උණුසුම් පුවත් උණුසුම් පුවත් උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේදී ෂැන්ගිල්ලා හෝටලයම පිපිරීම් 02 කට සහරාන් යොදා ගත්තේ ඇයි ?ගෝඨා ගේ අක්ක ගේ පුතා හා තමා ගේ හොදම කීකරුවන්තයා වු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් හෙන්දාවිතාරණ සහරාන්ට පිටිය සකස් කර දුන් නිසාද…….?

Spread the love

මේ පිළිබඳව දැඩි විමර්ශනයක් සහ ගවේෂණාත්මක ආකාරයේ තොරතුරු සොයා යාමේ දී සුවිශේෂ වූ අපරාධ විමර්ෂකයන්ට   හසු වු කරුණු මෙහිදි අප හෙලිකරණ අතරම එහිදි අප වෙතට තොරතුරු  ගලා ඒමට පටන් ගැනීම සුවිශේෂී කරුණකි.

මේජර් ජනරාල් හෙන්දාවිතාරණ ගේ සුවිශේෂිත්වය…….

මෙහි ඇති විශේෂත්වය නම් ෂැන්ගිල්ලා හෝටල්  ශ්‍රි ලංකා සමුහයේම (දැනටත් සේවයේ සිටි. ) ප්‍රධාන ආරක්ෂක උපදේෂක ගෝඨාබහය ගේ ආරක්ෂක බුද්ධි අධ්‍යක්ෂක  විශ්‍රාමික මේජර් ජනරාල් හෙන්දාවිතාරණය.  එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හ අනෙකුත් ත්‍රස්තවාදී පිළිබඳව සුවිශේෂී අත්දැකීම් ලබා තිබූ ඔහු විදෙස් පුහුණු දේශීය පුහුණු සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳව පෙර විමසුම් සහ පසු විමසුම් පිළිබඳව  තාම ජීවිත කාලයේ අත්දැකීම් ඇති යුධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් විය.

ගෝඨාභය ආරක්ෂක ලේඛම් ලෙසට සිටියදී හෙන්දාවිතාරණ ශ්‍රි ලංකා යුධ හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් වරයාය. ඒත් ඔහුට බුද්ධි අධ්‍යක්ෂක නිලය ලබාගැනීමට කිසිදු සුදුසුකමක් නොතිබු නමුත් ඔහුට තිබු එකම  සුදුසුකම ඉතාම ප්‍රභල විය.  ඒ ගෝඨාභය ගේ පැරා මිල්ටරි නිති විරෝධි කණ්ඩායම් මෙහෙය වීමය. මොහු යුධ හමුදාවේ  හාල්/පොල්/එලවළු අධ්‍යක්ෂක යෙකි. මොහු යුධ හමුදාවේ භණ්ඩ ප්‍රවාහන අංශයේ නිලධාරියෙකි. යුද්ධයේත් කල කෙන්ගෙඩියක් නැති ගේම් කාරයෙකි.

එදා මිලේනියම් සිටියත් පාස්කු ප්‍රහාරයක් වීමට තිබුණා…….

මොහු ගේ ඉතිහාසයම ඒ ආකාරයට විහිදි යන්නේ මිලේ නියම් සිටි අවි ගබඩාව තෙක්ය. එදා යුධ හමුදා විශාල බර අවි/ හා බෝම්බ ආර්ටි ගන් මෙන්ම සුවිශේෂි අවි ප්‍රමානයක් මිලේනියම් සිටි නිවසක සඟවා තිබුනේත් මේ හෙදාවිතාරණලාය. එදා සමස්ථ ශ්‍රි ලංකාවම යුධ මානසිකත්වයෙන් සිටි නිසා එම අවි කොමන්ඩෝ නිලධාරින් ගේ බවත් දුර දිග විහිදුම් බලකායේ බවයි එත් හෙන්දාවිතාරණ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ආත්මයකටවත් කැලයට නොබැස්ස අයෙකි. ඔහු යන්නෙම කදවුරු වලට හාල්/පොල්/එලවළු දීමටය. එවන් අයෙක්   දුරදිග විහිදුම් බලකායකට අයත් අවි තබා ගත්තේ නිති විරෝධිවය.රට තුල එදත් කුමක් හෝ ප්‍රහාරයකටය.

