අපරාධකරුවන් ගේ හෙළුව වසා ගන්නා ” රණවිරු රෙදිකඩ “……..!!

 

30 වසරක යුද්ධයෙන් පසුව රටට ඉතිරිවු දායාදය යුද්ධය වෙනුවෙන් මුහුණ දී මියගිය රණවිරුවන් හා ඒ වෙනුවෙන් මුහුණදී අතපය අහිමි වු සියල්ලන්ද රණවිරුවන් යැයි කීමට හෝ ඒ අයට හිසනමා ආචාර කිරීමට රටේ ජනතාව කිසිවිටකත් පසුබට නොවෙති.

ඒත් ඇත්තෙන්ම අද මේ අයමද රණවිරුවන්වී ඇත්තේ යන්න පිලිබ්දව බොහො දෙනෙක් කතා කිරීමට මැලිවන්නේ එසේ කතා කිරීමට යාමෙන් රාජපක්ෂලා ගේ උදහසට ලක්වේ යැයි බියෙනි. මේ වන විට ජනතාව ගේ වැදුම් පිදුම් ලබන යුද්ධ හමුදාවෙන් නිතියානුකුලව ” මනසික රෝගියෙකි ” යන්න වෛද්‍ය මණ්ඩසනාථ කොට රෝහලකට ඇතුළුවීමට ඇමරිකාවට ගිය ඔහු , විටක ආරක්ෂක ලේකම්ය තවත් විටක ශ්‍රි ලංකාවේ සේනාධිනායක විධායක ජනාධිපති බවට පත් වු රණවිරු ගෝඨාභයයි. ඔහුටද අධිකරණවල අපරාධ නඩු තිබී ඇප ලබාසිටි අයෙකි. (ජනාධිපති මුක්තියෙන් පසුදාම නඩු සියල්ල ඉවත්විය. )

මේ හා සමානවම නාවික හමුදාපති නිලය හෙබවු වසන්ත කරන්නාගොඩ ත්‍රි පුද්ගල මහාධිකරණයෙන් සිතාසි පිට සිතාසි නිකුත් වෙන් අපරාධකරුවෙකි.ඒත් හෙතම නාවික හමුදාවේ ඉහලම නිලයක් වු “අද්මිරාල ඔෆ් ෆ්ලිට් ” නැමති නිලයෙන් පිදුම් ලැබු අංක එකේ අපරාධකරුවෙකි අහින්ස්ක පාසැල් ළමුන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පන් ඉල්ලා නොදුන් නිසා මරා මුදුදට දැමු කාලකන්නි පාහරයෙකු ද රණවිරුවකු වන්නේ ගෝඨාත් රණවිරුවකු වෙන නිසාදැයි කිමට දන්නේ උන්ගේම බත් බෙලයන් මිස නිතිගරුක යුක්ති ගරුක ජන්තාව නොවේ.

මේ වන්විට සියළුම රාජ්‍ය උත්සව වලට ලේ තැවරුණ නිල ඇදුමෙන් හා සාමාන්‍ය ඇදුමෙන් කොතෙකුත් පැමිණෙනවා ජනතාව දැක්කත දේශපාලන පාට කණ්නාඩි පලදින පොලිස්පති නොදකින්නේ රාජපක්ෂලා ගේ උද්හසට ලක්වීමට ඇති බිය නිසාබව කීමට වෙන්ත් අටුවා ටිකා අවස්‍ය නොවේ.

මුන් සියල්ලම උන්කල අපරාධ සියල්ලම ජනතාව දැන සිටීම නිසාම ගෝඨාභය සමඟ ඒ නඩයම සිටින්නේ අමු හෙළුවෙන්ය ඒත් උන් ගේ හෙළුව ජන්තාව නොදකින්නේ රණ්විරු නැමති “ව්‍යාජ රෙදි කඩ ” නිසාවෙනි.

අවංකවම රටවෙනුවෙන් සේවය කල හැමෝම රණ විරුවන්ය පොලිසියේ හා ත්‍රිවිද හමුදාවේ හෝ වෙනත් ආරක්ෂක අංශයක් සිටිමින් රටේ නිතිය හා සාමය රැකීමට ගොස් දිවි අහිමි වු අයට අද ඇත්තේ ගෙවල් ගා නේ හිඟමන් යැදීමටය ඇත්තෙන්ම මෙ ගැන රටේ ජනතාව ලැජ්ජහවිය යුතුය .

ඒ තමාට නිදහසේ රටතුල ජීවත්වීමට අවශ්‍ය පරිසරය රැකදීමට ගොස් සදා කාලිකවම රෝදපුටුවට තරුණ ජීවිත තල්ලු වීම නිසාය. ඒ උන් රාජපක්ෂලා ගේ රණවිරු ගොඩට නොවැටෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් උන් මිනි නොමරු නිසාය.

ඒත් අවාසනාව නම් රටේ ජනතාවවත් ඔවුන් ගැන කතා නොකිරීමයි. ජාතියක් ලෙසට තේරුම් ගතයුත්තේ රාජපක්ෂලා ගේ රණවිරු ලේබලය වැදීමට නම් උන් ගේ පැවැත්ම වෙනුවෙන් මිනිමරා හෝ අඩුම තරමින් කුමන හෝ අපරාධක් කරතිබිය යුතුමය.

එසේ නොවන තාක් ඔවුන් රණවිරුවන් ද නොවේ ඒත් එකක් කිවයුතුය ඔවුන්ට ඇදුමක් ඇත ඔවුන් ඉන්නේ හෙළුවෙන් නොව ඇදුම් ඇද ගෙනය.

ඒත් රාජපක්ෂලා ගේ ජාතියේ රණවිරුව්න් නැමති අපරාධකරුවන් ඉන්නේ හෙළුවෙන්ය ඔවුන් විලිවසා සිටින්නේ නියම ” රණවිරුවා ගේ රෙදිකඩත්  “උදුරාගෙනය……..!!දෑන්වත් ජනතාව රාජප්ක්ෂලා ගේ රණවිරු ගාය හා නියම රණ විරුවා හදුනා ගත් යුතුය එසේ නොවනතාක් කල් ජන්තාවට පැවැත්මක් නැත.  

අජිත්….

Be the first to comment on "අපරාධකරුවන් ගේ හෙළුව වසා ගන්නා ” රණවිරු රෙදිකඩ “……..!!"

Leave a comment

Your email address will not be published.


*