වෙනත්

දවසේ සිකුරාදා……..එක්ව නැගිටිනවාද ? වෙන්ව මියයනවා ද? තිරණය රනිල් අතේ

Spread the love

1956 පටන් එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරින් ගිලිහුන අවස්ථා එමටයි. එදා සිටි නායකයන් ඇත්තෙනම නියම වචනයේ පරිසමාර්ථ යෙන්ම නායකයන්ය. ඔවුනට ද යාළු යෙහෙලියන් නොසිටියා නොවේ. ඒත් ඒ කිසිවෙක් වර්තමාන නායකයා සේ ක්‍රියාකර තිබුණානන් අද රනිල් වික්‍රමසිංහ කෙනෙක් එ.ජා.ප නායකත්වයේ සිටිය නොහැක. නුතන දේශපාලනයේ එ.ජා.ප ය ගැන කතා කරනකොට නායකයන් තිදෙනෙක් ගැන කතා කරයි. ඉන් ප්‍රධානම පුද්ගලයා වන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතායි.
1971 අන්තපරාජය දී ජේ. ආර්. ජයවර්ධන මහතා තම පක්ෂය ඉතාම හොදින් ශක්තිමත් කොට නැවතත් 1977 පක්ෂය බලයට පත් කර ගැනිමට තරන් ඥණ වන්ත විය .තමාගෙන් පසුව තම පක්ෂය ගෙනයාමට දෙවන හා තුන්වෙන පෙල නායකත්වයක් ඇතිකොට ඒ සියලු දෙනාටම ඔවුන්ගේ වැඩකිරිමේ හැකියාව ගැන කිරා බලා ඔවුන් ජාතික නායකත්වයට පෙල ගැස්සවිය.
අන්ත දුප්පත් අහිංසක මිනිසා ගැන බැලිමට ජේ .ආර්.ජයවර්ධන මහතා එදා තොරා ගත්තේ පුංචි මිනිහා ගැන අවංක වේදනාවක් තිබුණ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාය. එදා ඇමති වරුන්ගේ විෂය පතය පුදුමාකාරය.රටේ ජනතාව ප්‍රේමදාස මහතාට අදටත් ගරු කරන්නේ හිටපු ජනාධිපතිටත් වඩා ඔහු ” නිවාසහා ඉදිකිරීම් ඇමති ” නිසාය.රනිල් වික්‍රමසිංහ , ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි, යන තුන්වෙන පෙලක් ද නිර්මාණය කිරිමට එදා ජේ .ආර්. කටයුතු කලාය.
ඒ ආකාරයටම ප්‍රේමදාස ජනාධිපතිද කටයුතු කිරිමෙන් පෙනියන්නේ ඒ කාල වකවානුවේ රට දියුණු කරන අතරතුර තම තමාගේ දේශපාලන පක්ෂත් රැකගත් ආකාරයයී. ඒත් අද වන්විට එ.ජා. පක්ෂය දෙවන පෙලක් තුන්වෙන පෙලක් තබා පේන තෙක්මානයකට නායකයන් බිහිකිරීමක් දක්නට නැත.
රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ සිදුවන්නේ ඊට ඉදුරාම වෙනස් දෙයකි. ඔහුගේ කුලුපගු මිතුරන් දමාගෙන අද වනවිට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්ව හමාරය. පක්ෂ නායකත්වයට එරෙහි වන සෑම විටම එදා ඔහු රැක ගත්තේ තිස්ස අත්තනායක මහලේකම් වරයාය. සජිත් රනිල් ගැටුමක් කරලියට පැමිණිවිට තම නායකයා වෙනුවෙන් බිල්ලට ගියේ තිස්ස අත්තනායකයි. එහිදි පුද්ගලිකව ඔහුට තම සගයන්ගේ දොස් පරොස් අහන්න සිදු විය. තම නායකයා වෙනුවෙන් එදා ඒ යුතුකම ඔහු ඉටුකලත් පක්ෂය තුලින් පමනක් නොව අද රනිලට විපක්ෂයෙන් පහර ගසද්දිත් නෑසුනා සේ සිටින්නේ . තිස්ස අත්තනායකලා අද පක්ෂය තුල නැති නිසා බව රනිල් නොදැන හිටියත් පාක්ෂිකයා නම් ඒබව දනි.
මෛත්‍රි ජනාධිපති කලේ රනිල්ට ඉදුරාම වෙනස් දෙයකි. තමාව ජනාධිපති කරවිමට ජිවිත පරදුවට තබා කටයුතු කල සාධාරණ සමාජයක් ව්‍යාපාරය ඉන් ප්‍රභල විය. ඒ සියල්ලටම මෛත්‍රි පයින් ගසා මාදුලුවාවේ සොභිත නායක හිමිට ප්‍රසිද්ධියේම වස බොන්න කි ඩිලාන්ලා තමාට කුනුහරුපකි මහින්ද්ගේ නඩයම තම ඔඩොක්කුවට දමාගත්තේ ඔහුට තම පක්ෂය වටින නිසාය. එස්බිලා, ඩිලාන්ලා,වැනි අය නොමතිව තම පක්ෂය ගෙනයා නොහැකියැයි ඔහු සිතා ඇත. (  මෛත්‍රි ගේ ක්‍රියාව අප අනුමත නොකරමු )
කෙසේ නමුත්, අද වනවිට එ.ජා.පක්ෂිකයා නන්නත්තාර වි ඇත.
2001 දිත් රනිල් තම පාක්ෂිකයා , තම පක්ෂයේ සාමාජිකයා අතහැරදමා ඔහුටම ආවේනික මිතුරන් සමග ගමනක් ගොස්   2015  ජනාධිපති වරණය තෙක් බලයට ඒමට නොහැකි විය. මේ ගමන රනිල් කවුරු එක්ක ගියත් කුමක් වෙනුවෙන් ගියත් අපට කමක් නැත. ඔහු මේ යන්නේ ගමේ අහිංසක එ.ජා.ප පාක්ෂිකයා බිල්ලට දි ගෙන බව නම් අපට කිව හැක.
අද වනවිට තම පක්ෂයෙන් ගිලිහි යන පාක්ෂිකයා රැක ගැනීමට තම පක්ෂය තුලින් ගිය තිස්ස අත්තනායක වැනි ප්‍රභලයන් පක්ෂයට ගෙන තම නායකත්වය තුලදි එක්සත් ජාතික පක්ෂය කැඩියාම වලක්වා ගැනිමයි. එසේ කිරිමට නම් රනිල් දැන් කලයුත්තේ දෙවන තුන්වන පෙල නායකයන් වහාම ඇතිකිරිමයි.
එසේ නොවුනොත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තම මිතුරන්ගේ මිතුරාත්,පාක්ෂිකයාගේ හතුරාත් විම කිසිවකුටත් නතර කල නොහැක. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිතිය යුත්තේ එක්ව නැගිටිනවාද ? නැතිනම් වෙන්ව මිය යනවාද ?යන්නයී
අජිත්..


Spread the love

Leave a Comment

You may also like