ඒත් එවකට රටේ ජනතාව තුල පැවති යුධ මානසිකත්වය නිසාම එය වැටලු නිලධාරින්ට  ජනතාව ගේ දැඩි අප්‍රසාදයක් පැමිණියත් එහි සත්‍ය හෙලිවෙමින් ඇත. එදාත් රටේ කුමණ හෝ ජීවිත බිලි ගැනීමකට  සුදානම්ව සිටියාදැයි කීමට බැරිය. එවන් අයෙකු වු මේජර් ජනරාල් හෙන්දාවිතාරණ සිටි හෝටලයට එන කිසිවකු ගේ ගමන් මල්ලක් නිකමටවත් පරික්ෂා කිරීමට ආරක් ෂක නිලධාරින්ට උපදෙස් නුදුන්නා යැයි කිව හැකිද ….? වෙනත් අපරාධකරුවන් ගෙනුත්  ජීවිත තර්ජන්යක් තිබෙනවායැයි කියන ඔහු සිටින තැනට ඕනෑම අයෙකුට ඒමට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබුණාද….?

ඉන්දියානු රෝ ඔත්තු සේවා සමීප සම්බන්දතා…….

ඔහු යුධ හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටි සමයේ එල්.ටී.ටී. ඊ ත්‍රස්තවාදීන් ගේ බොහෝ තොරතුරු ලැබුනේම ඉන්දියානු රෝ ඔත්තු සේවාව තුලිනි. එසේනම් ඒවනි අයෙකුට තවමත් ඒ සමීප සම්බන්දතාවන් තිබීම සාමාන්‍ය දෙයකි. එසේම බුද්ධි අංශයේ සිටි කර්නල් සලේ ද මොහු ගේ දැඩි හිතෛෂි අයෙකි. ඒත් ඒවනි අයෙකුට සහරානලා ගේ ප්‍රහාරයක් පිලිබදව තොරතුරු නොලබුණා යැයි අපි කිසි විටෙකත් නොසිතන්නෙමු.

ඒත් තමා ගේ හෝටලයට එන අයව පරික්ෂා නොකලා යැයි කිම පිලිගැනීමට අපි සුදානම් නැත්තේ විශාල තොරතුරු හෙලිවෙන හෙයිනි. සහරාන් මෙහි බෝම්බ දෙකක්ම පුපුරවා හැරියේම  තමා හා තමා ගේ ගෝලයන් පැමිණියත් කිසිදු බාධාවක් සිදු නොවන බව දැන සිටි නිසාද…….?

හෙන්දාවිතාරණ හෝ ආරක්ෂාව භාර අධ්‍යක්ෂකවරයා…….

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ හෝටල් පරිශ්‍රය තුළට පැමිණෙන පිරිස් පිළිබඳ පරික්ෂාවක් භාණ්ඩ පරීක්ෂාවක් හෝ හෝටලේට ඇතුළුවන විදේශිකයින් පිළිබඳව පරීක්ෂාවක් සිදු නොකරනවානම් හෙන්දාවිතාරණ වැනි  ජෙනරාල්වරයෙකුගේ  සේවය මෙවැනි ජාත්‍යන්තර කීර්තිමත් නමක් ඇති හෝටලයක් ලබා ගනී දැයි යන්න ඒ පිලිබදව ඇත්තේ දැඩි චකිතයකි. එසේම මෙම සිද්ධිය වන අවස්ථාවේදී  හෙන්දාවිතාරණ හෝ ආරක්ෂාව භාර අධ්‍යක්ෂකවරයා එම හෝටල් පරිශ්‍රය තුළ සිට නැත.

