ජනාධිපති ගෝඨා ගේ රට හැදීමේ සංකල්පයේ හෙළුව………රුපියල් මිලියන 260 ක අල්ලස් දුෂණචෝදනාවක් සම්බන්ධ කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවෙකු වු ඩිලීප් නවාස් නැමති සැකකරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තනතුරට………………..???

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට හැදීමේ සංකල්පයේ හෙළුවමේවන විට දිග හැරෙමින් ඇත. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු තනතුරට අද දින පත් කරන ලද්දේ රුපියල් මිලියන 260 ක අල්ලස් වංචාවක් ට මහේස්ත්‍රාත් අධිකරණයක වසර පහක් තිස්සේ දිගහැරෙමින් පවතින නඩුවක සැකකරුවෙකු බව කීවොත් ඔබපිලිගන්නවාද ….?

   එහෙත් සත්‍ය එයයි.  ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයෙකු වශයෙන් සේවය සිටි ඩිලීප් නවාස්නැමැති පුද්ගලයාට විරුද්දව අල්ලස් චෝදනා කරමින් 2015  වසරේදී ඔහුට නඩු පවරා ඇත.

2010දී විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළෆර්ඩිනැන්ඩො ලෙකෝ සමාගමේ රජයේ මුදල්වංචාව සිදු කළ රුපියල් මිලියන  260 ක වංචාවක් සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් පතා මෙම අපරාධ ගොනු යවා ඇත. 

එම ගොනු නීතිපති වෙත වීමේදී ඒ වනවිට නීතිපති ලෙස කටයුතු කර ඇත්තේ වන ඊවා වනසුන්දර නීතිපති දෙපාර්තමේන්තුවේම එවකට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයෙකු වශයෙන් ඩිලීප් නවාස්නැමති මෙම සැකකරු ද ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කර ඇත. මෙම රුපියල් මිලියන 260 වංචාව සම්බන්ධ නීතිපති උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද ගොනුව ලබා ගත් මෙම සැකකරු  නීතිපති ලෙස සිටි ඊවා වනසුන්දර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන ආකාරය ලිපියක් සකස් කරමින් ඇයගේ අත්සන ව්‍යාජ ලෙස ගසමින් මෙම පරීක්ෂණය තවදුරටත් පවත්වාගෙන නොයන ලෙසත් මෙහි ලෙස රුපියල් මිලියන 260 ක වංචාවක් සිදු නොවී ඇති බවත් සඳහන් කරමින් පිළිතුරු ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු විසින් යවා ඇත.

පසුව නැවත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව  එවකට නීතිපති ඊවා වන සුන්දර ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය එවැනි ලිපියක් එවා එවා නැති බවත් සදහන් කොට නිතිපති දෙපර්තමේන්තුව ඒපිලිබදව වෙනම විමර්ෂණයක් ආරම්භකොට ඇත. මෙය පිළිබඳව ඇය වහාම කඩිනම් පරීක්ෂණ සිදුකොට ඇත එම පරීක්ෂණයේදී අකුරු සාම්පල සහ අනිකුත් සියලු ලිපි ලේඛන සහිතව පෙනී ගොස් ඇත්තේ ඩිලීප් නවාස්නැමති මෙම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා විසින් මෙම අල්ලස් චෝදනා වේ එක් සැකකරුවෙක් වන බැවින් ඔහු  ව්‍යාජ ලෙස නීතිපති සකස් කරන ආකාරය ලිපියක් සකස් කොට ඊවා වනසුන්දර ගේ  අත්සන්  යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.

2015 වසරේ දී යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මෙමලෙකෝ  වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සියල්ලටම නඩු පවරා ඇත. එම නඩු පැවරීමේදී එක් සැකකරුවෙක් වන්නේ මෙම යේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙක් වශයෙන් කටයුතු කරන ඩිලීප් නවාස්නැමති සැකකරුත් ඊට සම්බන්දබවට හෙලිවීමෙන් පසුව කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම නඩුව මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතරතුර ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත වහාම එවැනි අල්ලස් දූෂිත පුද්ගලයෙකු අභියාචනාධිකරණ සභාපති විනිසුරු තනතුරට පත්කිරීම රටක නීතිගරුක පුරවැසියන්ට ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද දැඩි අවමානයක් බව පුරවැසියන් පවසයි. මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනය මීට පෙර අභියාචනාධිකරණ සභාපති විනිසුරු කිසිවෙක් මොහුට අභියාචනාධිකරණයේ විනිසුරු වශයෙන් කටයුතු කිරීමට ඉඩ ලබා දී නොමැති බවද අප වෙත වැඩිදුරටත් සදහන් කළ අයෙකු ප්‍රකාශ කරන ලදී.

 අභියාචනාධිකරණය කිසිම නඩුවක් සම්බන්ධයෙන් කිසිදු තීන්දු වාර්තාවක් නොලියන ලද විශාල නඩු ප්‍රමාණයක් ස්ථානගත කරන ලද ඔහුට විරුද්ධව අපමණ චෝදනා ඇති පුද්ගලයකු බවත් ඔහු  අල්ලස් කොමිසම විසින් නඩු පැවරූ චූදිතයෙක් වන නිසාම රටේ ජනතාවට අනාගතයේදී අභියාචනාධිකරණයෙන් දෙනු ලබන තීන්දුව පිළිබඳව කොපමණ දුරකට එම තීන්දු යුක්තිසහගත වන්නේ දැයි සමස්ත නීතිගරුක ජනතාව මේ වන විටත් තුෂ්නිම්භූතව ඇත .Image result for justic delep nawaz with gottabaya

ලෝකයේ කිසිදු රටක මෙවැනි දූෂිත අල්ලස් චෝදනාවකට ලක් වූ මොහුට විරුද්ධව මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නඩුවක් පවතිද්දීත් මොහු ඉහළ අධිකරණයක අභියාචනාධිකරණයට පත්කොට එම අධිකරණය සභාපති විනිසුරු වශයෙන් කටයුතු කිරීමට පත් කිරීම ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රී ලංකාවේ කරන ලබන පුදුමාකාර වෙනස මෙයින් හෙළි වනු ඇත.

 ගෝඨාභය රාජපක්ෂ දිනවීමට රාජපක්ෂවාදීන්ට අමතරව සමස්ත නීතිගරුක පුරවැසියන් විට දායක වූ බව නොරහසකි මෙනිසාම මේ පිළිබඳව ජනතාව අවදි විය යුතු අවස්ථාවක් වන්නේ මෙය සාමාන්‍ය කම්කරු පත්කිරීමක් වූ සභාපතිවරයෙකු පත් කිරීමක් නොව රටේ ජනතාවගේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කිරීම රටේ නීතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය විශාල වශයෙන් පලුදු කරන්නක් බව අප වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයා වැඩිදුරටත් කියා සිටියි.

07/25

Be the first to comment on "ජනාධිපති ගෝඨා ගේ රට හැදීමේ සංකල්පයේ හෙළුව………රුපියල් මිලියන 260 ක අල්ලස් දුෂණචෝදනාවක් සම්බන්ධ කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවෙකු වු ඩිලීප් නවාස් නැමති සැකකරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තනතුරට………………..???"

Leave a comment

Your email address will not be published.


*