උණුසුම් පුවත්

රජය ඉරිදා ඇඳිරිනීතිය දැම්මෙ ජනතාවගේ ආරක්ෂාවට ද හමුදා නිලධාරීන්ගේ සාකච්ඡාව නිසා ද……….?

Spread the love

මේ වනවිට සති දෙකක කාලයක් සෑම ඉරිදාවකම විටින් විට සම්පූර්ණම දවසම ඇදිරි නිතිය  ප්‍රකාශයට පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරනායකගේ දැනුම්දීම මතය.

පොලිස්පතිවරයා මේ පිළිබඳව කිසිදු ක්‍රියාදාමයක් නොදන්නා නමුත් මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරනායකගේ    ඇදිරි නිතිය  ප්‍රකාශයට පත් කිරීමට නිවේදනයක් පමණක් පොලිස්පතිවරයාටයවා ඇත.

ඇදිරි නිතිය පනවා ඇත්තේ පැහැදිලිවම ඉදිරි මැතිවරණයේදී යුධ හමුදා නිලධාරීන් යොදවා කුමනාකාරයෙන් මැතිවරණය මංකොල්ලකා ගත යුතුදැයි යන්න ජනතාවට හෝ ජනමාධ්‍යයට හොරා සාකච්ඡා කරවා ගැනීමටය.

අද දහවල් 1.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා කාමර ප්‍රධාන කාමරේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ යුධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල් වරුන්  09 දෙනෙක් කැඳවා ඇත. මෙම ජෙනරාල්වරුන්  09  දෙනාම මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවෙන්  විශ්‍රාමික මේජර් ජෙනරාල්ලා  09  දෙනෙකුය.

මෙහිදී විශේෂත්වය මේ කිසිදු මේජර් ජෙනරාල් වරුන්  කෙනෙක් ෆීල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකාට හිතවත්කමක් නොමැති ඔහු සමග බද්ධ වෛරයෙන් සිටි විවිධ චෝදනාවලට ලක්වූ හමුදා නිලධාරීන්ය.

සරත් ෆොන්සේකාට තොරතුරු නොයා සිටින ආකාරයට මෙම යුධ හමුදා මේජර් ජෙනරාල්වරුන්  09 දෙනා යොදවා ඇත්තේ ශ්‍රී ලංකාවේ පළාත් 09  මෙම ආවරණය වන පරිදි  09 දෙනා යටතේ යුධ හමුදා බ්‍රිගේඩියර් ලා   25  දෙනෙකු මේ වන විට යොදවා ඇත . විසිපස්  (25 ) දෙනා තුළ ද බොහෝ දෙනෙකුට විවිධ ස්ත්‍රී දූෂණ , කොල්ලකෑම , සහ වෙනත් අපයෝජන , සම්බන්ධව ලංකා යුධහමුදා පොලීසිය පරීක්ෂණ ිලධාරීන් සියලු දෙනාම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදාපති කාලයේ දී ඉවත් කර සහ ඔවුන් පැත්තකට කර දමා තිබූ කසළ ගොඩවල් ය.

ඒවා සියල්ලම මේ වනවිට මංකොල්ලකෑම් සඳහා යොදවා ගැනීමට රාජපක්ෂ ජුන්ටාව කටයුතු කර ඇත. ගෝඨාභය රාජපක්ෂගේ නියෝග අනුව අද දින දහවල් 1.30 පැවැත්වෙන මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජුනි 20 වන දින පැවැත්වීමට නියම කර ඇති මහා මැතිවරණය කොල්ලකෑමටය. 

 මැතිවරණ කොමසාරිස්වරයා පැවැත්වීමට යන මහමැතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ ඡන්ද ගණන් කිරීමේ සිවිල් නිලධාරීන් යම් හෙයකින්  එම රාජකාරියට වාර්තා නොකළහොත්,  මුළුමනින්ම සිවිල් ඇඳුමෙන් යුධ හමුදා නිලධාරීන් යෙදවීමට සියල්ලම මේ වෙනුවට සකසමින්  ඇත.

 ඒ සඳහා යොදවා ඇත්තේ  මුළුමනින්ම ගජබා රෙජිමේන්තුවේ සේනාධිනායකයාගේ යටතේය. මෙම සාකච්ඡාව මාධ්‍ය වලට යාම නැවැත්වීම සඳහා ජනමාධ්‍ය හිමිකරු දිලිත් ජයවීර මෙම යෝජනාව කර ඇත්තේ ඉරිදාඇදිරි නිතිය   දාලා අපි වැඩේ කරමු.

ඒ කිසිදු සාකච්ඡාවක් එළියට නොවනු ඇතැයි ඔවුන් විශ්වාස කරපු නිසාය එහෙත් අපගේ ඉතාමත්ම රහසිගත තොරතුරු වාර්තාකරණයේ දී අප වෙත දැන ගැනීමට ලැබී ඇත්තේ සම්පූර්ණ මේ සාකච්ඡාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන බවයි.

මෙහිදී ජනතාව corona මාරයාට ගොදුරු කරමින් තුනෙන් දෙක කෙසේ හෝ ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ගේ  හමුදා ජුන්ටාව ඉදිරියට ගෙනයාමටය. මේ සදහා රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා තමාට අවනත කරගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවති.

ඇත්තේ හමුදා ජුන්ටාව ඉදිරියට ගෙනයාමටය. මේ සදහා රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා තමාට අවනත කරගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවති

අජිත්..


Spread the love

Leave a Comment

You may also like