මෙම හෝටලයේ ආරක්ෂක සාමාන්‍යධිකාරි වරයා වශයෙන් ක්‍රියා කළ  විශ්‍රාමික මේජර් ජනරාල් රාජ්‍ය බුද්ධි අංශෙ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  හෙන්දාවිතාරණට  අමතරව මෙම හෝටලය තුළ ප්‍රධාන ආරක්ෂක  අධ්‍යක්ෂකවරයෙකු ද පත් කොට තිබී ඇත. මෙහි තවත් හෙළි වූ සුවිශේෂ වූ කරුණ නම් මෙම ආරක්ෂක අධ්‍යක්ෂවරයා  වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අක්කගේ පුතා ය.

“අවිධිමත්- පුපුරවා හැරීම් පිළිබඳ බෝම්බ විශේෂඥයෙක්  “ගෝඨාභය රාජපක්ෂගේ අක්කගේ පුතා ……..ආරක්ෂාව භාර අධ්‍යක්ෂකවරයා

ඔහු පිළිබඳව විමර්ශනය දී ඔහුගේ සමාජ ජාලාවල  සටහන් තබා ඇති සිද්ධීන් පිළිබඳ විමර්ශනයේදී සේම අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඔහු  “අවිධිමත්- පුපුරවා හැරීම පිළිබඳ බෝම්බ විශේෂඥයෙක්  “වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකි. මෙම අවිධිමත් යුද්ධ – පුපුරුවා හැරීම පිළිබඳ බෝම්බ විශේෂඥයකු වශයෙන් කටයුතු කිරීමට ඔහු මීට පෙර රැකියාව කර ඇත්තේ සිංගප්පූරුවේ බේත් තෙල් (ආසියා අප්‍රිකා) පුද්ගලික සමාගමේ ආරක්ෂාව සහ පුපුරවා හැරීම පිළිබඳ උපදේශකයකු ලෙසය.

නමින් මාලක චන්ද්‍රදාස  “අවිධිමත් යුධ හා පුපුරවා හැරීම ” පිළිබඳව විශේෂඥයෙකු මෙවැනි ජාත්‍යන්තර කීර්තිමත් හෝටලයක රාජකාරි සිදු කරද්දී  අවම වශයෙන් තමාට  පුද්ගලිකව කුමන හෝ ප්‍රහාරයක් එල්ල වී යැයි අවම තරමේ සැකයක්,  ඇති නොකර  ගත්තේ තමාට හා තම රාජපක්ෂ පරම්පරාවට ත්‍රස්තවාදින් පිලිබදව ඇති විශ්වාසය නිසා දැයි අපිට සිතේ .

මෙම හෝටලයේ පිපිරීම කෙසේ වෙතත් අවම හෝටලයට ඇතුළු වන කිසිදු  පුද්ගලයෙකු ගේ ගමන්මලු පරික්ෂා කිරීමට වත් උපදෙස් ලබා  නොදීම දැඩි ප්‍රශ්ණ සහගතය ….?  සිද්ධියකි. එසේම මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ විමර්ශනයේදී ඔහුගේ ප්‍රකාශ ලබාදී තිබුණද ….?ඒ ලබාදී ඇත්තේ කාටද……?  යන්න පිළිබඳව තවදුරටත් අපි ගවේෂණය කරමින් සිටින බව අපගේ පාඨකයින් වෙත සඳහන් කරනු කැමැත්තෙමු.

