උණුසුම් පුවත්

නත්තල් සැමරුමේ විදුලි සැරසිලි වලට දිනකට රුපියල් 375000.00 ක් වියදම් කරමින් ජනතාවගේ සල්ලි ගසා කන ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු….(ඡායාරූප සහිතයි)

Spread the love

යහපාලනයෙන් ගසා කා ඒ ආණ්ඩුවේ ප්‍රබලයකුව සිට පොහොට්ටුවට කරනම් ගසා යහපාලනයේ තේ වතුවලින් හොරාකෑම නිදහස් කරගත් රොහාන් ප්‍රනාන්දු ගෝඨා ගේ වියත්මඟ ඔස්සේ තම බිරිද ගේ( දෙවන හෝ තුන්වන බිරිය අපි නොදනී ) ට්‍රයි ඇඩ් හරහා ගෝඨා ගේ අගසව්ට කිට්ටුව ටේලිකොම් එකෙන් ගසා කමින් ඇත. මේ වන විට ටෙලිකොම් සභාපති වන රොහාන් ප්‍රනාන්දු කලක්  එක්සත් ජාතික පක්ෂයට හේත්තු  වී ඉතා හොඳින් ගසා කා ඉන් පසු එම පක්ෂයේ සිටි සමහර ඇමැතිවරුන් කීප දෙනෙකුගේ ආශිර්වාදය   යහතින්  ලැබී පසුව හිටි ගමන්ම වියත් මඟට පැන්න රොහාන් ප්‍රනාන්දු  දැන් ගෝඨාභයගේ අතිජාත මිතුරෙකු වී ඇත. මොහු පසුගියදා නත්තල් සැමරීමට වියදම් කර ඇති මුදල දිනකට රුපියල් 3,75000.00 කි.  අහිංසක ශ්‍රී ලාංකික ජනතාව  මහන්සියෙන් හම්බකරන ධනය  හූරාගෙන කා ඔවුන් යහතින් වැජඹේ. ඔහු සිතා සිටින්නේ ඔහුගේ පවුලේ බූදලයක් කියාය.  අද වන විට ටෙලිකොම් සමාගමට අත්ව ඇති ඉරණම ඉතාම සෝචනීයයි.ටෙලිකොම් සමාගම රටේ ජනතාවගේ මිස රොහාන් ප්‍රනාන්දුගේ හෝ ඔහුගේ බිරිඳගේ බූදලයක් නොවන බව මතක තබාගත යුතුය   මෙම විදුලි සැරසීමට දිනකට රුපියල් 3,75000 .00 මුදලක් වියදම් කරමින්  මෙය ටෙලිකොම් ඉතිහාසයේ වැඩිම මුදලක් වියදම් කර ඇති නත්තලය. මෙවර නත්තල ඉතාමත්ම සාමකාමී ව සහ  වැඩි වියදමකින් තොරව සමරන ලෙස කාදිනල් හිමිපාණන් පවා කියා තිබුණි.   මෙයින් සිදු වන්නේ මෙම මුදල් පසුව ඔබේ බිල්පත ටම  එකතුවීමයි මේ වන විටත් දරාගත නොහැකි බිල්පත්  ජනතාව ගෙවනු ලබන්නේ රොහාන් ප්‍රනාන්දුලාගේ මෙවැනි ගසා කෑම නිසා බව අපි නැවත නැවතත් සිහිපත් කරමු .සේවකයින්ට  තර්ජනාත්මකව කියා සිටින්නේ….  “යකෝ අපි ගෝඨා  ගෙනාවේ  අපිට ඕන දේ කරන්න”…. යනුවෙන්  දොඩවන  මෙවැනි නින්දිත යින් නිසා දිනපතාම “ස “වලටම වැටෙන බව නම් ස්ථිරය.  දැන්වත් ගෝඨාභයගේ ඉතුරු ටික වත් බේරා ගැනීමට නම් රොහාන් ප්‍රනාන්දුලා වැනි ගසා කන පට්ට හොරු එළවා දමා රටේ ජනතාව දූෂණයෙන් තොර රටක් ගොඩනැගිය යුතුය.රටම කොරෝනා වසංගතයේන් වසා තබා ඇති මොහොතක රොහාන් ප්‍රනාන්දු  පට්ට හොරා  ජනාධිපති වරයාගේ නම විකුණාගෙන මේ ගෙනියන සෙල්ලම වහාම නැවැත්විය. මොහු  නත්තල් සැමරුමට ආරාධනා පත්‍ර පවා මුද්‍රණය කොට පවුලේ උන් ගෙන්වාගෙන කා දමන්නේ රටේ මහජනතාවගේ සල්ලි බව අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ මු. මෙවැනි දූෂිත පට්ට හොරුන් සිටින තාක්කල් රටට අනාගතයක් නැත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස.

 


Spread the love

Leave a Comment

You may also like