මහින්ද ගේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල් හා රනිල් ගේ අර්ජුන මහේන්ද්‍රත් ජනතාව ගේ සල්ලි ට්‍රිලියනයක් පමණ වසර ගනනක් තිස්සේ හොරා කා ඇති බව වෝහාරික වාර්තාවෙන් එලිවෙයි.

බැඳුම්කර සිද්ධීන් පිළිබඳව විද්‍යානුකූල තාක්ෂණය සහ විද්‍යාඥ විශේෂඥයින් මුල් කරගෙන සකස් කරන ලද වෝහාරික විගණනය වාර්තාව මේ වන විට ප්‍රසිද්ධ ලේඛනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම පරිශීලනය කිරීමේ පහසුකම ඇත.

බැඳුම්කර වංචා පිළිබඳව ලබාගන්නා ලද විද්‍යාත්මක වෝහාරික වාර්තාව හෙළි වූ කරුණු අනුව අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති ගේ නැගණිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නැමැත්තිය එවකට මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මැදිහත්ව කටයුතු කළ බව මෙයින් හෙළි වී ඇති අතර ඒ වන විට ඇය අර්ජුන මහේන්ද්‍ර ගේපර්පචුවෙල් ට්‍රේසරිස්   සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන්ද කටයුතු කර ඇති බවදවොහාරික විගණන වාර්තාවෙන් හෙලිවී ඇත .

එපමණක් නොව අජිත් නිවාඩ් කබ්රාල්ගේ ළඟම ඥාතියෙකු වන රවීන්ද්‍ර තම්බයියා,  අමල කබ් රාල්  , අමල් ෆොන්සේකා යන අය ද අජිත් නිවාඩ් කබ්රාල් සමග මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී තම නංගී  ඥාතින් 04 දෙනෙකු සමඟ ඉතාම සුක්ෂම ලෙසට ජනතාව ගේ මුදල් හොරාකමින් රාජපක්ෂලාට අතදිග හැර හම්බකර දී තිබු බව දැන් වොහාරික විගණන වාර්තාවෙන් හෙලිවී හමාරය.

පාර්ලිමේන්තුවේදී අද පැවති කතා බොහොම කින්ම හෙළිවූයේ රාජපක්ෂ කාලය තුළදී 2012 සිට 2017 දක්වා කාලය තුළ වෝහාරික විගණනයට ලක් වූ සෑම විගණන වාර්තාවක්  මේවනවිට හෙළිව ඇත්තේ ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් බිලියන දෙකකට පමණ ආසන්න ප්‍රමාණයක්  කීපදෙනෙක් බෙදා ගෙන ඇති බවයි. මෙය  රටක්  දිගින් දිගටම හට කඩාවැටීමකට ලක් වන්නක් බව ආර්ථික විශේෂඥයින් ගේ මතයයි.

මේ ආකාරයටම ලෝකයේ කඩා වැටුණු රටවල් අතරට ග්‍රීසිය මේ වනවිට ලෙබනනය වැනි රටවල් උදාහරණ වශයෙන් පෙන්වා දෙන ආර්ථික විශේෂඥයින් බිලියන 2 ක මුදල 2017 2002 රාජපක්ෂ පාලනයේ සිට 2015 තෙක් එම මුදල් පිළිබඳව සම්පූර්ණයෙන්ම වගකිව යුතු පුද්ගලයන් නීතියේ රැහැනට ගෙනා යුතු බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයකු අප වෙත කියා පෙන්නා දෙන ලදි.

2012 –  2015 කාලයේ දී මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නැමැත්තිය  ,රවින්ද්‍ර  තම්බයියා , අමල්  කබ්රාල් මෙම පුද්ගලයන් අජිත් කබ් රාල්ගේ ඥාතින්   සමඟම අර්ජුණ ඇලෝසියස් ගේ පර්පචුවෙල් ට්‍රේසරිස්  අධ්‍යකෂක ලෙසට කටයුතු කොට ඇති බව දැන් හෙලිවී ඇත. වෝහාරික වාර්තා වලින් මෙය වන විට එළියට පැමිණ ඇත. 

මෙයින් රටට අත්ව ඇති පාඩුව ඩොලර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බව හෙළිවී ඇත. එසේම 2015 වසරේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් අර්ජුන මහේන්ද්‍ර පත් කිරීමත් සමගම ඒ වන විට පර්පචුවෙල් ට්‍රේසරිස්අධ්‍යක්ෂවරයෙකු වශයෙන්  මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් එම සියලුම කටයුතු වලට 2015දී මහබැංකු ඒ සියලු මැදිහත්වීම් සිදු කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍ර ගේ මැදිහත්වීම මත බව මෙහිදී ද ඉතාම හොඳින් හෙළිවී ඇත.

ඒ අනුව මෙම අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන් මහේන්ද්‍ර දෙදෙනාම එකතුව රටට අහිමිව ඇති සමස්ත ජාතික ආදායම ඔවුන් විසින් සොයාගෙන ඇත්තේ බිලියන දෙකක පමණ ප්‍රමාණයක් බවට නිශ්චිත වශයෙන්ම මේ වන විට හෙළි වෙමින් ඇත. 2002 සිට 2017 වර්ෂය වන තෙක්ම ශ්‍රී ලංකාවට මහබැංකු බැඳුම්කර පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් නැති බවත් බොහෝ විට සිදුව ඇත්තේ සෘජු ක්‍රමයෙන් පාඩු ආකාරයට මෙම පුද්ගලික මූල්‍ය ආයතනවලින් ණය ගැනීමයි.

ගෝඨාභය ජනාධිපති තුමනි………!!

ඇත්තටම ඔබට ඔන්න කරනවානම් වැඩක් ඔබ නුතනයේ ඉතිහාසගතවනවා පමණක් නොව ඔබව නැවතත් දේශපාලන භේදයකින් තොරව ජනාධිපති කමට නැවතත් පත් වීමට නම් මේ හොරු දෙදෙනා සමඟ උන්සියල්ලම අල්ලා රටේ ජනතාවගේ හොරාකෑමුදල් වලින් ඉපයු ධනය රටට නැවත ලබා ගන්න එදාට ඇත්තටම ඔබයි අපේ විරුවා……..!!!!

07/25

Be the first to comment on "මහින්ද ගේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල් හා රනිල් ගේ අර්ජුන මහේන්ද්‍රත් ජනතාව ගේ සල්ලි ට්‍රිලියනයක් පමණ වසර ගනනක් තිස්සේ හොරා කා ඇති බව වෝහාරික වාර්තාවෙන් එලිවෙයි."

Leave a comment

Your email address will not be published.


*