මාලක චන්ද්‍රදාස හිටියේ පිලිපීනයේ හෝටලයක …(ආරක්ෂාව භාර අධ්‍යක්ෂකවරයා )

මෙම සිද්ධිය වන( අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා ) දින  මෙම බෝම්බ පිපිරීම සිදු වන විට  ආරක්ෂක උපදේෂක   විශ්‍රාමික මේජර් ජනරාල් හෙන්දාවිතාරණ හෝ ගෝඨාභය රාජපක්ෂගේ අක්කගේ පුතා වූ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂක   “අවිධිමත්- පුපුරවා හැරීම පිළිබඳ බෝම්බ විශේෂඥ  මාලක චන්ද්‍රදාස හිටියේ නැත . පිපිරීමට දින 03 කට පමණ ඔහු පිලිපීනයේ හෝටලයක නතරවී සිටි බවට තොරතුරු ලැබී ඇත.

ෂැන්ගිල්ල ප්‍රහාරය සුවිශේෂි දායකත්වයක්………

එදා රනිල් වික්‍රමසිංහ රජය පෙරලීමට පාස්කු ප්‍රහාරය හා ෂැන්ගිල්ල ප්‍රහාරය සුවිශේෂි දායකත්වයක් සිදුකලබව අපි දනිමු. සහරාන්ට ෂැන්ගිල්ල හෝටලයේ දොර විවෘතව තිබී ඇති බව තවත් ඉදිරියේදී ඉතාම පැහැදිලිය ඒ මෙම හෝටලයේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂක ලෙසට සිටියේත් තවත් සුවිශේෂි පුද්ගලයෙකි. ඔහු ගෝඨාභාය රාජපක්ෂගේ ලේ ඥාතියෙකි. ගෝඨාභය රාජපක්ෂ ගේ අක්කා වු ප්‍රිති රාජපක්ෂ ගේ හා වෛද්‍ය චන්ද්‍රදාස ගේ පුත් මාලක චන්ද්‍රදාසය. මොහු වසර ගනනාවක්ම මහින්ද රාජපක්ෂ ජානාධිපති සමයේ ඔහු ගේ පුද්ගලික ආරක්ෂක උපදේශකය මාලක සුවිශේෂි වන්නේ ඔහු හදාරා ඇති පාඨමාලාවන් හා ඔහු විදේශියන් හි කල රැකියාව පිලිබදව අධ්‍යනය කිරීමේදීය.

“අවිධිමත් යුධ හා පුපුරවා හැරීම්  ” පිලිබද විශේෂඥයෙකු-   සිටින ස්ථානයකට පැමිණෙන්නන් පරික්ෂා නොකරනවායැයි කීම පිලිගත හැකිද…?

ඔහු අවිධිමත් යුද්ධ හා පුපුරවා හැරීම පිලිබද විශේෂඥයෙකි. බෝම්බ පුපුරවා හැරීම පිලිබදව විශේෂඥයෙක් වු ඔහු ලංකාවට ඒමට පෙර සිංගප්පුරුවේ ඇති බෙත් එල්(ආසියා අප්‍රිකා) සමාගමේ ආරක්ෂක හා පුපුරවා හැරීම පිලිබද විශේෂඥයකු විය. 2017 වසරේ ඔහු ෂැංගිල්ලා හෝටලයේ ප්‍රධාන ආරක්ෂක් අධ්‍යක්ෂක වු ඔහු ගෝඨාභය ජනාධිපති බවට පත්වන තුරුම එහි රාජකාරි නිරතව සිට ඇත. මෙවනි සුවිශේෂිත පුද්ගලයන් දෙදෙනෙකු රාජකාරි නිරත ස්ථානයක දී පැමිණෙන අයගේ ගමන් මළු පරික්ෂා නොකරනවා යැයි යමෙකු කියන්නේ නම් එය පිලිගත හැකිද ……..? අවිධිමත් යුධ හා පුපුරවා හැරීම පිලිබද විශේෂඥයෙකු වු  ඔහු බෝම්බය පිපිරීම පිලිබදව කිසිවක් සොයා නොබෙලුවේ එයින් සිදු විය යුතු හානිය ඔහු දන්න නිසාද….?

