උණුසුම් පුවත් උණුසුම් පුවත්

නල්ලමලේ හමුදාවේ නල්ලපෙරුම කර්නල් ගේ කෙරුවාව

Spread the love

ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා පහත් මට්ටමට දේශපාලනීකරණය කරන ලද්දේ කාලකණ්නි රාජපක්ෂවරුන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.යුද ජයග්‍රහණයෙන් පසු ඉතා විනය ගරුක හා ගෞරවාන්විත සේවාවක් ලෙස හමුදාව පවත්වා ගෙන යාමට හැකියාව පැවතුනද රාජපක්ෂ කල්ලිය සිය ඕනෑ එපාකම් අනුව හමුදා ඡ්‍යෙෂ්ඨයන් හැසිරවූයේ නින්දිත අප්‍රසන්න ආකාරයෙනි.ඔවුන් ඒ සඳහා පදනම සපයා ගත්තේ යුද ජයග්‍රහණය සිය පෞද්ගලික මැදිහත්වීමක් ලෙස 

ජනතාවගේ ඔළු වලට කාන්දු කරවීමෙනි.එහි පීතෘත්වය තනි අයිතියට පවරා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.ඒ දිනවල රට ජාතිය හා ආගම පාවාදෙන්නා ලෙස නාමකරණය වූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකමකට උරුමකම් කියන ලද එවකට හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාපති ධුරයෙන් එලවා දැමීමෙන් පසු හමුදාවේ විනය පිරිහීම ඇරඹුන බව කිව හැකිය.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාව තුළ විනය ඉතා ශක්තිමත්ව පවත්වාගෙන ගිය අයෙකි.ඔහුට  හමුදාපති පදවිය අහිමි වීම ගැන කවුරුත් නොදන්නා කතන්දරයක් තිබේ.යුද ජයග්‍රහණයෙන් පසුව එවකට හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය බලය උදුරා ගනු ඇතැයි සැකයක් රාජපක්ෂවරුන් තුළ පැවතුණි.එය එසේ තිබියදී ඔහු හමුදාපති තනතුරෙන් එලවා දැමීමට ජනපති මහින්ද රාජපක්ෂ ඉක්මන් වූ කාරණය වෙන එකකි.

ඒ දිනවල අරලිය ගහ මන්දිරයේ රස්පුටින් වූයේ සජින් වාස් ගුණවර්දනය.සැබවින්ම මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මෙහෙයවුයේ ඔහුය.සජින් වාස් ගුණවර්ධනගේ බලය සැබවින්ම රාජපක්ෂ පුත්‍රයන් හා රාජපක්ෂ සහෝදරවරුන් පවා ඉක්මවා යන්නක් විය. ඔහු කරන කියන සෑම දෙයකටම ජනපති මහින්ද රාජපක්ෂ ගේ අනුමැතිය හිමි වීම සුවිශේෂී කාරණයකි.

ඒ දිනවල ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ සජින් වාස් ගුණවර්ධනය.මන්ත්‍රීකමට අතිරේකව ඔහු ජනපතිවරයාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වරයාද විය.විදේශ කටයුතු ඇමතිවරයා වූයේ ජී.එල්.පීරිස්ය.ඔහු සජින් වාස් ගේ ⁣දේශපාලනික පෞරෂය හා බලපෑම අභිමුඛ පඹයෙක් පමනක්ම විය.සජින් වාස් ගුණවර්ධනට සිය මැතිවරණ බල ප්‍රදේශය වූ අම්බලන්ගොඩ පිහිටි නිවසක් තිබුණි.දිනක එහි මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානමය පින්කමක් පැවැත්වුන අතර එදින හමුදාපති සරත් ෆොන්සේකා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පැමිණීමට නියමිතව තිබුණි.

