දේශපාලන

නක්ශ්‍රාස්ත්‍ර කරුවන් සමඟ හිටපු ජනපති මහින්දගේ ගිනස් වාර්තාව එළිදකී.

Spread the love

වියදම  කෝටි 12 කට ආසන්න ප්‍රමාණයක් ගුවන් ගමන් 10 කට අඩු ප්‍රමාණයකින් මහජන මුදල් ගිලදමා ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පිරිවර ලෝක රාජ්‍ය නායකයින් අභිබවා ගිනස් වාර්තාවක් තබා ඇත.

  • 2014 වර්ෂයේදී නක්ශ්‍රාස්ත්‍ර කරුවන් හා පවුලේ ඥාතීන්, ආරක්ෂකයන්, සේවකයන්, හිතවතුන් ඇතුලු 120 කට ආසන්න පිරිවර තිරුපති වන්දනාවේ යාමට ගුවන් ගමන් වියදම රුපියල් ලක්ෂ 39 ද,
  • 2011 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් යාම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානා අංක UL/1080 දරණ ගුවන් යානය වෙනුවෙන් රුපියල් කෝටි 3.5 ක මුදලක් ද,
  • 2014 ඔක්තෝබර් මසදී රෝමය හා මිලනෝ ගුවන් ගමන් සඳහා ගුවන් යානා අංක UL/4520 දරණ ගුවන් යානය වෙනුවෙන් රුපියල් කෝටි 5 ක් ද,
  • 2015 දෙසම්බර් මස දී කත්මන්ඩු හා මාලදිවයින් සංචාර සඳහා ගුවන් යානා අංක UL/001, UL/4111 දරණ ගුවන් යානා වෙනුවෙන් රුපියල් කෝටි 2.8 ක් ද,

ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේ වනවිට ගෙවීමට ඇත. රටක රාජ්‍ය නායකයකු විදේශ සංචාර කලයුතුය. ගමේ වන්දනා නඩයක් වන්දනාවේ ගොස් නැවත එනතුරු එම බස් රථ තබා ගෙන දින ගනනකින් පසු නැවත තම ගම් බිම් බලා පැමිණෙන බව සත්‍යයකි.

නමුත් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා පිරිවර සිය ගනනින් පටවාගෙන ලෝකයේ රටවල් වල රවුන් ගසමින් බලි තොවිල් කරුවන් සතුටු කිරීමට කුලියට ගුවන්යානා ගෙන දිනගනන් ගාල් කොට තබාගෙන ශ්‍රී ලංකා ගුවන් සේවය කාබාසිනියා කර ඇත.

ජනතාවගේ බදු මුදලින් යපෙන පාලකයන් මෙවනි අපරාධ කරමින් කෝටි ගණන් මුදල් විනාශ කර ඇත. රටක රාජ්‍ය නායකයකු මෙතරම් මුදලක් ඉතා කෙටි කාලයක දී කා දමා ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. මෙය ගිනස් වාර්තාවකි.


Spread the love

Leave a Comment

You may also like