සහරාන්ට හෝටලය තුලට  අතවනා ගෙන්වා ගත්තා…..

ශ්‍රී ලංකාවේ ෂැන්ගිල්ලා ප්‍රධාන ව්‍යාපාරයේම ප්‍රධාන ආරක්ෂක උපදේශක වූ විශ්‍රාමික මේජර් ජනරාල් හෙන්දාවිතාරණ  රාජපක්ෂ යුගයේ සුවිශේෂ වූ පුද්ගලයෙකි. එසේම මෙම සහරාන්ගේ බෝම්බ සිද්ධියේදී මෙවැනි ජාත්‍යන්තර හෝටලයකට  පුපුරා ගැනීමට පැමිණෙන විඩියෝ නැරඹීමේදි ඒක් වරම ඇතිවන ආකල්පය සහරාන්ට හෝටලය තුලට ඒමට අතවනා ගෙන්වා ගත්තායැයි සිතීම අපි කිසි සේත් බැහැර නොකරන්නෙමු. සහරාන් මෙම බෝම්බය පුපුරා ගත්තා යැයි කීම පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමේ දී පෙනී යන ප්‍රධානම කරුණ නම් කිසියම් පුද්ගලයකුට  අඬගසා ගෙන්නා ගත්තා සේ බැලූ බැල්මට මෙහි ආරක්ෂාව පිළිබඳව සහ ආරක්ෂාව අධීක්ෂණය පිළිබඳව ඕනෑම අයෙකුට තක්සේරු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ මේ විශ්‍රාමික මේජර් වරයෙක් වෙන අතරම ඒ වගේම  “අවිධිමත්- පුපුරවා හැරීම පිළිබඳ බෝම්බ විශේෂඥ  මාලක චන්ද්‍රදාස   පිළිබඳව දැඩි අවධානය යොමුකර ඔවුන් ගේ පලපුරුද්ද හා ජීවිතේ ලබාඇති සේවා අත් දැකීම් අනුව බැලීමේදී මෙවැනි හෝටලයකට කුමන හෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට හිතාමතාම සැලසුම් සහගතව පැමිණීමට  ඉඩ දී රටේ ආරථිකය මුළුමනින්ම බිද හෙලීමත්,ඒ තුලින් ජාත්‍යන්තර සංචාරකයන් නතරවීමත් ,දේශිය ජාතිවාදි රැල්ලක් නිර්මානය වීමත් යන මේවා අරමුණු කර ෂැන්ගිල්ලා හෝටලය තුල බෝම්බ දෙකක්ම පුපුරවා හැරීම පිටුපස තිබී  දැයි යන්න පිළිබඳව දැඩි සැකයක් සහ අපගේ උකුසු ඇසට ලක්ව ඇත.

මාලක චන්ද්‍රදාස ඒ පිලිබදව කිසිදු පියවරක් නොගත්තේ ඇයි….?

මෙම සහරාන් ගේ පිපිරීම තවත් සිදු වීමක් ඇත්තේ මාලක චන්ද්‍රදාස ඒ පිලිබදව කිසිදු පියවරක් නොගත්තේ ඇයි….? බොම්බය ෂැන්ගිල්ල තම හෝටලයට ඒන බව දැන ඔහු රටින් පිටව ගියාදැයි සාධාරණ සැකයක් ඇති වීම බැහැර කල නොහැකිය. එසේම මෙම ස්ථානයටඉතාම පහසුවෙන් පැමිණ බෝම්බ 02 ක්ම පිපිරවීමට හැකි වුයේ පිටිය අවශ්‍ය ආකාරයට සකස් කොට තිබු නිසාදැයි යන්නද අපි කිසිවිටකත් ඒ සැකය බැහැර නොකරන්නෙමු.ඊට හේතු වන්නේ එක් කරුනක් දෙකක් නොව විශේෂයෙන් මෙවනි අවස්ථාවක සාමාන්‍ය මිනිසෙකු ගේ හැසිරීමක් හා සැකකරුවෙකු ලෙසට සිතිය හැකි අයෙකු ගේ හැසිරීම රටාවල් පිලිබදව ලියුම් කරුට මනා අවබෝධයක් ඇති ඒ පිලිබදව සුවිශේෂි පුහුණුවක් ලබා ඇති නිසාමය.

