උණුසුම් පුවත් උණුසුම් පුවත්

කංකං බූරු සිංසිඤ්ඤෝරු- අගමැති පිළිපදින්නේ කාගේ නියෝගයද ?

Spread the love

ජනපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති දිනේෂ් ගුණවර්ධන සමග කංකං නෝරු සිං සිංඤේඤෝරු ක්‍රීඩාව අරඹා ඇතැයි වාර්තා වේ.

අපි පුංචි කාලයේ කංකං බූරු සෙල්ලම කර තිබේ.කංකං බූරු සෙල්ලමට කියන දේ අහන අය සිටිය යුතුය .

කංකං බූරු එකෙක් කියයි.

සිං සිංඤ්ඤා්රු අහන පිරිස පිළිතුරු දෙති.

මං කියන දේ අහනවද පළමුවැන්නා අසයි.

ඔව් යැයි පිරිස එකඟ වෙයි.

මෙහිදී මං කියන දේ අහනවද” යන ප්‍රශ්ණයෙන් විමසන්නේ මාගේ නියෝගය  පිළිපදිනවාද යන්නය.

අනතුරුව පළමුවැන්නා නියෝගය දෙයි.ඒ දුවල දුවල ගිහින් පෙන්වන හෝ හඳුන්වන ⁣යමක් ගෙන එන ලෙසය.පිරිස තරඟයට දිව යන්නේ ඒ නියෝගය ඉටු කරන්නය.

කංකං බූරු සෙල්ලම කරන්නේ එහෙමය.

පසුගියදා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සනුහරය අගමැති දිනේෂ් ගූණවර්ධන කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.එ⁣හිදී දිනේෂ් ගුණවර්ධන 

ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කවර පාර්ශවය සමඟද යන්න ගැන සාකච්ඡා කෙරුන බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහට අගමැති දිනේෂ් ගුණවර්ධන හා රාජපක්ෂ පාර්ශවය අතර පැවැති සාකච්ඡාව පිළිබඳව ආරංචි වී ඇත.ඉන් අනතුරුව ජනපතිවරයා සාගල රත්නායකට දැනුම් දී ඇත්තේ තමන් ලංකාවට පැමිණි විගස අග්‍රාමාත්‍යවරයා  හා සාකච්ඡාවක් සූදානම් කරන ලෙසය.

රනිල් හා රාජපක්ෂ පාර්ශවයට අග්‍රාමාත්‍යවරයා ගේ දේශපාලන පාක්ෂිකත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය වී ඇති බව මින් පැහැදිලිය.එහිදී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ජනපති රනිල් වික්‍රමසිංහ සමග දේශපාලනිකව සමීපව කටයුතු කිරීමට වඩාත් කැමැත්තෙන් සිටින බව ලංකා දවසට දැන ගැන්මට ලැබී තිබේ.

මේ කංකං බූරු සෙල්ලම ඇරඹී ඇත්තේ ආණ්ඩුව තුළ  පවතින යටි බිම් ගත අර්බුදය නිසා බව ඉතා පැහැදිලිය.



Spread the love

You may also like