උණුසුම් පුවත් උණුසුම් පුවත්

කම්කරු අමාත්‍යංශ ලේකම් වහාම අත්අඩංගුවට ගන්න -හොරණ මහේස්ත්‍රාත් නියෝග කරයි

Spread the love

හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් හා  කම්කරු අමාත්‍යංශයේ වර්තමාන ලේකම් ආර්.ජී.ඒ.විමලවීර වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කරන්න යැයි හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින් පසුගියදා (24)නියෝග කරන ලදී.එම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන ලද්දේ පොලිස්පතිවරයා මගින් දින 7 ක් ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීම  ක්‍රියාත්මක කරන ලෙසය.

  • හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයන් 05 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාල නඩුව කැඳවීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරන ලදී.මෙම නඩුවට අදාලව අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්ත ශාලා පරීක්ෂකවරයෙකුට බලපෑම් කළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

Spread the love

You may also like