ධර්මා⁣ශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් එම උත්සවය සංවිධානය කර තිබුණේ තම විද්‍යාලීය ආදි ශිෂ්‍යයකු වූ යුද වීරයා පිළිගැනීමටය.හමුදාපතිවරයා

ගේ ආරක්ෂාව සදහා අම්බලන්ගොඩ නගරය හා සම්බන්ධ අතුරු මාවත් සියල්ලම වසා දමා හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව විසින් මාර්ග බාධක යෙදවිනි.මේ අතර සජින් වාස්ගේ නිවසේ පැවැති දානමය පින්කමට සංඝයා වහන්සේ වැඩම කරවීමට ගිය ඔහුගේ පෞද්ගලික ලේකම් කීර්ති ලොකුලියනට මෙම හමුදා මාර්ග බාධක වලින් බාධා පැමිණිනි.කෙසේ වෙතත් එම බාධක මාධ්‍යයයේ සංඝයා වහන්සේලාට දානයට වැඩමකරවීමට සිඳු වූයේ ප්‍රමාද වීමෙනි.මේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය පෞද්ගලික ලේකම් වරයාගෙන් කරුනු විමසූ සජින් වාස්ට යකා ආවේශ විය.ඔහු ඒ මොහොතේම ජනපති මහින්ද රාජපක්ෂට දුරකතන ඇමතුමක් ගෙන මෙසේ පැවසුවේය.

සර් බලන්නකො ….හමුදාපතිය අම්බලන්ගොඩ ඇවිල්ල පාරවල් ඔක්කොම වහල කාටවත් යන්න එන්න දෙන්නෑ.මූට පිස්සුද මන්ද.මගේ ගෙදර දානයට වඩින සාදුලටත් වඩින්න දීල නෑ..”

ඒ ඇමතුම අවසන් කර සජින් වාස් ආසන්නයේ සිටි අයට කීවේ “උගේ හමුදාපතිකම තියෙන්නේ තව දවස් දෙකක් පමනක්” බවය.වාස් ගේ එම අනාවැකිය තිතටම හරි ගියේය. .ජනපතිවරයාගේ නියෝගයෙන් හමුදාපති සරත් ෆොන්සේකා⁣ට හමුදාපතිකම අකමැත්තෙන් වුව අත් හරින්නට සිදු විය.

එතැන් සිට යුද හමුදාව පාලනය වූයේ රාජපක්ෂ වරුන් විසින් කොඳු නාරටිය කඩා දැමූ පිදුරු පඹයන් විසිනි.හමුදාවේ විනය අන්තයටම පිරිහිනි.මේජර් ජනරාල් තනතුරේ සිට විශ්‍රාම යන නිළධාරීන් රාජපක්ෂ ඔඩොක්කු කුක්කන් ලෙස රජයේ විධායක තනතුරු වලට පත් කෙරිණි.හමුදා ඡ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු රාජපක්ෂ වරුන්ගේ වැසිකිලි පවා සේදීමට කැමැත්ත දැක්වූහ.රණවිරු පදක්කම් පපුව මත එල්ලාගෙන ඔවුන් රාජපක්ෂ සට්ටැඹියන් බවට පත් වීම සමාජය බලා සිටියේ අත්පොළසන් නගමිනි.යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් පෙළුන සමාජය සියල්ල වටහා ගත්තේ රට කුල්ල කුජීත වී බඩේ බත් නැති වන විටය.එහෙත් ඒ තේරුම් ගද්දී අශ්වයා ඉස්තා⁣ලයෙන් පැන ගොස් හමාරය.යුද

හමුදාව සිල්ලර විගඩමක් බවට පත් විය.  