ගෝඨාභය රාජපක්ෂ ගේ අක්කා ගේ පුතා නිසාම ,ඔහු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමක් හෝ නොකලේ ඇයි….?

ගෝඨාභය රාජපක්ෂ ගේ අක්කා ගේ පුතා නිසාම  මෙවනි අතිවිශාල විනාශයක් සිදුවීත් රටේ ආර්ථික මර්මස්ථානයේ ප්‍රහාරය ජාත්‍යන්තරය දෙදරුම් කැමටත් හේතු විය. මෙම හෝටලයේ ආරක්ෂාව ගෝඨා ගේ ගෝලයා වු මේජර් ජනරාල් හෙන්දවිතාරණ හා  ගෝඨා ගේ අක්ක ගේ පුතා නිසාම අපරාධ විමර්ෂකයන්ද එම පුද්ගලයන් පිලිබදව අවධානය යොමු කොට ඇති බවක් නොපෙනේ .

ආරක්ෂාව භාරව සිටියේ වෙනත් අහිංසක පුද්ගලයෙක් නම් අද……….?

ඒත් එම හෝටලයේ ආරක්ෂාව භාරව සිටියේ වෙනත් අහිංසක පුද්ගලයෙක් නම් අද ඔහු රැදවුම් නියෝග මත වැලිකඩය ඒවා ගෝඨලා ගේ පරම්පරාවට හෝ උන්ට ගැවුන අයකුටවත් සිදු නොවන බව සහතිකය . තවත් ලිපියකින් ෂැංගිල්ලා බෝම්බයේ ඇතුල් පැත්ත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

හෝටලයකට ආරක්ෂාවක් දී ගැනීමට බැරි එකා රටේ ජනාධිපති ගේ පුද්ගලික ආරක්ෂක් උපදේෂක…………

දැන් අපි ජනාධිපති කර්නල් රාජපක්ෂ ගෙන් හා බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් සලේ ගෙන් අසන්නේ මෙවනි හෝටලයකට ආරක්ෂාවක් දී ගැනීමට බැරි එකාව රටේ ජනාධිපති ගේ පුද්ගලික ආරක්ෂක උපදේෂක ලෙසට පත් කලේ කුමණ සුදුසුකමකට ද ….?

ෂැන්ගිල්ලා ප්‍රහාරය සිදු කිරීමට ත්‍රස්තයන්ට නිසි ලෙසට පිටිය සැකසු නිසාද ? එසේත් නැති නම් ඔබ ගේ උපදෙස් අනුව ක්‍රියාකල නිසාද…..? මෙයින්ම කියා පාන සත්‍ය කුමක්ද…?

සහරාන් මිය ගියා ද……….?

අප මීළඟ ලිපියෙන් ඇත්ත වශයෙන්ම  සහරාන් මිය ගියා ද……? යන්න පිළිබඳව තවදුරටත් ගවේෂණය කරමින් සිටින බවත් ඒ පිළිබඳව පසුගිය විමර්ශන වාර්තා සහ බුද්ධි වාර්තා මේ වන විටත් අප අධ්‍යනය කරමින් ගවේෂණාත්මක වාර්තාවක් ඉදිරියේ දී නැවත ලබාදීමට සටහන් කරන බව අපගේ පාඨකයින්ට නැවත ලිපියකින් ඉතිරි කොටස ලබාදීමට බලාපොරොත්තු වෙමු.සහරාන් මිය ගියා ද……..? බලාපොරොත්තු වන්න…………..


Spread the love

Leave a Comment

You may also like