අහෝ ශ්‍රි ලංකා……………. CID අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න වසර 12ක් මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියායි.

. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පොලිස් නිලධාරියෙකු වශයෙන් නම් කළ හැකි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වසර 22 ක්දෙකක් පුරාවටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්වන තෙක් ඔහු එම අංශයේ රාජකාරී කළ නිලධාරියෙකි.

ජේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න වසර 12ක් තිස්සේ සිදු කළ ලොකුම කාර්යය මහින්ද රාජපක්ෂට වාහනයෙන් බැසීමට ඉතාම හොඳින් දොර විවෘත කිරීමයඑ ඉන්ම පෙනීයන්නේ ගෝඨාභයලා සුදුස්සාට සුදුසුම තැන දෙන බවය.

ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වහාම ඉන් ඉවත් කිරීම සිදුවිය.  ඉවත් කිරීම ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභයට විරුද්ධව පැවැති සියලුම නඩුවල සාක්ෂි සටහන් කළේ පුද්ගලිකව මොහුය .

නිසාම ඔහු සමග පුද්ගලිකව දැඩි වෛරයකින් පසු බව ශ්‍රී ලාංකික ජනතාවට නොරහසකි ගෝඨාභය රාජපක්ෂමහින්ද රාජපක්ෂලා බලයට පැමිණියේ ලංකාවේ රජයේ සේවකයින්ට නිදහසේ තම රාජකාරිය කිරීමට ඉඩ දෙන බවත් කිසිදු දේශපාලනඅත පෙවීමක් නොකරන බවට  පන්සල් ගානේ ගොස් කියාය.

ගෝඨාභය එක එල්ලේම කියා සිටින්නේ දහනමවැනි සංශෝධනය නිසා පොලිසියේ කිසිවෙක් තමාට මාරු කරන්නවත් තමාට ඕනි මිනිහෙක් එතෙන්ට දාන්නවත් කිසිදු නිදහසක් නැති බවය. මෙය පසුගිය කාලයේම ජනතාව විඳි ජයග්‍රහණයකි ඒත් එහි ශ්‍රී ලාංකීය සමහර කාලකන්නි ජනතාව සිතන්නේ නිදහස යනු එය නොවන බවයි නිදහස නැති වූ විට තමා භුක්ති විඳ නිදහස කොපමණදැයි මිනිස්සුන්ට තවත් ටික කලක් යනකොට තේරෙනු ඇත.

ඒවන විට සියල්ල සිදුවී හමාරය එදා පන්සල් ගානේ ගිය මහින්ද රාජපක්ෂ පපුවට අත තබා කීවේ රජයේ සේවකයින්ට නිදහසේ තම රාජකාරිය කිරීමට ඉඩ සලසා දෙන බවයි . අද සිදුවන්නේ එහි අනිත් පැත්තය ගෝඨාභය රාජපක්ෂ හා ගෝඨාභයගේ ජුන්ටාවේ සියලුම දෙනා අධිකරණවලින් චෝදනා ලබා සිටින අපරාධකරුවන් බව හැඳින්වීම කිසිසේත් අසාධාරණයක් නොවෙයි.

ගෝඨාභය වූ කලී අධිකරණයකින් අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුගේ යුද මානසිකත්වය නිසාම පොලිසියේ සමස්ථ පොලිස් නිලධාරීන් ම දැඩි අපහසුතාවකට පත්ව ඇත එහෙත් අවාසනාව නම් පොලිස් නිලධාරීන්  වෙනුවෙන් පෙනී සිටිය යුතු පොලිස්පතිවරයා අද ගෝඨාභයගේ කකුල් දෙක ළඟ දණින් වැටී සිටි.

තමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ව රටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත් කර අයියා සහ මල්ලී රට පාලනය කරනවා නම් එහි ඇත්තේ ඒකාධිපති ජුන්ටාවක් මිස රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව.

මේ ජුන්ටාව කරගෙන යෑමට අනෙකුත් දේශපාලන විරුද්ධ මතධාරීන් දඩයම් කිරීමට මේ ජේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කළ බව පිළිගත යුතුව ඇත ේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න කිසිදු පොලිස් පරිපාලනමය වූ කිසිදු පොලිස් ස්ථානයක අවම තරමින් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් හෝ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් නො සිටි පුද්ගලයෙක් එවන් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ධූරයට පත් කරන්නට තරම් මහින්දලා කටයුතු කරන්නේ මහින්දලාට විරුද්ධව එන සියලු චෝදනාවලින් ඕනෑම මොහොතක ඔවුන් ගලවා ගැනීමටත් ,

අපිට තිලකරත්න ජේෂ්ඨ පොලිස් අධිකාරිට කියා සිටින්නේ ඔබ රාජපක්ෂලා ගේ උවමනාවන් ඉටු කරන්නෙකු උවහොත් ඔබට සිදුවන්නේ යම් දවසක ඒඅසාධාරණකම් වලට උත්තර බැදීමටයි.

එසේම ඔවුන්ට විරුද්ධව නැගෙන හඬ පාලනය කිරීමටත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙනිසාම දැම්මම ශ්‍රී ලංකාව ඒකාධිපති ජුන්ටාවක් එරෙහි පියවරෙන් පියවර තබන බව ඉතාමත්ම සංවේගයෙන් කිව යුතුය මේ පිළිබඳ සමස්ත ජාතියම පක්ෂ ආගම් භේදයකින් තොරව ජාතියක් වශයෙන් අවදියෙන් සිටිය යුතු බව ඉතා කාරුණිකව අපි මතක් කරමු

Be the first to comment on "අහෝ ශ්‍රි ලංකා……………. CID අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න වසර 12ක් මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියායි."

Leave a comment

Your email address will not be published.


*