උණුසුම් පුවත්

ජනාධිපති ගේ නියමයෙන් “අරලියගහ මන්දිරයේ ” සිටි රෝහිත රාජපක්ෂ (චිචී) ගේ පවුලම එළියට දමයි……!!

Spread the love

මහින්ද රාජපක්ෂගේ බාලම පුත්‍රයා වූ (චිචී) රෝහිත රාජපක්ෂ විවාහ වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මවත්   සමඟ පදිංචියට පැමිණ ඇත්තේ  ජනතා මුදලින් නඩත්තු වන අගමැති නිල නිවස  වු අරලිය ගහමන්දිරයටය.

මේ වන විට රටේ අගමැතිවරයා ලෙසට මහින්ද රාජපක්ෂ පාවිච්චිකරන්නේ විජේරාම නිවසය. නිල වශයෙන් නාමිකව අරලිය ගහ මන්දිරය තිබුණ්ත්  ඒ තුල මෙතෙක් පදිංචිව සිට ඇත්තේ මහින්ද ගේ බාල පුතු රෝහිත රාජපක්ෂ (ච්චී ) ය. එහි සිදු ඇත්තේ රටේ ආර්ථික මර්මස්ථාන වලට ව්‍යාපාරිකයන් ගේ ටෙන්ඩර් හා වෙනත් ඩීල්ය.

මේ සදහා ච්චි ගේ බිරිද ගේ මවද විශාල වශයෙන් මැතිහත්ව අරලිය ගහ මන්දිරය එකම ” ඩීල් මන්දිරයක්වී  “ඇත. ඊට රෝහිත රාජපක්ෂ ගේ අගසවුවන් සේ සතින්ද්‍ර ෆොන්සේකා හා ජිහාන්  හා ක්‍රිෂ්ණ කුමාර හා ජෙගන් ක්‍රිෂ්ණ කුමාර් යන අයවලුන් ද සමඟ යහමින්  රටේ ධනය අගමැති ගේ මුවාවෙන් කොල්ලකා ඇති බවට ජනාධිපති වෙතට වාර්තා වී ඇත. මෙහිදි සතින්ද්‍ර ෆොන්සේකා හා ජිහාන් ක්‍රිෂ්ණ කුමාර් පැහැදිලිවම රෝහිත ච්චි ගේ මෙම ඩීල් සදහා විවිධ අවස්ථා වලදී සම්බන්ද වී ඇති බවට අප වෙතට තොරතුරු ලැබී ඇත.  

අරලිගහ මන්දිරය  මෙතෙක් පදිංචිව සිටි  රෝහිත රාජපක්ෂට අද වහාම  ජනාධිපතිවරයා ඉන් ඉවත්ව යන ලෙසට නියෝග කර ඇති බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැනගැනීමට ඇත. 

ප්‍රධානතම කරුණ වී ඇත්තේ රෝහිත  රාජපක්ෂ ගේ  ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබීමයි. රෝහිත රාජපක්ෂ ගේ නැන්දනිය එක් පසකින්  ව්‍යාපාරිකයන්  සමඟ ඩීල් දමා ඇති බවට බුද්ධි අංශ අනාවරනය කරගෙන ඇත.  රෝහිත රාජපක්ෂ ,සතින්ද්‍ර ෆොන්සේකා හා ජිහාන් ක්‍රිෂ්ණ කුමාර් යන පුද්ගලයින් සමග  ලංකාවේ විවිධ ආයතන වලට මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පිළිබඳව ඩීල් දමා ඇති බවටත් සොයා  ජනාධිපති බුද්ධි අංශය  වෙත වාර්තා කර තිබී ඇත.

මෙයින් කෝපයට පත්  ජනාධිපතිවරයා වහාම අද සිට රෝහිත රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් පිටව යන ලෙස නියෝග කර ඇත.

ලංකා දේශපාලනයේ දී  දේශපාලඥයෙක් නොවන  ගෝඨාභය රාජපක්ෂ මෙයාකාරයෙන් ශ්‍රී ලංකාවේ අරක්ගත් ඩීල් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් සමස්ත රටවැසියාගේම ගෞරවය සහ ලැදියාව ඔහුට නිතැතින් ම හිමි වන බව අප අනේක වාරයක් ලියා ඇත.

අද එය සපථ කරමින් ජනාධිපති ගේ නියෝගයෙන් මහින්ද රාජපක්ෂගේම පුත්‍රයා සහ මේ වන විට තමාගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම්ව සිටින බිරිඳ සමඟ එළියට බැස යෑමට සිදුවීම එක්තරා ආකාරයක දෛවෝපගත සිද්ධියකි.

මේ නිසා මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ   දැඩි අප්‍රසාදයෙන්   කතා කර ඇති බවත් අප වෙත මේ වන විට ඉතාමත් විශ්වාසවන්ත තොරතුරු ලැබෙමින් පවතී. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලය තුලදි  මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලය තුලදි ව්ව්ධ ඩීල් සිදු කොට ඇත්තේ ශිරන්ති රාජපක්ෂ හා තම දරුවන් විසින් බව මහින්ද ඉතාම හොදින් දනී.    යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ, තිදෙනාටම එල්ලවී ඇති චෝදනා ඉතා සුවිශාලය .ඔවුන් උපයා ඇති ධනය පිළිබඳව පසුගිය යහපාලන රජය තුළ දී ද විවිධාකාරයේ තොරතුරු ලැබී තිබුණි.

  ජනාධිපති අරලිය ගහ මන්දිරයෙන් තම පුත්‍රයා හා දරු ප්‍රසුතියකට සුදානම් තම ලේලිය එලවා දැමීම නිසා මහින්ද රාජපක්ෂ   දැඩි කම්පනයකට පත්ව ඇති  බවත් ශිරන්ති රාජපක්ෂ මේ පිලිබදව දැඩි සේ ගෝඨාභයට දොස්පවරා ඇති බවට වාර්තා වේ.

ඡායාරුපයේ රෝහිත් (චිචී ) සමඟ ඩීල් කරයන් වු සතින්ද්‍ර ෆොන්සේකා හාජිහාන් ක්‍රිෂ්ණ් කුමාර් සිටී…………………


Spread the love

Leave a Comment

You may also like