විදේශ පුවත්

ඓතිහාසික ලන්ඩන් බ්‍රිජ් මත ත්‍රස්ත ප්‍රහාරයක් 6 මරුට 30 කට තුවාල ,විනාඩි 8 ක් තුල ත්‍රස්ත ප්‍රහාරකයන් ඝාතනයට

Spread the love

ඊයේ (3 වන දින ) රාත්‍රි 10 ට පමණ ලන්ඩන් නගරයේ ඓතිහාසික ලන්ඩන් බ්‍රිජ්පාලම මතින් ගමන් කරමින් සිටි මහජනයා යටකරමින් වැන් රථ යක් ගමන් කොට ඇත. මෙම රථයේ පැමිණි ත්‍රස්තවාදීන් ඉන්බැස අසල පිහිටි බරො මාර්කට් ප්‍රදේශයට පැමිණ අහිංසක මහජනයාට පිහිවලින් ඇණ තිබේ.

ක්ෂණිකව ක්‍රියාතමක වු පොලිසිය ත්‍රස්තවාදින මෙල්ල කොට ඇත. එ අවස්ථාවේදි වෙඩි වැදුන ත්‍රස්තවාදි 03 මේවනවිට මිය ගොස් ඇත. මෙම ත්‍රස්ත්ස්වාදින් බොම්බ ජැකට් පැලද සිට තිබේ.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය මරාදැමීමට තටමන ආගමික අන්තවාදින් මෙවනි බිය ගුලු ප්‍රහාර එල්ල කොට අහිංසක ජනතාව මරාදමා ජනතාව කුපිත කරවීමට උත්සහා කලත් සාමකාමි බ්‍රිතාන්‍ය පුරවැසියන් මේවන විටත් මෙරට ජිවත්වෙන අනිකුත් ජාතින් සමග ඉතාම සතුටින් හා සාමයෙන් ජිවත්වේ.

බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදින්ගෙන් රැක ගැනීම මෙරට ජිවත් වෙන සියල්ලන්ගේම යුතුකමකි.

එසේ නොවුන හොත් ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට අහිමිවනු ඇත. ඒ දිනට කිසිවෙකු හඩා වැලපී ඵලක් නොවනු ඇත.


Spread the love

Leave a Comment

You may also like