උණුසුම් පුවත්

සයිටම් විරෝධයේ මහ මොළකරු වු මහින්ද කළු සල්ලි සුදුකරමින් ආසිරි පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අනුමතිය……!!

Spread the love

පසු ගිය යහපාලන රජයේ ප්‍රධානම ඉලක්කයක් වු අධ්‍යාපනය පුද්ගලිකරණය කරමින් මහින්දරාජපක්ෂලා අතරමඟ නතර කොට තිබු සයිටම් වෛද්‍ය විද්‍යාලය ඉදිරියට ගෙන යමින් ඊට රාජ්‍ය අනුග්‍රහය පවා ලබාදී ඒ වෙනවිට අධ්‍යාපනය ලද දරුවන්ට යහපත් සිහිනයක් ඇති කර තිබුණි.

රටේ මුදල් විදේශවලට ඇදී යාම විශාල ලෙසට නතර කිරීමටත් එසේම ශ්‍රි ලාංකික දු දරුවන් විදේශ රටවලට ගොස් ඉගනීම නිසා වෙනත් සමාජීය විනාශයන් වලකා ලීමත් අරමුණු කොට මෙම සයිටම් හා අනිකුත් පුද්ගලික විශ්වද්‍යාල ගම්මාන ඇති කිරීමට සැලසුම්කොට තිබිණි. ඒත් එදා ඒවා ආරම්භයේදීම විශාල විනාශයක් සමාජයට හා අහිංසක දුවා දරුවාට අත්කර දීමට ක්‍රියාකල ප්‍රධාන මහමොළ කරු වුයේ වර්තමාන අගමැති මහින්ද හා ගෝඨාභය රාජප්ක්ෂ ප්‍රධාන කණ්ඩායමය.

ඒ නිසාම එදා ඉගනීම ලැබු අහිංසක ලාංකීය දුවා දරුවා පාරට ඇද දැමීමට අතිවිශිෂ්ඨ සේවාවක් කල රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය හා අන්තර් විශ්වවිද‍යාල ශිෂ්‍ය බලමංඩල අද ගලේ පැහැරූ බලලුන් ගානට වැටී මුනිවත රැකීම  ගෝඨා භිතිකාවනිසාදැයි අපට සිතේ.

ඒත් අද මහින්දලාගේ ප්‍රධාන ව්‍යාපාර සගයා වන එයාර් ලංකා  සමාගමේ සභාපති හා සොෆ්ලොජික් හා ආසිරි රෝහල් ජාලයේද අති මහත් ව්‍යාපාර වල හිමිකරු වෙකු වන අශෝක පතිර ගේ වෙතට අද ආසිරි වෛද්‍ය විද්‍යාල ඇරබීමට අවසර ලබාදී ඇත.

සමාජයේ කතා බහ වන්නේ සයිටමය වැසු මහින්ද අශෝක පතිරගේ හරහා තමා ගේ ක්ළු සල්ලි සුදු කිරීමට මෙම පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භයට අවසර දී ඇති බවකි.


Spread the love

Leave a Comment

You may also like