වර්තමානය වන විට හමුදාවේ විනය බිමට සමතලා වී අවසන්ය.හමුදාපති විකුම් ලියනගේ පැරණි නාඩගම්වල  විකටයකු බව තහවුරු කරමින් සිටී.යුද හමුදාවේ නීති අංශයේ අධ්‍යක්ෂ වරයා ඊටත් එහාය.ඔහු කර්නල් නමින්ද නල්ලපෙරුමය.යහපාලනය පැවැති අවදියේ මේ හමුදා නිළධාරියා වර්තමාන ජනපතිවරයා සමාන කර ඇත්තේ නපුංසකයෙකු විදියටය.අපේ රටේ සමාජ සංස්කෘතිය තුළ යම් පිරිමියෙකුට අතිශය අපහාසාත්මකව නින්දා කරන විට ⁣නපුංශකයා ,පොන්නයා ,නැතහොත්  පොන්සියා යනුවෙන් බස හැසිරවීම කෙරේ.කර්නල් නමින්ද එවකට මෙරට  අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ පොන්සියකු ලෙස හඳුන්වා මුහුණු පොතෙහි පෝස්ටු පල කර තිබේ.ඒ එකක් දෙකක් නොවේ.දිගින් දිගටම ඔහු වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය හාස්‍යයටත් අපහාසයටත් ලක් කර ඇති බව දැක ගත හැකිය. 

මේ වන විට මෙරට ව්‍යවස්ථානුකූලව සේනා විධායක වන්නේ ජනපති රනිල් වික්‍රමසිංහය.එය එසේ වන්නේ නම් වර්තමානයේ යුද හමුදාවේ නීති අධ්‍යක්ෂ කර්නල් නමින්ද නල්ලපෙරුම ගේ  අණදෙන්නා ඔහුගේම විනිශ්චය අනුව නපුසංකයෙකි.එසේ නම් තමන් හොඳින්ම දන්නා නපුංසකයකු යටතේ සේවය කිරීමට හමුදා නීති අධ්‍යක්ෂවරයාට ලැජ්ජාවක් හිරිකිතයක් නැතුවා වන්නට පුළුවන. නැතිනම් මොහු බඩ රස්සාව ආරක්ෂා කර ගැනීම සදහා සිය ආත්මය පාවා දෙන සුනඛ අසූචි  නිවටයෙක් බව සිතා ගන්නට පුළුවන.සැබෑ පිරිමි පෞරෂයක් තිබේ නම් කර්නල් නමින්ද නල්ලපෙරුම තම නිල ඇඳුම ගලවා ගෙදර යා යුතුය.ඒ ඔහුගේ නිගමනය අනුව මාතෘෘ භූමිය පාවා දුන් නපුංශකයෙකු වන අයෙකු යටතේ සේවය කිරීම ගෞරවාන්විතව ප්‍රතික්⁣ශේප කළ යුතු නිසාය.

එහෙත් කර්නල් නමින්ද නල්ලපෙරුම වැනි අසූචි පනුවකු ගැන තවත් චරිත සහතික ලිවීමට අප වෙහෙසිය යුතු නැත.⁣ඔහු ඒ දිනවල රනිල් වික්‍රමසිංහ ගැන ලියා පල කර තිබුණ ලියවිලි වර්තමානය හා ගලපා ගත් විට ඔහුගේ තරම තක්සේරු කර ගත හැකිය.

මේ කර්නල් නමින්ද නල්ලපෙරුම රනිල් වික්‍රමසිංහ ගේ විරූපී ඡායාරූපයක් මුහුණු පොතෙහි පල කර තිබූ පෝස්ටුවකි.

“……මේකා දවසක කුණු වෙලා මැරෙන්න ඕන.ඒ අපේ මාතෲ භූමියට කළ වින්නැහියට ……”

හමුදාවේ නීති අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන කර්නල් නමින්ද නල්ලපෙරමගෙන් අද අපට අහන්නට ඇත්තේ වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ කුණු වෙලා මැරෙන එක අදටත් වලංගුද නැද්ද කියා පමණය.

මේ කර්නල් වරයා ලියා ඇති පෝස්ටුව ගැන හමුදාපති විකුම් ලියනගේ අදහස කුමක්ද යන්නත් දැනගැනීමට අප කැමතිය.


Spread the love

You may also like