උණුසුම් පුවත්

මැතිවරණ සමයේ “සේවයේ අවශ්‍යතාවය” මත නොව “දේශපාලනඥයාගේ අවශ්‍යතාවය මත “පොලිස් ස්ථාන මාරු……!!

Spread the love

 

“සේවයේ අවස්‍යතාව ” මත නොව ” දේශපාලකයා ගේ අවශ්‍යතාවය මත ” මේ කරණ ස්ථාන මාරු වීම් වහාම නතර කරන්න.

ප්‍රවෘත්ති කතෘ තුමා/තුමිය වෙත,

ශ්‍රි ලංකාවේ පොලිසිය ඉතාම නින්දිත හා පක්ෂක් ග්‍රාහි ආකාරයට නිලධාරින්පෙල ගස්වමින් ඇත. මින් සිදුවන්නේ රටේ නිතිය හා සාමය වල් වැදී අපරාධකරුවන් සමාජයේ ප්‍රභූන් සේ වැජබීමකි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු ගේ ප්‍රථම දිවුරුම් දීමේ අවස්ථාවේදී ජාතිය අමතා කලකතාවේම ඔහු කියා සිටියේ රාජ්‍ය සේවය මුළු මනින්ම දේශපාලනයෙන් නිදහස් කරනබවයි.ඒ  පිලිබදව අපි දැඩි සතුටට පත්ව සිටියෙමු.

ඒත් ඇත්තටම ඔහු අද සිදුකර ඇත්තේ පසු ගිය රජයට සාපේක්ෂව සමසථ රාජ්‍ය සේවාඅවම විශේෂයෙන් පොලිස් දෙපාර්ථමේන්තුව දේශපාලනී කරණය කිරීමකි.

ඒත් අද සිදුවන්නේ ඔහු එදා දිවුරුම දෙන අවස්ථාවේදී කී දෙයම නොවේ මේ වනවිට රටේ මැතිවරණයක් ප්‍රකාශ කොට ඇත.

සමස්ත මැතිවරණ ක්‍රියාවලියේ ම නීති හා සාමය ආරක්ෂාව පවත්වාගෙන යා යුත්තේ පොලිසිය පමණි එය යුද හමුදාව හෝ වෙනත් හමුදාවක ආධාර ලබා ගත්ත හැකියාව ඇතත් සමස්ත ක්‍රියාවලියම නීති හා සාමය පවත්වාගෙන යා යුත්තේ එම පළාතේ පොලිස්ථානය මගින්ය.

මේ වන විට මැතිවරණය ප්‍රකාශ කොට තිබියදී ඉහළ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදු කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා මුනිවත රකින්නේ එයත් ගෝඨාභය රාජපක්ෂගේ ජුනි 20 වැනිදාට දුන්න   උපන්දින තෑග්ග සමානම එකක්දැයි අපිට ප්‍රශ්න කිරීමට සිදුව ඇත .

මැතිවරණ සමයේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා ගෙන යාමට මැතිවරණ කොමසාරිස්වරයාට විශාල වගකීමක් ජනතාව පවරා ඇත. එහෙත් ඒ පැවරීම මේ වනවිට රාජපක්ෂලාගේ අවශ්‍යතාවය සහ පුද්ගලික දැන හැඳුනුම්කම් මත සිදුකරන බව අපගේ හැඟීමයි එසේ කීමට සිදුව ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ වනවිට පොලිස් ස්ථානමාරු පිළිබඳ හාංකවිසියක් නොදන්නා සේ මුනිවත රැකීමයි.

මීට පෙර දේශපාලනඥයන්ගේ උවමනාව මත ස්ථාන මාරුවක් සිදු කළ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා ඉතාමත්ම නීතිගරුක නිලධාරියෙක් වශයෙන් පොලිස් සේවාවේ නමක් දිනා සිටිඅයෙකි.

ඔහු ස්ථාන මාරු සිදු කළේ චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත බව ඕනාවටත් වඩා සාක්ෂි නැතුව නොවෙයි එහෙත් පොලිස්පතිවරයා ඔහුගේ ශේරුකාව කෙලින් කරනවා වෙනුවට පොලිස්පතිවරයා සිදු කරන්නේ ඔහුගේ  ශේරුකාව දේශපාලකයාගේ කකුල් දෙකලඟ නැවීමය.

මීට නොදෙවෙනි කාර්යයක් අද සිදු කරන්නේ පොලිස් අනාථ අම්බලමයි . ජාතික පොලිස් කොමිෂන් සභාවක් පිහිටි පිහිටුවා සමස්ථ පොලිස් නිලධාරීන් ම ස්වාධීන කොට ලෝකයේ  අනෙක් රටවල  සේ  වැදගත් රාජකාරියක් සිදු කිරීමට පක්ෂ දේශපාලනයෙන් තොරව රාජකාරියක් සිදු කර වීමට  19  වන ව්‍යවස්ථා සංශෝධනය මත සිදුකරන සියල්ලම අද පුස්සක් වී ඇති බව ඕනවටත් වඩා සාක්ෂි ඇත.

පොලිස් කොමිසම නැමති  නාකි මහළු මඩමකට ජනතාව ගේ මුදල් විනාශ කරනවාට වඩා කොරෝනා අරමුදලේ භාර කරු සිටින  කිසිම පක්ෂයකට නැති ( මැතිවරණකොමිසමේ සභාපති ගේ පිලිගැනීමට අනුව) ස්වාධීනව සිටින බැසිල් රාජපක්ෂටම පොලිස් කොමිසමත් භාර කිරීමෙන් රටට තවත් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිය.

එහෙත් දැන් ප්‍රශ්නය ජාතික පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවා තිබියදීත් ඒ මහල්ලන්  අඩුම තරමින් මැතිවරණ කාලය තුලවත් ඊට මැදිහත්ව එම ස්ථාන මාරුවීම් නතර  නොකිරීමට කිසිදු වගකීමක් නැත.

මේ දේශපාලන සමයේ ස්ථාන මාරුවීම් වලට කිසිදු අයුරකින් මැදිහත් නොවී ඔවුන්  අන්ධයන් ,බිහිරන් සේ  දේශපාලක්යන් ගේ උවමනාවන් ඕනෑවටත් වඩා ඉෂ්ඨ කොට ඇත.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ අනෙකුත් ස්ථානවල සියලුම දෙනා ස්ථාන මාරු කොට ඇත්තේ පුද්ගලික දේශපාලන අවශ්‍යතාවය මත බව ඕනවාට අප සතුව සාක්ෂි ඇත . 

තවත් ඔහු ගෙන් පොලිසියට දේශපාලන බලපෑම ඉල්ල නොකරන ලෙසට ඉල්ලීම නිශ්ඵල හෙයින් අපි මේ පිලිබදව ජාත‍ය්‍යන්තර සංවිධාන දැනුවත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමසථ පොලිස් සේවයේ  සියලුම නිලධාරින්ට දැනුම් දීමට කැමැත්තෙමු.

ස්තුතියි.
මෙයට, 

සභාපති,

ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදා ගැනීමේ අන්තර් ජාතිකසංවිධානය, (IODPP ),එක්සත් රාජධානිය.
හිටපු පොලිස් පරික්ෂක
අජිත් ධර්මපාල
23/05/202.

 

 


Spread the love

Leave a Comment

You may also like