මගේ හොඳ කොල්ලා මේ ගෑනිගෙන් මේ අන්තිම කාලේ මාව බේර දියන් කියලා”
යොහන් ප්‍රනාන්දු

Spread the love

Leave a Comment

You may also like